ශිරන්ති කොළඹ ජාතික රෝහලේ දි බයිපාස් සැත්කමකට සූදානම් කරනවලු... කරුණු සොයා බලා අධිකරණය තහවුරු කරගන්නා තුරු නඩුව පස්වරු 2.00 දක්වා කල් යයි!
ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, ඇය මේ වන විට කොළඹ ජාතික රෝහලේදී විවෘත හෘද සැත්කමකට භාජනය කිරීමට සූදානම් කරමින් ඇති බැවය. එය සුවිශේෂී කරුණක් සේ සලකා ඇයට ඇප නියම කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
LSN Sri Lanka ·

හිටපු ජනාධිපති බිරිය ශිරන්ති රාජපක්ෂ කොළඹ ජාතික රෝහලේ විවෘත හදවත් සැත්කමකට සූදානම් කරමින් සිටින බව අද ඇයගේ පාර්ශවයේ නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්හ.
</p>
<p>
රාජ්‍ය බැංකුවකින් රුපියල් ලක්ෂ 100ක මුදලක් ලබාගෙන සාපරාධී පරිහරණයෙන් දූෂණය හා පොදු දේපළ පනත යටතේ වැරදි සිදුකළ බවට චෝදනා නගමින් ශිරන්ති රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝධරගම ඉදිරියේ අද කැඳවනු ලැබූ අවස්ථාවේ දී මේ බව අනාවරණය විය.
</p>
<p>
එහිදී ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, ඇය මේ වන විට කොළඹ ජාතික රෝහලේදී විවෘත හෘද සැත්කමකට භාජනය කිරීමට සූදානම් කරමින් ඇති බැවය. එය සුවිශේෂී කරුණක් සේ සලකා ඇයට ඇප නියම කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
</p>
<p>
මෙහිදී අල්ලස් කොමිස වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් එවැනි කරුණක් සම්බන්ධයෙන් පැමිණිල්ල දැනුවත් වී නොමැති බව අධිකරණයට පැවසුවේය.
</p>
<p>
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේ, රක්ෂිත බන්ධනාගාරගතව දැනට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ශිරන්ති රාජපක්ෂ විවෘත හෘද සැත්කමකට භාජනය වෙමින් සිටින්නේද යන්න වාර්තා කරන ලෙසය. අනතුරුව නඩු කරය පස්වරු 2.00ට යළි කැඳවීමට නියම කළේය