LSN News › Sri Lanka

දූෂණ විරෝධී පනතේ 2/3 බලය යටතේ ඕනෑ වගන්ති ෙ සම්මත කරනවා: ජනමත විචාරණයකට යන්නේ නෑ - රජය ස්ථාවරය කියයි

ජනමත විචාරණයකට යෑමට රජය අදහස් නොකරන බැවින්, ජනමත විචාරණයක් අවශ්‍ය වන වගන්ති සංශෝධනය කරමින් හෝ ඉවත් කරමින්, විශේෂ වැඩිඡන්දයෙන් සම්මත කළ යුතු කොටස් තුනෙන් දෙකේ බලයෙන් සම්මත කරගැනීමට රජය ඉදිරියේදී කටයුතු කරනු ඇත.

LSN Sri Lanka · 29 September 2026

දූෂණ විරෝධී පනතේ 2/3 බලය යටතේ  ඕනෑ වගන්ති ෙ සම්මත කරනවා: ජනමත විචාරණයකට යන්නේ නෑ - රජය ස්ථාවරය කියයි

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ලබා දී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාරව, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ විශේෂ වැඩිඡන්දයෙන් සම්මත කරගත යුතු බවට තීරණය කර ඇති වගන්ති එම තුනෙන් දෙකේ බලය ලබා ගනිමින් සම්මත කරගැනීමට කටයුතු කරන බව රජය සඳහන් කරයි.

එමෙන්ම, අදාළ පනත් කෙටුම්පත සම්මත කරගැනීම සඳහා ජනමත විචාරණයකට යෑමට රජය අදහස් නොකරන බවද රජයේ නිල ස්ථාවරය ප්‍රකාශයට පත් කරමින් දන්වා සිටී.

අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ බව තහවුරු කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වගන්තිය ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් වූ 'දූෂණ විරෝධී සංශෝධන' නමැති පනත් කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති සම්පූර්ණ තීන්දුවේ විස්තර පහත පරිදි වේ:

3, 4, 6(2) සහ 6(5) වගන්ති: මෙම වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි නොවන බැවින් පාර්ලිමේන්තුවේ සාමාන්‍ය වැඩිඡන්දයෙන් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

6(7) වගන්තිය: අදාළ වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියට සහ 14(1)(අ) වගන්තියට පටහැණි වන අතර, එය වලංගු ලෙස සම්මත කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) වගන්තියේ විධිවිධාන සලසා ඇති විශේෂ වැඩිඡන්දයෙන් (තුනෙන් දෙකේ බලයෙන්) පමණි.

7 වැනි වගන්තිය: මෙම වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියට පටහැණි වේ. එබැවින් 80(1) වගන්තිය අහෝසි කිරීමට යෝජිත සංශෝධනය ඉවත් කරගත යුතු වේ. යම් හෙයකින් 7 වැනි වගන්තිය දැනට පවතින අයුරින්ම ඉදිරියට ගෙන යන්නේ නම්, එය වලංගු ලෙස සම්මත කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80(2)(5) වගන්තිය සමඟ කියවිය යුතු 84(2) වගන්තිය මගින් නියම කර ඇති විශේෂ වැඩිඡන්දයෙන් පමණි.

11(1) වගන්තිය (88(1)(එෆ්) වගන්තිය යෝජනා කරන): ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) හෝ 14ඒ(1) වගන්තිවලට පටහැණි නොවන අතර පාර්ලිමේන්තුවේ සාමාන්‍ය වැඩිඡන්දයෙන් සම්මත කළ හැක.

11(2) වගන්තිය (කාරක සභා අවස්ථාවේදී සංශෝධනය කිරීමට යෝජිත): ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10, 12(1), 14(1)(අ) හෝ 14ඒ යන වගන්තිවලට පටහැණි නොවන බැවින් පාර්ලිමේන්තුවේ සාමාන්‍ය වැඩිඡන්දයෙන් සම්මත කළ හැක.

17 වැනි වගන්තිය: මෙම වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තිය සමඟ කියවිය යුතු 4(සි) වගන්තියට පටහැණි වන අතර, 13(2) වගන්තිය මගින් ද එම නිගමනය තවදුරටත් තහවුරු කරයි. ඒ අනුව, 17 වැනි වගන්තිය දැනට පවතින ආකෘතියෙන් නීතියක් බවට පත්විය හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) වගන්තිය යටතේ අවශ්‍ය වන විශේෂ වැඩිඡන්දයෙන් සම්මත වී, 83 වැනි වගන්තියේ ප්‍රකාරව ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කළහොත් පමණි.

ජනමත විචාරණයකට යෑමට රජය අදහස් නොකරන බැවින්, ජනමත විචාරණයක් අවශ්‍ය වන වගන්ති සංශෝධනය කරමින් හෝ ඉවත් කරමින්, විශේෂ වැඩිඡන්දයෙන් සම්මත කළ යුතු කොටස් තුනෙන් දෙකේ බලයෙන් සම්මත කරගැනීමට රජය ඉදිරියේදී කටයුතු කරනු ඇත.