විශ්වවිද්යාල ආචාර්යවරු අද එක්දින වැඩ වර්ජනයක – දවස තුළ පාගමනක් හා සම්මන්ත්රණයක්!
මෙම ගැටලු සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ සාකච්ඡාවක් ලබා ගැනීමට යැයි ඉල්ලීම් කර තිබුණද මේ දක්වා ධනාත්මක ප්රතිචාරයක් නොලැබීම ගැන සම්මේලනය අප්රසාදය පළ කර ඇත. ගැටලු විසඳීමට රජය අපොහොසත් වුවහොත් වෘත්තීය සමිති ක්රියාමාර්ග තවදුරටත් තීව්ර කිරීමට ද ඔවුන් අනතුරු අඟවා තිබේ.
LSN Sri Lanka ·
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද (ඔක්තෝබර් 30) දිනයේ සමස්ත රාජ්ය විශ්වවිද්යාල පද්ධතිය ආවරණය වන පරිදි එක්දින වැඩ වර්ජනයක් ක්රියාත්මක කිරීමට විශ්වවිද්යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) තීරණය කර තිබේ.

එම සම්මේලනයේ ප්රධාන ලේකම් ජ්යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ පවසා ඇත්තේ, රාජ්ය විශ්වවිද්යාල පද්ධතිය තුළ දීර්ඝ කාලයක් පැවති නොවිසඳුණු ගැටලු මුල් කර ගනිමින් මෙම වෘත්තීය සමිති ක්රියාමාර්ගය ගන්නා බවය. විශ්වවිද්යාල ආචාර්යවරුන්ගේ දැඩි හිඟය, පවතින කාර්ය මණ්ඩලය මත පැටවී ඇති අධික වැඩබර, ප්රමාණවත් භෞතික පහසුකම් හා සම්පත් නොමැතිවීම ඇතුළු කරුණු මේ සඳහා ප්රධාන හේතු වී ඇත.

වැඩ වර්ජනයට සමගාමීව අද පෙරවරුවේ සෞන්දර්ය කලා විශ්වවිද්යාලය අසළින් පාගමනක් සංවිධානය කර ඇති බවත්, කොළඹදී විශේෂ සම්මන්ත්රණයක් පැවැත්වීමට නියමිත බවත් සම්මේලනය දන්වා තිබේ. මෙම ක්රියාමාර්ග මගින් රාජ්ය විශ්වවිද්යාල පද්ධතිය මුහුණ දෙන අභියෝග පිළිබඳව මහජන අවධානය යොමු කර, අදාළ බලධාරීන්ගෙන් කඩිනම් විසඳුම් ලබා ගැනීම අරමුණ වේ.

මීට පෙර සම්මේලනය විසින් ප්රකාශ කර තිබුණේ, විශ්වවිද්යාල පද්ධතියට අවශ්ය ආචාර්යවරුන් සංඛ්යාව 12,000ක් පමණ වුවත් දැනට සේවයේ යෙදී සිටින්නේ 5,000ක් පමණ පමණක් බවය. පේරාදෙණිය විශ්වවිද්යාලයේ පමණක් ආසන්න වශයෙන් 200කට ආසන්න ආචාර්යවරුන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවද වාර්තා විය. මෙයට අමතරව වැටුප් අසමානතා, පර්යේෂණ අරමුදල් අඩුවීම, පන්ති කාමර, රසායනාගාර හා කෑමශාලා ඇතුළු භෞතික යටිතල පහසුකම් හිඟය ද ගැටලු අතරට ඇතුළත් වේ. 2025 වැටුප් සංශෝධනයෙන් පවා ආචාර්යවරුන්ගේ වැටුප් තත්ත්වය තවදුරටත් දුර්වල වී ඇති බව සම්මේලනය පෙන්වා දී තිබේ.

මෙම ගැටලු සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ සාකච්ඡාවක් ලබා ගැනීමට යැයි ඉල්ලීම් කර තිබුණද මේ දක්වා ධනාත්මක ප්රතිචාරයක් නොලැබීම ගැන සම්මේලනය අප්රසාදය පළ කර ඇත. ගැටලු විසඳීමට රජය අපොහොසත් වුවහොත් වෘත්තීය සමිති ක්රියාමාර්ග තවදුරටත් තීව්ර කිරීමට ද ඔවුන් අනතුරු අඟවා තිබේ.

විශ්වවිද්යාල පද්ධතියේ ගුණාත්මකභාවය රැක ගැනීමට හා ආචාර්යවරුන්ට සාධාරණ පහසුකම් ලබා දීමට කඩිනම් පියවර ගත යුතු බව මෙම වැඩ වර්ජනය මගින් අවධාරණය කෙරේ.