LSN News › Sri Lanka

ජනාධිපති අරමුදලෙන් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීම - 2 අදියර රුහුණු විශ්වවිද්‍යාලයේ දී!

නොමිලේ ඇස් පරීක්ෂා කිරීම මෙහිදී සිදු කෙරෙන අතර Stroud Rotary Club සහ Wish පදනමේ දායකත්වය ලබා ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

LSN Sri Lanka · 7 October 2026

ජනාධිපති අරමුදලෙන් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීම - 2 අදියර  රුහුණු විශ්වවිද්‍යාලයේ දී!

ජනාධිපති අරමුදලෙන් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහනේ දෙවන අදියර ඔක්තෝබර් 10වෙනි සෙනසුරාදා දිනය පුරා රුහුණු විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වේ.

</p>

<p>

නොමිලේ ඇස් පරීක්ෂා කිරීම මෙහිදී සිදු කෙරෙන අතර Stroud Rotary Club සහ Wish පදනමේ දායකත්වය ලබා ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

</p>

<p>

එමෙන්ම, මෙම වැඩසටහනේ පළමු අදියර පසුගියදා රජරට විශ්වවිද්‍යාලයේදි පැවැත්වුණු අතර එහිදී ඇස් පරික්ෂාවට ලක් වූ සිසුන් 316ක් වෙනුවෙන් ඇස් කණ්ණාඩි ප්‍රදානය කිරීම ඔක්තෝබර් 17වෙනිදා එම විශ්වවිද්‍යාලයේදී සිදු කිරීමට නියමිතය.