LSN News › Sri Lanka

රුවන්වැලි සෑය වටා වැටක්: දේශපාලන විසංවාදයෙන් ඔබ්බට ඇති යථාර්ථය!

දිස්ත්‍රික් ලේකම්වරයාගේ සහ වගකිවයුතු නිලධාරීන්ගේ තාක්ෂණික පැහැදිලි කිරීම්වලට අනුව, දැනට පවතින දැල් වැට චෛත්‍යය වටා නොව සමස්ත භූමි පරිශ්‍රය වටා පිහිටා ඇති අතර, එහි පරමාර්ථය වටිනා පුරාවස්තු පද්ධතිය සුරැකීමය. දැනට පවතින කම්බි දැල් වැට වෙනුවට ජීව වැටක් යෝජනා කිරීම මගින් සිදුවන්නේ එම ආරක්ෂාව පරිසර හිතකාමී සහ පූජනීය නගරයේ අලංකාරයට ගැලපෙන ලෙස ශක්තිමත් කිරීම පමණි

LSN Sri Lanka · 29 October 2026

රුවන්වැලි සෑය වටා වැටක්: දේශපාලන විසංවාදයෙන් ඔබ්බට ඇති යථාර්ථය!

අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ රුවන්වැලි මහා සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේ වටා වැටක් ඉදිකිරීම ඇතුළු "ඉන්දීය බලපෑම් හා අවශ්‍යතා" මත මහා විනාශයක් සිදුවන බවට විපක්ෂය සහ ආන්තික මතවාදී කණ්ඩායම් විසින් සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රසිද්ධ දේශපාලන වේදිකාවල ද ගොඩනගමින් සිටින මතවාදය, අද ඔක්තෝබර් 29 පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කේ. ජී. ආර්. විමලසූරිය කළ නිල පැහැදිලි කිරීමත් සමඟ නැවත වරක් සම්පූර්ණයෙන්ම අභියෝගයට ලක්විය.

ව්‍යාපෘතියේ සැබෑ පසුබිම සහ පදනම

2026 පෙබරවාරි 27 වන දින ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරන ලද යාවත්කාලීන අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම යනු, සමස්ත අනුරාධපුර පූජනීය නගරයේ ආරක්ෂාව වෙනුවෙන් 1981 දී සකස් කෙරුණු පැරණි සැලැස්ම වර්තමාන අවශ්‍යතාවලට ගැලපෙන පරිදි යාවත්කාලීන කරන ලද්දකි.

මෙම සංවර්ධන සැලැස්මේ ප්‍රධානතම අරමුණ වන්නේ අටමස්ථානය ඇතුළු අධිසංවේදී කලාපයේ පවතින අතිවිශාල පුරාවිද්‍යාත්මක හා පූජනීය උරුමයන් සුරක්ෂිත කිරීම, අනවසර හා විධිමත් නොවන ඉදිකිරීම් පාලනය කිරීම, පූජා භූමියට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ට සහ දේශීය විදේශීය සංචාරකයින්ට අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, විධිමත් කසළ කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම සහ ප්‍රවේශ මාර්ග විධිමත්ව සංවර්ධනය කිරීමය.

මෙම අතිදැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ 2025 අප්‍රේල් ශ්‍රී ලංකා සංචාරයේදී එළඹි ද්විපාර්ශ්වික එකඟතාවන්ට අනුව රුපියල් බිලියන 7.7ක අනුග්‍රාහක ආධාර අරමුදලක් ලබාදීමට නියමිතව තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක ඔක්තෝබර් 23 වන දින අනුරාධපුර පූජනීය නගරයේ නිරීක්ෂණ සංචාරයක නිරත වෙමින් මෙම සංවර්ධන සැලසුම්වල ප්‍රගතිය සහ ක්‍රියාත්මක කිරීමේ ආකාරය සෘජුවම පරික්ෂා කළේය. එදින රුවන්වැලි මහා සෑ රජුන් වන්දනාමාන කළ ජනාධිපතිවරයා, වැඩබලන අටමස්ථානාධිපති හා රුවන්වැලි චෛත්‍යාරාමාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නායක ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මුණගැසී ආශීර්වාද ලබාගත්තේය.

දේශපාලන විසංවාදය සහ චෝදනාවල ස්වරූපය

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඇතුළු විපක්ෂයේ දේශපාලනඥයින් පිරිසක් චෝදනා කරන්නේ, රජය මගින් නිකුත් කළ ගැසට් නිවේදනය හරහා රුවන්වැලි සෑය "නටබුන්" ගණයෙහි ලා සලකා ඇති බවත්, මහා සෑය වටා වැටක් බැඳ බැතිමතුන්ගෙන් වෙන් කිරීමට තැත් කරන බවත්ය. එමෙන්ම ඉන්දීය ආධාර යටතේ පූජා භූමි පරිශ්‍රය තුළ "රාම කෝවිලක්" ඉදිකිරීමේ යටිකූට්ටු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවට ද විපක්ෂ දේශපාලනය ප්‍රකාශ කළේය.

මීට අමතරව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය "අනුරාධපුරය බෞද්ධයන්ට පමණක් අයිති එකක් නොවේ" යැයි ප්‍රකාශ කළ බවට ව්‍යාජ තොරතුරු ඇතුළත් ප්‍රචාරක පෝස්ටර් සංසරණය විය. යෝජිත වැට ඉදිකිරීම මගින් බැතිමතුන්ගේ වන්දනාමාන කටයුතුවලට දැඩි ප්‍රවේශ බාධා ඇතිවන බවත්, ප්‍රදේශයේ පදිංචිකරුවන් ඉවත් කර පූජා භූමිය වාණිජකරණය කිරීමට යන බවත් දක්වමින් සමාජය තුළ භීතියක් නිර්මාණය කිරීමට විවිධ පාර්ශ්ව උත්සාහ කළහ.

මෙම තත්ත්වය පිළිබඳ අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පෙන්වා දුන්නේ, මේ සියලු ප්‍රචාරයන් පිටුපස සිටින්නේ 22 වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වූ දේශපාලන කණ්ඩායම්ම බවත්, මෙය ආණ්ඩුවේ සංවර්ධන වැඩපිළිවෙළ අඩපණ කිරීමට සංවිධානාත්මකව දියත් කරන ලද අසත්‍ය ප්‍රචාරක ව්‍යාපාරයක් බවත්ය.

දිසාපතිවරයාගේ සහ නිලධාරීන්ගේ පැහැදිලි කිරීම

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කේ. ජී. ආර්. විමලසූරිය අද පැවැති මාධ්‍ය හමුවේදී චෛත්‍ය පරිශ්‍රයේ වැට පිළිබඳව පවතින සැබෑ තත්ත්වය මෙසේ නිශ්චිතව තහවුරු කළේය:

"රුවන්වැලි සෑය වටා දැනටත් දැල් වැටක් ඉදිකර තියෙනවා. එය චෛත්‍යය වටා නෙවෙයි ඉදිකරලා තියෙන්නේ, සමස්ත පරිශ්‍රය වටා. ඒ ආසන්නයේ අතිවිශාල පුරාවස්තු ප්‍රමාණයක් පොළොව මතුපිට සහ යට විසිරී පවතිනවා. අධිසංවේදී කලාපයට අයත් මේ කොටසේ තියෙන පුරාවස්තු සුරක්ෂිතව ආරක්ෂා කර ගැනීමේ එකම අරමුණින් තමයි මේ වැට පවත්වාගෙන යන්නේ. කිසිම ආකාරයකින් චෛත්‍ය රාජයන් වහන්සේ වෙත ළඟා වීමට හෝ වන්දනා කරන්න පැමිණෙන පිරිසට කිසිදු ප්‍රවේශ බාධාවක් මින් සිදුවන්නේ නැහැ. “

“දැනටත් ඇතැම් බැතිමතුන්ගේ නොදැනුවත් ක්‍රියාකාරකම් සහ ගවයන් වැනි සතුන් ගැවසීම නිසා පුරාවස්තු වලට හානි සිදුවීමේ දැඩි අවදානමක් තියෙනවා. ඒ නිසා දැනට පාවිච්චි කරන යකඩ දැල් වැට වෙනුවට වඩාත් පරිසර හිතකාමී ජීව වැටක් ඉදිකර, එම සමස්ත පරිශ්‍රය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් විතරයි මේ සැලසුම සකස් කරලා තියෙන්නේ."

ජාතික භෞතික සැලසුම්කරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රුචිර විතාන ද අදහස් දක්වමින් අවධාරණය කළේ, මෙම ව්‍යාපෘතිය මගින් පූජා භූමියේ පුරාවිද්‍යාත්මක වටිනාකම්වලට හෝ පැමිණෙන බැතිමතුන්ට කිසිදු හානියක් හෝ බාධාවක් සිදු නොවන බවය.

එමෙන්ම පූජා භූමිය තුළ කෝවිල් ඉදිකිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් කිසිදු අවසරයක් ලබාදී නොමැති බවත්, එවැනි කිසිදු සූදානමක් නොමැති බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද මීට පෙර නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

විමර්ශනාත්මක විග්‍රහය

දිස්ත්‍රික් ලේකම්වරයාගේ සහ වගකිවයුතු නිලධාරීන්ගේ තාක්ෂණික පැහැදිලි කිරීම්වලට අනුව, දැනට පවතින දැල් වැට චෛත්‍යය වටා නොව සමස්ත භූමි පරිශ්‍රය වටා පිහිටා ඇති අතර, එහි පරමාර්ථය වටිනා පුරාවස්තු පද්ධතිය සුරැකීමය. දැනට පවතින කම්බි දැල් වැට වෙනුවට ජීව වැටක් යෝජනා කිරීම මගින් සිදුවන්නේ එම ආරක්ෂාව පරිසර හිතකාමී සහ පූජනීය නගරයේ අලංකාරයට ගැලපෙන ලෙස ශක්තිමත් කිරීම පමණි. එයින් බැතිමතුන්ගේ ආගමික වතාවත්වලට කිසිදු බාධාවක් සිදු නොවේ.

විපක්ෂය සහ ආන්තික දේශපාලන කණ්ඩායම් විසින් සංවර්ධන සැලැස්මේ නීතිමය ගැසට් පත්‍රයේ අඩංගු අධිසංවේදී කලාපය, ආරක්ෂක වැට, ස්මාරකය වැනි තාක්ෂණික යෙදුම් හුදෙකලාව උපුටා දක්වමින්, එය "මහා සෑයට කෙරෙන විනාශයක්" ලෙස විකෘති කර පෙන්වීමට දැරූ උත්සාහය, සත්‍යතාවයට වඩා දේශපාලන වාසි තකා සිදුකළ මතවාදී උපායමාර්ගයක් බව මේ වනවිට නිරාවරණය වනු පෙනේ.

විශේෂයෙන්ම අටමස්ථානාධිපති හිමිපාණන් ඇතුළු මහ සංඝරත්නයේ උපදෙස් හා අනුශාසනා පරිදි මෙම සැලසුම් ක්‍රියාත්මක වන බව නිල තොරතුරුවලින් තහවුරු වේ.

අනුරාධපුර පූජනීය නගරය යනු යුනෙස්කෝ ලෝක උරුමයකි. එහි පූජනීය හා පුරාවිද්‍යාත්මක සංරක්ෂණයත්, නූතන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමත් අතර සමබරතාව පවත්වා ගැනීම ඉතා සංවේදී කාර්යයකි.

දේශපාලන විසංවාදයන්ට හසු නොවී ගැසට් නිවේදනයේ සැබෑ අන්තර්ගතය, නිලධාරීන්ගේ පැහැදිලි කිරීම් සහ භූමියේ යථාර්ථය සසඳා බැලීම ජනතාවගේ වගකීමකි. රුවන්වැලි සෑ පරිශ්‍රය වටා ඇති වැට යනු සංස්කෘතික විනාශයක සලකුණක් නොව, පූජනීය උරුමය අනාගත පරපුර උදෙසා සුරක්ෂිත කරන ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් බව මේ වනවිට ප්‍රකාශවන අයුරු දකිමු.

එක කරුණක් පැහැදිලිව කිව යුතුය. ආණ්ඩුව කරනු ලබන්නේ මේ රටේ මිනිස්සු වෙනුවෙනි. ඒ සඳහා දේශපාලනය කරන විට මිනිස්සුන්ගේ බරපතල සංවේදී ඉසවු වෙත ප්‍රවේශ විය යුතු ආකාරය සම්බන්ධව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට දේශපාලන අවබෝධයක් නොතිබේ නම් ඔහු ඇනගන්නේ මීට බොහෝ දිනකට පෙරය.

ඥානසාර වැනි චීවරධාරී මැරයන් වෙනුවෙන් මරාගෙ මැරෙන්නට උසිගන්වන ලද දේශපාලන විකෘතීන් සහ ඔවුන්ව උත්කර්ෂයට නගන්නට කැපවුන මාධ්‍ය ධාරාවන් ඇති වටපිටාවක මෝදි හෝ ට්‍රම්ප් හෝ වෙන ඕනෑම බලවතෙක් වෙනුවෙන් අනුරාධපුර පූජා භූමියට ගොබ්බ ලෙස අත තැබීමට දේශපාලනය ගැන හසරක් දන්නා එකෙක්වත් කටයුතු කරන්නේ නැත. මේ තරම් අසීරුවෙන් ලබා ගත් දේශපාලන ජයග්‍රහණයක් අනවශ්‍ය අමනකම් කර අතපල්ලෙන් අතහැරීමට මාලිමා ආණ්ඩුව සූදානම් වනු ඇතැයි දැනට අපට හිතෙන්නේ නැත.

අඩුම සම්භාවිතාවක් සහිත පසුබිමක හෝ එවැනි ගොබ්බ වැඩක් කරන්නට ගියොත් ඥානසාර භික්ෂුව කීවක් සේ ආණ්ඩුවටත් “අබ සරණම තමයි“ ය.