LSN News › Sri Lanka

වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයට තවත් රුපියල් මිලියන 2,500ක අතිරේක අරමුදල්

අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, මන්නාරම සහ මුලතිව් යන දිස්ත්‍රික්කවල මෙන්ම මහවැලි B, C හා H කලාපවල වී අස්වනු නෙළීමේ කටයුතු තවමත් අවසන් වී නොමැති බව නිරීක්ෂණය වී තිබේ. ඒ හේතුවෙන් එම ප්‍රදේශවල වී මිල දී ගැනීමේ කටයුතු සූදානම් කරගෙන යාම සඳහා දැනට වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව හඳුනාගෙන ඇත.

LSN Sri Lanka · 15 September 2026

වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයට තවත් රුපියල් මිලියන 2,500ක අතිරේක අරමුදල්

2026 යල කන්නයේ වී මිල දී ගැනීමේ වැඩසටහන සක්‍රියව ක්‍රියාත්මක කිරීම සඳහා වී අලෙවි මණ්ඩලයට තවත් රුපියල් මිලියන 2,500ක අතිරේක අරමුදල් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

</p>

<p>

2026 වර්ෂයේ යල කන්නයේ වී මිල දී ගැනීමේ වැඩසටහන වෙනුවෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ වෙන් කර තිබූ ප්‍රතිපාදන අතුරින් රුපියල් මිලියන 6,000 ක මුදලක් මීට පෙර වී අලෙවි මණ්ඩලය වෙත ලබා දී ඇත. එම මුදල් යොදා ගනිමින් වී අලෙවි මණ්ඩලය විසින් මේ වන විටත් වී මිල දී ගැනීමේ කටයුතු සිදු කරමින් පවතිනු ලබයි.

</p>

<p>

කෙසේ වෙතත්, අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, මන්නාරම සහ මුලතිව් යන දිස්ත්‍රික්කවල මෙන්ම මහවැලි B, C හා H කලාපවල වී අස්වනු නෙළීමේ කටයුතු තවමත් අවසන් වී නොමැති බව නිරීක්ෂණය වී තිබේ. ඒ හේතුවෙන් එම ප්‍රදේශවල වී මිල දී ගැනීමේ කටයුතු සූදානම් කරගෙන යාම සඳහා දැනට වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව හඳුනාගෙන ඇත.

</p>

<p>

මෙම තත්ත්වය සලකා බලමින්, 2026 යල කන්නයේ වී අස්වනු මිල දී ගැනීමේ කඩිනම් වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය වෙත ලබා දී ඇති රුපියල් මිලියන 7,500ක අමතර ප්‍රතිපාදන අතුරින් තවත් රුපියල් මිලියන 2,500ක මුදලක් ප්‍රතිපූරණය කිරීමේ පදනම මත වී අලෙවි මණ්ඩලය වෙත ලබා දීමට තීරණය කර ඇත.

</p>

<p>

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.