පාරිභෝගිකයින් අනාථ කළ ලාෆ් ගෑස් සමාගමට එරෙහිව පාරිභෝගික කටයුතු අධිකාරිය අධිකරණයට...
ලාෆ්ස් (Laugfs) ගෑස් සිලින්ඩරයක සිට ලිට්රෝ (Litro) ගෑස් සිලින්ඩරයකට මාරු වීමේදී සාමාන්ය වෙළෙඳපොළ තත්ත්වය යටතේ සෘජු සිලින්ඩර හුවමාරුවක් සිදු නොවන බැවින්, පාරිභෝගිකයාට සිදු වන්නේ ලිට්රෝ නියෝජිතයෙකු වෙතින් ගෑස් සහිත නව සිලින්ඩර පැකේජයක් (New Package) මිලදී ගැනීමටය. ඒ සඳහා හිස් සිලින්ඩරයේ තැන්පතු මුදල ලෙස රුපියල් 12,000ත් 15,000ත් අතර මුදලක් සහ කිලෝග්රෑම් 12.5ක ගෑස් පිරවුම් ගාස්තුව වන රුපියල් 4,365ක මුදල ඇතුළත්ව සමස්තයක් ලෙස රුපියල් 16,300ත් 19,300ත් අතර පිරිවැයක් දැරීමට සිදු වේ.
LSN Sri Lanka ·

සිය පාරිභෝගිකයන්ගේ අවශ්යතාව සැපිරීම පැහැර හැර දිවයින පුරා දැඩි ගෑස් හිඟයක් ඇති කරමින් ලාෆ් ගෑස් පාරිභෝගිකයන් වෙත අඛණ්ඩව ගෘහස්ථ ගෑස් සැපයුමක් පවත්වාගෙන යාමට අපොහොසත් වීම හේතුවෙන් ලාෆ්ස් ගෑස් (Laugfs Gas PLC) සමාගමට එරෙහිව පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නීතිමය පියවර ගෙන තිබේ.

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ඔක්තෝබර් 29 වැනිදා කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේ අංක 5 අධිකරණය හමුවේ මෙම නඩුව පවරා ඇති අතර, ඊට අදාළව අදාළ සමාගම වෙත අධිකරණය විසින් සිතාසි නිකුත් කරනු ලැබ ඇත. මෙම නඩුව නැවත කැඳවීම ලබන නොවැම්බර් 11 වැනිදා අතිරේක මහේස්ත්රාත් දර්ශිමා ප්රේමරත්න හමුවේ සිදු කිරීමට නියමිතය.

පසුගිය මාස එකත් තුනත් අතර කාලයක සිට ලාෆ්ස් ගෑස් සිලින්ඩර වෙළෙඳපොළෙන් සපයා ගැනීම අතිශය දුෂ්කර වී ඇති බවට පාරිභෝගිකයන්ගෙන් දිගින් දිගටම ලැබුණු පැමිණිලි රැසක් පදනම් කරගනිමින් මෙම නීතිමය පියවර ගෙන ඇත. මේ වන විට පාරිභෝගික සේවා අංශ පවා සඳහන් කරන්නේ ගෑස් සිලින්ඩර තොග නොමැති අතර නව ගෑස් නැව් තොග පැමිණෙන දිනයක් පවා ප්රකාශ කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවය.

සාමාන්යයෙන් ලාෆ්ස් සමාගම මසකට සිලින්ඩර 450,000ක් පමණ අලෙවි කරන අතර, මෙරට ගෘහස්ථ ගෑස් වෙළෙඳපොළෙන් සියයට 15ත් 20ත් අතර ප්රමාණයක සැපයුම තහවුරු කරනු ලබන්නේ මෙම සමාගමය. ඉතිරි සියයට 80ක ප්රමාණය සපයනු ලබන්නේ ලිට්රෝ ගෑස් (Litro Gas) සමාගම විසිනි.

කෙසේ වෙතත්, ලාෆ්ස් ගෑස් කහ පැහැති සිලින්ඩර භාවිත කරන දහස් සංඛ්යාත ගෘහස්ථ පාරිභෝගිකයන්ට දෛනික ආහාර පිසීමේ කටයුතු කරගැනීමට නොහැකි වීමෙන් දැඩි අපහසුතාවකට මුහුණ දීමට සිදු වී ඇත. මෙලෙස වෙනත් විකල්ප වෙත යොමු වීමට සිදුවීම හේතුවෙන් ලිට්රෝ ගෑස් සමාගම වෙත පැමිණෙන ඉල්ලුමද අතිශය ඉහළ ගොස් තිබේ.

මීට පෙර දිනකට මෙට්රික් ටොන් 1,100ක් ලෙස පැවැති ලිට්රෝ ගෑස් දෛනික ඉල්ලුම මේ වන විට මෙට්රික් ටොන් 1,600 දක්වා ඉහළ ගොස් ඇත. පවතින ඉල්ලුමට සපයමින් ලිට්රෝ සමාගම තම දෛනික සැපයුම සිලින්ඩර 74,000 සීමාවේ සිට සිලින්ඩර 90,000–100,000 දක්වා ඉහළ නංවා ඇති අතර, මාසික මුදාහැරීම මෙට්රික් ටොන් 40,000 සීමාවට ආසන්න කර ඇත. ලිට්රෝ සමාගමට අදාළ නව ගෑස් නැව් තොගද මේ වන විට දිවයිනට ළඟා වී හෝ ළඟා වෙමින් පවතී.

පාරිභෝගික කටයුතු අධිකාරියේ අංක 86 දරන නියෝගය ඇතුළු රෙගුලාසිවලට අනුව අඛණ්ඩ ගෑස් සැපයුමක් පවත්වාගෙන යාමේ නීත්යනුකූල වගකීමක් ලාෆ්ස් සමාගම සතුවේ. මීට පෙරද අවස්ථා කිහිපයකදී මෙවැනිම සැපයුම් බිඳවැටීම් සිදු වූ අවස්ථාවලදී රජයේ බලධාරීන් විසින් සමාගමට දැඩි ලෙස අවවාද කර තිබූ අතර, අඛණ්ඩව සැපයුම පවත්වාගෙන යන බවට සමාගම පොරොන්දු වී තිබිණි. කෙසේ වෙතත්, එම පොරොන්දු ඉටු නොවීම නිසා සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස පුරාම පාරිභෝගිකයන්ට පෝලිම්වල ලැගීමටත්, වෙනත් විකල්ප සෙවීමටත් සිදුවිය.

රට තුළ සමස්ත ගෑස් හිඟයක් නොමැති බවත්, ලිට්රෝ සමාගම මගින් එම අඩුව පියවමින් පවතින බවත් රජය ප්රකාශ කළද, ලාෆ්ස් සිලින්ඩර භාවිත කරන පාරිභෝගිකයන්ට සිලින්ඩර හුවමාරු කිරීමේදී පවතින නීතිමය හා ආරක්ෂිත බාධා හේතුවෙන් වෙනත් ගෑස් වර්ගයකට මාරු වීම ලෙහෙසි පහසු නැත. එමගින් සාමාන්ය ජනතාවට අමතර පිරිවැයක් දැරීමට මෙන්ම දැඩි අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවී තිබේ.

ලාෆ්ස් (Laugfs) ගෑස් සිලින්ඩරයක සිට ලිට්රෝ (Litro) ගෑස් සිලින්ඩරයකට මාරු වීමේදී සාමාන්ය වෙළෙඳපොළ තත්ත්වය යටතේ සෘජු සිලින්ඩර හුවමාරුවක් සිදු නොවන බැවින්, පාරිභෝගිකයාට සිදු වන්නේ ලිට්රෝ නියෝජිතයෙකු වෙතින් ගෑස් සහිත නව සිලින්ඩර පැකේජයක් (New Package) මිලදී ගැනීමටය. ඒ සඳහා හිස් සිලින්ඩරයේ තැන්පතු මුදල ලෙස රුපියල් 12,000ත් 15,000ත් අතර මුදලක් සහ කිලෝග්රෑම් 12.5ක ගෑස් පිරවුම් ගාස්තුව වන රුපියල් 4,365ක මුදල ඇතුළත්ව සමස්තයක් ලෙස රුපියල් 16,300ත් 19,300ත් අතර පිරිවැයක් දැරීමට සිදු වේ.

කෙසේ වෙතත්, තම භාරයේ පවතින හිස් ලාෆ්ස් සිලින්ඩරය නැවත ලාෆ්ස් සමාගම වෙත භාරදී තැන්පතු මුදල ලබාගැනීමෙන් හෝ පෞද්ගලිකව අලෙවි කිරීමෙන් රුපියල් 6,000ත් 10,000ත් අතර මුදලක් නැවත ආවරණය කරගැනීමේ හැකියාව පවතී.

අතීතයේ පැවැති දැඩි අර්බුදකාරී අවස්ථාවලදී මෙන් පාරිභෝගික කටයුතු අධිකාරියේ මැදිහත්වීම මත විශේෂ සෘජු හුවමාරු වැඩපිළිවෙළක් ක්රියාත්මක වන්නේ නම් පමණක් මෙම අධික මූල්ය පිරිවැයෙන් තොරව මාරු වීමට අවස්ථාව සැලසෙනු ඇතත් එවැනි වැඩපිළිවෙළක් මේ මොහෝතේ නැත.

මෙලෙස අඛණ්ඩව ගෑස් සැපයීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් පවරා ඇති මෙම නඩුව නොවැම්බර් 11 වැනිදා නැවත කැඳවන අතර, වෙළෙඳපොළට නැවතත් විධිමත් ලෙස ගෑස් සැපයුම ලැබෙන්නේද යන්න පිළිබඳව පාරිභෝගිකයන් දැඩි විමසිල්ලෙන් පසුවේ.