අතුරුගිරිය මෙට්රෝ බස් නැවතුම්පොළ ඉඩම් ආරවුල: කඩුවෙල මහේස්ත්රාත් අධිකරණයේ විභාගය නොවැම්බර් 2 දක්වා කල් තැබේ!
ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අසිත නිරෝෂණ, කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති රංජන් ජයලාල් සහ මෙට්රෝ ට්රාන්සිට් පෞද්ගලික සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයට එරෙහිව නිකුත් කර තිබූ නොතීසිවලට අදාළව මෙම නඩුව විභාග විය.
LSN Sri Lanka ·

අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණය ආසන්නයේ පිහිටි පර්චස් 100ක පමණ පෞද්ගලික ඉඩමක් මෙට්රෝ බස් නැවතුම්පොළක් ස්ථාපිත කිරීම සඳහා බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති බවට චෝදනා කරමින් ගොනු කර තිබූ නඩුව අද (19) කඩුවෙල මහේස්ත්රාත් අධිකරණයේදී විභාගයට ගැනුණි. මහේස්ත්රාත් අරුණ ඉන්ද්රජිත් බුද්ධදාස ඉදිරියේ පැවැති මෙම විභාගයේදී නඩුව නොවැම්බර් 2 වැනිදා දක්වා කල් තැබීමට නියෝග කෙරිණි.

ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අසිත නිරෝෂණ, කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති රංජන් ජයලාල් සහ මෙට්රෝ ට්රාන්සිට් පෞද්ගලික සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයට එරෙහිව නිකුත් කර තිබූ නොතීසිවලට අදාළව මෙම නඩුව විභාග විය. නඩු විභාගය සඳහා මෙට්රෝ ට්රාන්සිට් සමාගමේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන්, පාර්ලිමේන්තු මන්ත්රී අසිත නිරෝෂණ සහ කඩුවෙල මහ නගර සභාව නියෝජනය කරමින් නීතිඥවරුන් පෙනී සිටියහ.

මෙට්රෝ ට්රාන්සිට් සමාගම නඩුවෙන් මුදාහරින ලෙස ඉල්ලයි

මෙට්රෝ ට්රාන්සිට් පෞද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට දැනුම් දුන්නේ, අදාළ ඉඩම කඩුවෙල මහ නගර සභාව විසින් සමාගම වෙත නිර්දේශ කරන ලද ඉඩමක් බැවින් එහි හිමිකාරීත්වය පිළිබඳව සොයා නොබැලූ බවය. එහි වගකීම කඩුවෙල මහ නගර සභාව සතු බැවින් අදාළ නඩුවෙන් සිය සමාගම මුදාහරින ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එමෙන්ම, සිය සමාගමට අයත් මෙට්රෝ බස් රථ අදාළ ඉඩමේ නවතා තැබීම නොකරන බව ද අධිකරණයට දැනුම් දී තිබේ.

එම ඉල්ලීමට පැමිණිලි පාර්ශ්වයෙන් විරෝධතාවක් එල්ල නොවූ අතර, පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් දිවුරුම් ප්රකාශ ලබාගැනීමෙන් අනතුරුව මෙට්රෝ ට්රාන්සිට් පෞද්ගලික සමාගම නඩුවෙන් ඉවත් කිරීමට විරෝධයක් නොමැති බවය.

සමථය සහ කල් තැබීම

මේ අතර, නඩුව සමථයකට පත්කර ගැනීමට දෙපාර්ශ්වය කැමැත්තක් දක්වන්නේදැයි මහේස්ත්රාත් අරුණ ඉන්ද්රජිත් බුද්ධදාස විමසා සිටියේය. එහිදී පාර්ලිමේන්තු මන්ත්රී අසිත නිරෝෂණ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නේ, පැමිණිලි පාර්ශ්වය විසින් ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් තමන් අධ්යයනය කර ඇති බවත්, අදාළ කරුණු තවදුරටත් අධ්යයනය කිරීමෙන් පසු ඒ පිළිබඳව තීරණයක් දැනුම් දිය හැකි බවත්ය.

ඒ අනුව, අදාළ ලිපිගොනු විවෘත අධිකරණයේදීම විත්තිකාර පාර්ශ්වය වෙත ලබාදීමට පැමිණිලි පාර්ශ්වය කටයුතු කර තිබේ. අදාළ නඩුව සම්බන්ධයෙන් ඉදිරි තීරණය දැනුම් දීම සඳහා එය නොවැම්බර් 2 වැනිදා දක්වා කල් තැබීමට මහේස්ත්රාත්වරයා නියෝග කළේය.

ආරවුලේ පසුබිම

මෙම ආරවුල ඇතිවූයේ පසුගිය සැප්තැම්බර් 26-27 අතර කාලයේදී අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයට අයත් බව කියන පර්චස් 100ක පමණ භූමියක් පිරිසිදු කර මෙට්රෝ බස් නැවතුම්පොළක් සකස් කිරීමෙන් පසුවය. සැප්තැම්බර් 29 වැනිදා මෙම නැවතුම්පොළ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී අසිත නිරෝෂණ සහ කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් ගේ ප්රධානත්වයෙන් විවෘත කර තිබිණි.

මිලේනියම් හවුසිං ඩිවෙලොපර්ස් පීඑල්සී (Millennium Housing Developers PLC) සමාගමේ අනුබද්ධිත මිලේනියම් හවුසිං ලිමිටඩ් සමාගම පවසන්නේ, අදාළ ඉඩම (අංක 23, කඩුවෙල පාර, ඔරුවල, අතුරුගිරිය – පිඹුර අංක 6534, කැබලි අංක 23) තමන් සතු පෞද්ගලික දේපළක් බවය. සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වන අතර, නවලෝක සමූහය මෙහි ප්රධාන පාලන කොටස් හිමිකරුවන් වේ. ආයෝජන මණ්ඩලයෙන් අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී මෙම ඉඩම මෙට්රෝ බස් නැවතුමක් සඳහා භාවිතයට ලබාගැනීම පිළිබඳ ඉල්ලීම් ලැබුණත්, සමාගම ඊට කැමැත්ත දක්වා නොමැති බව ඔවුන් පවසා ඇත.

සමාගම තවදුරටත් සඳහන් කරන්නේ, සැප්තැම්බර් 27 දින පමණ අනවසරයෙන් ඉඩමට ඇතුළු වී මායිම් වැට සහ ගේට්ටු හානි කර ඇති බවත්, නීතිමය ක්රියාමාර්ග අනුගමනය නොකර පෞද්ගලික දේපළක් අත්පත් කරගැනීම නීතිවිරෝධී බවත්ය. ඊට අදාළව අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර, පසුව මන්ත්රී අසිත නිරෝෂණ සහ නගරාධිපති රංජන් ජයලාල් පොලිසියට කැඳවා ප්රකාශ ලබාගෙන තිබේ.

මෙම නඩුව මගින් පෞද්ගලික දේපළ හිමිකම්, පළාත් පාලන ආයතන සහ මෙට්රෝ බස් ව්යාපෘතිය අතර නීතිමය සීමාවන් පිළිබඳව අවධානය යොමු වී ඇත.
නොවැම්බර් 2 වැනිදා නැවත අධිකරණයේදී මෙම නඩුව විභාගයට ගැනීමට නියමිතය.