LSN News › Sri Lanka

කොළඹ ජාතික රෝහලේ නේවාසික රෝගීන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් දීමට විශේෂ ආහාර කමිටුවක්!

රෝගීන්ගේ රෝග සුවපත්වීම සඳහා පෝෂ්‍යදායී ආහාර වේලක් අත්‍යවශ්‍ය වන බැවින්, ලබන ජනවාරි 01 වැනිදා සිට නේවාසික රෝගියෙකුට ලබාදෙන ආහාර පිඟාන නියමිත බරින්, පෝෂණ ගුණයෙන් සහ රසවත්ව ලබාදීමට කටයුතු යොදා ඇත.

LSN Sri Lanka · 30 October 2026

කොළඹ ජාතික රෝහලේ නේවාසික රෝගීන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් දීමට විශේෂ ආහාර කමිටුවක්!

කොළඹ ජාතික රෝහලේ නේවාසික රෝගීන්ට පෝෂ්‍යදායී, ගුණාත්මක මෙන්ම රසවත් ආහාර වේලක් ලබාදීමේ අරමුණින් විශේෂ ආහාර කමිටුවක් පිහිටුවිමට පියවර ගෙන තිබේ.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ පෝෂණවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සූපවේදීන් සහ ආහාර සැපයුම්කරුවන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම ආහාර කමිටුව සකස් කරගත් බවය.

කමිටුව පිහිටුවීම වෙනුවෙන් පැවැති සාකච්ඡාවේදී රෝහල් අධ්‍යක්ෂවරයා පෙන්වා දී ඇත්තේ රෝගීන්ගේ ආහාර වේල වෙනුවෙන් රජය විශාල මුදලක් වැය කරන බැවින්, පෝෂණ ගුණයෙන් සපිරි රසවත් ආහාර වේලක් ලබාදීමට සියලු පාර්ශ්ව වගකීමෙන් කටයුතු කළ යුතු බවය.

එමෙන්ම සැපයුම්කරුවන්ගෙන් උසස්ම තත්ත්වයේ පෝෂ්‍යදායී ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමටත්, ඒවා රෝහල වෙත ප්‍රවාහනය කිරීමේදී සිදුවන කවලම් කිරීම්, ගුණාත්මකභාවය වෙනස්වීම්, තැලීම් හෝ පොඩිවීම් වළක්වා ගැනීමටත් පියවර ගත යුතු බව අධ්‍යක්ෂවරයා අවධාරණය කර ඇත. මේ සඳහා ආහාර කමිටුව මගින් පත්කරන සාමාජිකයන්ගේ විශේෂ අධීක්ෂණයක් ක්‍රියාත්මක වන බවද සඳහන් වේ.

රෝගීන්ගේ රෝග සුවපත්වීම සඳහා පෝෂ්‍යදායී ආහාර වේලක් අත්‍යවශ්‍ය වන බැවින්, ලබන ජනවාරි 01 වැනිදා සිට නේවාසික රෝගියෙකුට ලබාදෙන ආහාර පිඟාන නියමිත බරින්, පෝෂණ ගුණයෙන් සහ රසවත්ව ලබාදීමට කටයුතු යොදා ඇත.

රෝහල තුළ මෙතෙක් මෙවැනි සක්‍රීය ආහාර කමිටුවක් නොතිබීම හේතුවෙන් රෝගීන්ට නිසි පෝෂණ ගුණයෙන් යුතු රසවත් ආහාර වේලක් ලබාදීමට බාධා මතුව තිබූ බවත්, මෙම නියාමනය හරහා ඉදිරියේදී එම අඩුපාඩුව සම්පූර්ණයෙන්ම මඟහැරෙනු ඇති බවත් රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් විශ්වාසය පළ කර තිබේ.