ශැන්ග්රි-ලා සහ වන් ගෝල්ෆේස් ඉඩම් ගනුදෙනුවේ දූෂණ ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!
2010 දෙසැම්බර් 27 වන දින පිඹුරු ඇඳීම සිදු කර, 28 වන දින ඔප්පු ලියා, 29 වන දින එම ඔප්පුව ලියාපදිංචි කරමින් දින 3ක් වැනි කෙටි කාලයක් තුළ මෙම සියලු කටයුතු අවසන් කර ඇති බවද ඔහු පවසයි.
LSN Sri Lanka ·

කොළඹ ෂැන්ග්රි-ලා සහ වන් ගෝල්ෆේස් ගොඩනැගිලි පිහිටි ඉඩම විකිණීමේ දී සිදුව ඇතැයි පැවසෙන මහ පරිමාණ දූෂණ වංචාවක් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඉල්ලා අල්ලස, දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ගොනු කර තිබේ.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කරමින් පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර පෙන්වා දෙන්නේ, 2010 වසරේ දෙසැම්බර් මාසයේ මහින්ද රාජපක්ෂ රජය සමයේ ජනාධිපති ලේකම්වරයා විසින් රජයේ ඉඩම් ආඥා පනතේ 23(2) වැනි වගන්තිය යටතේ අක්කර 10යි පර්චස් 11කට වැඩි මෙම වටිනා ඉඩම් ප්රමාණය රුපියල් මිලියන 13,749ක මුදලකට ෂැන්ග්රි-ලා ගෝල්ෆේස් ලංකා (ප්රයිවට්) ලිමිටඩ් ආයතනය වෙත විකුණා ඇති බවයි.

2010 දෙසැම්බර් 27 වන දින පිඹුරු ඇඳීම සිදු කර, 28 වන දින ඔප්පු ලියා, 29 වන දින එම ඔප්පුව ලියාපදිංචි කරමින් දින 3ක් වැනි කෙටි කාලයක් තුළ මෙම සියලු කටයුතු අවසන් කර ඇති බවද ඔහු පවසයි.

එමෙන්ම මෙම ගනුදෙනුව සඳහා කිසිදු කැබිනට් අනුමැතියක් ලබාගෙන නොමැති අතර, කිසිදු විනිවිදභාවයකින් තොරව මෙම කටයුත්ත සිදු කර ඇති බව ද ජාමුණි කමන්ත තුෂාර වැඩිදුරටත් සඳහන් කළේය.

රජයේ ඉඩම් ආඥා පනත යටතේ ජනාධිපතිවරයාට හිමි බලතල අවභාවිත කරමින් හිතවතුන් පිරිසකට මෙම ඉඩම විකුණා ඇති බව පෙනී යන බැවින්, නව දූෂණ විරෝධී පනත යටතේ මෙය ඉතා දූෂිත ගනුදෙනුවක් ලෙස සැලකිය හැකි බව පුරවැසි බලය සංවිධානය අවධාරණය කරයි.

එබැවින් මෙම ඉඩම නැවත රජයට පවරාගන්නා ලෙසත්, මෙකී දූෂිත ගනුදෙනුවට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව තදින්ම නීතිය ක්රියාත්මක කරන ලෙසත් එම සංවිධානය අදාළ පැමිණිල්ල මගින් වැඩිදුරටත් ඉල්ලා සිටී.