හිටපු අධිකරණ අමාත්ය විජයදාස රාජපක්ෂගේ පුත් රකිත රාජපක්ෂගේ බැංකු ගිණුම් කිහිපයක් අත්හිටුවයි!
එම විමර්ශනයේ කොටසක් ලෙස අදාළ බැංකු ගිණුම් අත්හිටුවීමට අදාළ නිල දැනුම්දීමේ ලිපිය භාරදීම සඳහා අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ දිනයේ දී නාවල පිහිටි රකිත රාජපක්ෂගේ නිවස වෙත ගොස් තිබේ.
LSN Sri Lanka ·

හිටපු අධිකරණ අමාත්ය විජයදාස රාජපක්ෂගේ පුත්රයෙකු වන රකිත රාජපක්ෂට අයත් බැංකු ගිණුම් කිහිපයක් අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
</p>
<p>
අපරාධයකින් උපයාගත් දේපළ පිළිබඳ නීතියේ ප්රතිපාදනවලට අනුව මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.
</p>
<p>
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) මගින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව මෙම පියවර ගෙන ඇත.
</p>
<p>
එම විමර්ශනයේ කොටසක් ලෙස අදාළ බැංකු ගිණුම් අත්හිටුවීමට අදාළ නිල දැනුම්දීමේ ලිපිය භාරදීම සඳහා අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ දිනයේ දී නාවල පිහිටි රකිත රාජපක්ෂගේ නිවස වෙත ගොස් තිබේ.
</p>
<p>
කෙසේවෙතත්, අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන් අදාළ නිවේදනය භාරදීමට යන අවස්ථාවේ දී රකිත රාජපක්ෂ නිවසේ සිට නොමැති බව එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.