දුම්රිය ඇණියෙන් අඩකට ආසන්න ප්රමාණයක් කොට උඩ - විගණනයෙන් හෙළිදරව්වක්!
ලංකා දුම්රිය සේවයේ පවතින සමස්ත එන්ජින් හා බලවේග කට්ටල අතුරින් 101ක්ම වසර 40කට වඩා පැරණි ඒවා බව මෙම වාර්තාව මගින් පෙන්වා දෙයි. ඊට අමතරව, වසර 20ත් 40ත් අතර පැරණි දුම්රිය එන්ජින් 49ක් ද, වසර 10ත් 20ත් අතර පැරණි එන්ජින් 66ක් ද පවතින අතර, වසර 10ට අඩු වයසේ පසුවන දුම්රිය එන්ජින් ප්රමාණය 48කි.
LSN Sri Lanka ·

දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතින මුළු දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල 264න් 123ක්ම ධාවනයට යෙදවීමට නොහැකි අසන්තෘප්ත හා අලුත්වැඩියා මට්ටමක පවතින බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.

එම විගණන වාර්තාවට අනුව, දෙපාර්තමේන්තුව සතු සමස්ත දුම්රිය ඇණියෙන් ඉකුත් 2025 වසරේ දී ධාවනය සඳහා යොදා ගැනීමට හැකි වී ඇත්තේ එන්ජින් සහ බලවේග කට්ටල 141ක් පමණි.

ලංකා දුම්රිය සේවයේ පවතින සමස්ත එන්ජින් හා බලවේග කට්ටල අතුරින් 101ක්ම වසර 40කට වඩා පැරණි ඒවා බව මෙම වාර්තාව මගින් පෙන්වා දෙයි. ඊට අමතරව, වසර 20ත් 40ත් අතර පැරණි දුම්රිය එන්ජින් 49ක් ද, වසර 10ත් 20ත් අතර පැරණි එන්ජින් 66ක් ද පවතින අතර, වසර 10ට අඩු වයසේ පසුවන දුම්රිය එන්ජින් ප්රමාණය 48කි.

මෙම දත්තයන්ට අනුව දුම්රිය දෙපාර්තමේන්තුව සතු මුළු ඇණියෙන් වසර 10ට අඩු නවීන දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල ප්රමාණය සියයට 18ක තරම් අඩු ප්රතිශතයක් ගනී. මෙලෙස යටිතල පහසුකම් පිරිහෙමින් පැවතිය ද, නව දුම්රිය එන්ජින් හෝ බලවේග කට්ටල ලබා ගැනීමට නිසි සැලසුම් සකස් කර නොතිබූ බව විගණන කාර්යාලය පෙන්වා දෙයි.

මෙලෙස අතිශයින්ම පැරණි දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල මත අධික ලෙස යැපීම හේතුවෙන් ඉදිරියේ දී මහජනතාවට අඛණ්ඩව දුම්රිය සේවාව සැපයීමට ඇති දැඩි අවදානම සම්බන්ධයෙන් නිසි තක්සේරුවක් සිදු කර නොමැති බව ද විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව විගණනයට ප්රකාශ කර ඇත්තේ, අත්යවශ්ය නඩත්තු කටයුතු වෙනුවෙන් නව දුම්රිය එන්ජින් කිහිපයක් ධාවනයෙන් ඉවත් කර ඇති බවත්, ඉදිරියේ දී එම එන්ජින් නඩත්තු කර ධාවනයට එකතු වන ප්රමාණය වැඩි කර ගැනීමට පියවර ගන්නා බවත් ය.