හෝමාගම පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුට පොලීසිය තුළදී පහරදීමක් සිදුව ඇති බවට තොරතුරු ලැබී ඇති බව ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති කියයි!
මත්ද්රව්ය සමග අත්අඩංගුවට ගැනීමෙන් පසු මියගිය ඉෂාර හර්ෂ කුමාර නැමැති 29 හැවිරිදි තරුණයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද දින කිරිවත්තුඩුව, ගල්කන්ද පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.
LSN Sri Lanka ·

හෝමාගම පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව රෝහල් ගත කිරීමේදී මියගිය 29 හැවිරිදි සැකකරු සිරමැදිරියට දැමීමට පෙර අපරාධ අංශයේ රඳවා තබාගෙන සිටි කාලය තුළදී ඔහුට පොලීසිය මගින් පහරදීමක් සිදුව ඇති බවට තොරතුරු ලැබෙමින් පවතින බව බස්නාහිර පළාත භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති සංජීව මැදවත්ත පවසයි. අද පැවැති මාධ්ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් දැනට පූර්ණ විමර්ශනයක් සිදුවෙමින් පවතින බවය.

සැකකරු මියයාමට පෙර දින සහ මියගිය දිනය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළ ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති සංජීව මැදවත්ත වැඩිදුරටත් මෙසේ ද පැවසීය:

"මෙම තරුණයා අත්අඩංගුවට පත්වන්නේ 25 වනදා උදෑසන යම් කාලයක. නමුත් මෙම තරුණයා ඊට කලින් දවසේ, ඒ කියන්නේ 24 වනදා රෝහල් ගතවෙලා ඉඳලා තියෙනවා. ඔහු පැවැසුවේ අත්අඩංගුවට ගැනීමට පෙර 'මම බයිසිකලයකින් වැටුණා, ඒ නිසා මාව හොස්පිට්ල් ඇඩ්මිට් වුණා' කියලා.

ඒ වුණත් බයිසිකලයෙන් වැටුණා කියලා හොස්පිට්ල් ඇඩ්මිට් වෙච්ච මෙම තරුණයා පැය කිහිපයක් රෝහල් ගතවෙලා ඉඳලා, ඒ කියන්නේ වෛද්යවරුන්ගේ අවසරයක් නොමැතිව ඔහු රෝහලෙන් පලා ඇවිත් තියෙනවා. නමුත් පසුව අනාවරණය වෙනවා ඔහුව අත්අඩංගුවට පත්වෙන්න ප්රථම අර බයිසිකලයෙන් වැටුණා කියලා කිව්වට සිද්ධ වෙලා තියෙන්නේ, දෙපිරිසක් අතර ආරවුලක් ඇතිවෙලා මෙයාට පහර දීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ පහර දීම මත තමයි රෝහල් ගතවෙලා තියෙන්නේ.

මෙයට අනුව එම සිද්ධියත්, 24 වනදා ඇතිවුණු සිද්ධියත්, ඒ වගේම පොලීසිය, පොලිස් ස්ථානය තුළ ඇතිවුණු සිදුවීම් සම්බන්ධයෙන් මේ වෙනකොට විමර්ශනයක් කරමින් පවතිනවා. පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීමේදී සිදු කළ යුතු සම්පූර්ණ ක්රියාදාමය, ඔහු පොලිස් ස්ථානයට ඉදිරිපත් කිරීම, ප්රශ්න කිරීම, අපේ ලේඛන ලකුණු කිරීම ආදී කිසි දෙයක් නිසි පරිදි සිද්ධ වෙලා නැහැ. ඒක තමයි මේ අපි ඉහළින් දැනුවත්ව ක්රියා කරන්නේ. ඒ සම්බන්ධයෙන් දැන් සම්පූර්ණ විමර්ශනයක් සිදුවෙමින් පවතිනවා."

සැකකරුට සිදුවූ තුවාල සහ මරණයට හේතුව සම්බන්ධයෙන් මාධ්යවේදීන් නැගූ ප්රශ්නවලට පිළිතුරු දෙමින් ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයා මෙසේ ද පැහැදිලි කළේය:

" මේ හෝමාගම සිද්ධියේදී වෛද්ය වාර්තාව තියෙන්නේ ඔහුගේ ඉළඇට තුනක් කැඩිලා තියෙනවා තමයි දැනුම් දීලා තියෙන්නේ. ඊට අමතරව මොළයේ රුධිරය වහනය වීමක් සම්බන්ධයෙන් වෛද්ය වාර්තාවේ සඳහන් වෙනවා, අපිට දැනගන්න තියෙන තොරතුරු අනුව මේ හිසේ තුවාල වීමක් තියෙනවා.“

“ඉතින් මෙතන මට තියෙන ගැටලුව, මේ දවස් දෙකක් ළඟ ළඟ තමයි ඔක්කොම දේවල් වුණේ. 24 සහ 25 මේ සිද්ධි දෙක වුණේ. ගමේ එළියේදී පහරදීම සිදුවුණේ 24 වනදා, පොලීසියේ පහරදීමක් සිදුවුණා නම් සිදුවුණේ 25 වනදා. ඉතින් මේ පැය ගානක් ඇතුළත තමයි මේ සිද්ධි දෙකම සිද්ධ වෙන්නේ. ඉතින් මට කියන්න අපහසුයි මේ පහරදීම කොහොමද වුණේ කියලා.

මොහුගේ මරණයට හේතුව පහරදීමක් කියලා විශ්වාස කරනවා, නමුත් මට ඒක හරියටම කියන්න වෙන්නේ වෛද්ය වාර්තාවලින් ලැබෙන තොරතුරු අනුවයි. ඊළඟ එකම කරුණ තමයි අපි අර සිරමැදිරියට දාන්න ප්රථම ඔහු රඳවා තබා තිබෙනවා යම්කිසි කාලයක් අපරාධ අංශයේ. ඒ තුළදී පහරදීමක් සිදුවූ බවට අපිට තොරතුරු ලැබෙමින් පවතිනවා, තාම ස්ථිර නැහැ. ඒ සම්බන්ධයෙන් තමයි අපි විමර්ශනය කරන්නේ. අපිටත් මේක ගැන ඉදිරියේදී තොරතුරු ලබාදෙන්න පුළුවන්."

පරීක්ෂණ යට ගැහුවෙ පොලිස් නෑකම නිසා ද?

වැඩතහනමට ලක්වූ අපරාධ අංශ ස්ථානාධිපතිවරයාගේ පියා නියෝජ්ය පොලිස්පතිවරයෙකු බැවින් සහ පොලිස්පතිවරයා සමග ඇති සම්බන්ධතාව මත අත්අඩංගුවට ගැනීම් ප්රමාද වූ බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් මාධ්යවේදීන් කළ ප්රශ්න කිරීමට පිළිතුරු දෙමින් සංජීව මැදවත්ත පැවසූයේ, ඔහුගේ පියා විශ්රාමික පොලිස් නිලධාරියෙකු වන අතර නියෝජ්ය පොලිස්පතිවරයෙකු නොවන බවය.

එක දිනක් ඇතුළත අදාළ නිලධාරියාගේ වැඩ තහනම් කර අත්අඩංගුවට ගැනීමට පියවර ගත් බවත්, ඒ සඳහා කිසිදු බලපෑමක් නොතිබූ අතර හැකි ඉක්මනින් ක්රියාමාර්ග ගන්නා ලෙස පොලිස් උසස් නිලධාරීන් උපදෙස් ලබා දුන් බවත් හෙතෙම ප්රකාශ කළේය.

අධිකරණ ක්රියාමාර්ග සහ පරීක්ෂණ

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හෝමාගම පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂක රජිත ගුරුසිංහ අද හෝමාගම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන නොවැම්බර් මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වහාම ක්රියාත්මකවන පරිදි නිලධාරීන් 04 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති අතර, ඊට හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා, මත්ද්රව්ය වැටලීම් අංශයේ උප පොලිස් පරීක්ෂකවරයා සහ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළත් වේ. සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන පවත්වයි.

අවසන් කටයුතු සහ අධිකරණ තහනම් නියෝගය

මත්ද්රව්ය සමග අත්අඩංගුවට ගැනීමෙන් පසු මියගිය ඉෂාර හර්ෂ කුමාර නැමැති 29 හැවිරිදි තරුණයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද දින කිරිවත්තුඩුව, ගල්කන්ද පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.

මෙම අවමංගල්ය කටයුතු පැවැත්වෙන අතරතුර කිසිදු පුද්ගලයෙකුට හිංසාවක් හෝ පීඩාවක් නොවන පරිදි සාමකාමීව එය සිදුකරන ලෙස කහතුඩුව පොලීසිය විසින් කැස්බෑව දිසා අධිකරණයෙන් ලබාගත් නියෝගයක් ද නිකුත් කර තිබුණි.