LSN News › Sri Lanka

1999 අංක 46 දරන ප්‍රජා පාදක විශෝධන පනත සංශෝධනය කෙරේ!

නැවත නැවතත් අපරාධ සිදු කරනු ලබන වැරදිකරුවන් සම්බන්ධයෙන් වඩාත් ඵලදායි සහ කාර්යක්ෂම ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි අදාළ විධිවිධාන යාවත්කාලීන කරමින් 1999 අංක 46 දරන ප්‍රජා පාදක විශෝධන පනත සංශෝධනය කිරීම සඳහා 2025 අප්‍රේල් 07 වන දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබිණි.

LSN Sri Lanka · 1 September 2026

</p>

<p></p>

<p>

එම අනුමැතියට අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය දැනට ලැබී ඇත.

</p>

<p></p>

<p>

ඒ අනුව, ප්‍රජා පාදක විශෝධන (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය ලබාගැනීම පිණිස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.