LSN News › Sri Lanka

තංගල්ලේ නිවසක සඟවා තිබූ හෙරොයින් කිලෝ 2යි ග්‍රෑම් 800ක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට!

අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සහ ඒ සම්බන්ධව තොරතුරු ලබා ගත් 18 හැවිරිදි සැකකාර තරුණයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තංගල්ල මූලස්ථාන පොලිසිය වෙත භාර දී ඇත. තංගල්ල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිපුන දෙහිගමගේ උපදෙස් පරිදි මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

LSN Sri Lanka · 27 September 2026

තංගල්ලේ නිවසක සඟවා තිබූ හෙරොයින් කිලෝ 2යි ග්‍රෑම් 800ක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට!

තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 800ක ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු පෑලියගොඩ උතුර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ බෙලිඅත්ත, පළපොත ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි වියේ පසුවන තරුණයෙකි.

කතාව පෙළ ගැසෙන්නේ මෙසේය. මත්ද්‍රව්‍ය ජාලයකට ඇති සම්බන්ධකම් මත කොළඹ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවෙකුගෙන් පෑලියගොඩ උතුර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ප්‍රශ්නකරමින් සිට ඇත. එම ප්‍රශ්න කිරීමවලදී ලත් තොරතුරකට අනුව, ඊයේ ( 26 ) තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේදී 18 හැවිරිදි තරුණයෙක් හෙරොයින් මත්ද්‍රව්‍ය සමග අත් අඩංගුවට ගෙන තිබිණි. අදාළ සැකකරු ස්කිපර්වරයෙකු (බෝට්ටු පැදවුම්කරුවෙකු) ලෙස කටයුතු කරන අයෙකු බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී, ඔහුගේ 29 හැවිරිදි වැඩිමහල් සහෝදරයා විසින් නිවසේ සඟවා තබා ඇති තවත් හෙරොයින් තොගයක් පිළිබඳ තොරතුරු හෙළි වී ඇත.

ඒ අනුව, වහා ක්‍රියාත්මක වූ පෑලියගොඩ උතුර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් බෙලිඅත්ත, පළපොත ප්‍රදේශයේ පිහිටි අදාළ නිවස පරික්ෂාවට ලක්කර තිබේ. එහිදී ජාවාරම් කටයුතු සඳහා සූදානම් කර තිබූ මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 800ක ප්‍රමාණය සොයා ගැනීමට නිලධාරීන් සමත්ව ඇත.

පොලිස් වැටලීම සිදුවන අවස්ථාව වන විටත් අදාළ නිවසේ හිමිකරු වන 29 හැවිරිදි වැඩිමහල් සහෝදරයා ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන තීව්‍ර කර තිබේ.

අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සහ ඒ සම්බන්ධව තොරතුරු ලබා ගත් 18 හැවිරිදි සැකකාර තරුණයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තංගල්ල මූලස්ථාන පොලිසිය වෙත භාර දී ඇත. තංගල්ල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිපුන දෙහිගමගේ උපදෙස් පරිදි මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

අත්අඩංගුවට පත් සැකකරු තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.