අධ්‍යාපන විද්‍යාපීඨවල අධ්‍යාපනය ලබන ගුරු සිසුන්ගේ දීමනාව රුපියල් 20,000 දක්වා ඉහළට – අධ්‍යාපන ක්ෂේත්රයට අයවැයෙන් සුවිශේෂී සහන රැසක්!
2027 වසරේ අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි මෙම දීමනා වැඩි කිරීම සිදු කෙරෙන බව අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පැවසුවේය. රුපියල් 10,500ක දීමනාව ඔවුන්ට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් ගුරු පුහුණු කාලය තුළ ලබා දෙන මෙම මූල්‍ය සහයෝගය තුළින්, අනාගත අධ්‍යාපන ක්රමයේ වගකීම් භාර ගැනීම සඳහා ඔවුන් වඩාත් හොඳින් සූදානම් කිරීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා කීවේය.
LSN Sri Lanka ·

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල අධ්‍යාපනය ලබන ගුරු සිසුන් සඳහා දැනට ලබා දෙන මාසික දීමනාව රුපියල් 10,500 සිට රුපියල් 20,000 දක්වා වැඩි කිරීමට 2027 අයවැය මගින් යෝජනා කර තිබේ.

2027 වසරේ අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි මෙම දීමනා වැඩි කිරීම සිදු කෙරෙන බව අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පැවසුවේය. මෑතකදී නිල්වල ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ කළ නිරීක්ෂණ චාරිකාවකදී ගුරු සිසුන් මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව සියැසින් දුටු බවත්, රුපියල් 10,500ක දීමනාව ඔවුන්ට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ගුරු පුහුණු කාලය තුළ ලබා දෙන මෙම මූල්‍ය සහයෝගය තුළින්, අනාගත අධ්‍යාපන ක්රමයේ වගකීම් භාර ගැනීම සඳහා ඔවුන් වඩාත් හොඳින් සූදානම් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා කීවේය.

පිරිවෙන් සහ දහම් පාසල් දීමනා ඉහළ නැංවීම

මීට අමතරව, පිරිවෙන්වල අධ්‍යාපනය ලබන භික්ෂු සිසුන් සඳහා ලබා දෙන දෛනික දීමනාව රුපියල් 15 සිට රුපියල් 50 දක්වා ද, ගිහි සිසුන් සඳහා ලබා දෙන දෛනික දීමනාව රුපියල් 5 සිට රුපියල් 25 දක්වා ද 2027 අප්‍රේල් මස සිට වැඩි කිරීමට යෝජනා වී තිබේ.

එමෙන්ම, දහම් පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය රැක ගැනීම වෙනුවෙන් ස්වේච්ඡාවෙන් දායක වන දහම් පාසල් ගුරුවරුන් සඳහා දැනට ගෙවනු ලබන රුපියල් 7,500ක වාර්ෂික දීමනාව, 2027 වසරේ සිට රුපියල් 5,000කින් වැඩි කර රුපියල් 12,500ක් දක්වා ඉහළ නැංවීමට ද නියමිතය.

පාසල් නිල ඇඳුම් සහ ඩිජිටල් පරිවර්තනය

චීන රජය විසින් පරිත්‍යාගයක් ලෙස ලබා දෙන පාසල් නිල ඇඳුම් ඉදිරි වසර කිහිපය සඳහා ද එලෙසම ලබා දීමට චීන රජය එකඟතාව පළ කර ඇති බවත්, ඒ වෙනුවෙන් රජයේ ස්තූතිය පිරිනමන බවත් මෙහිදී සඳහන් විය.

පාසල් අධ්‍යාපනයේ ඩිජිටල් පරිවර්තන වැඩසටහන යටතේ සියලුම ද්විතීයික පාසල් වෙත විශ්වාසදායක අන්තර්ජාල සබඳතා ලබා දීම ඉලක්ක කර ඇත. මේ වන විට පාසල් 6,225කට අන්තර්ජාල පහසුකම් ලබා දී ඇති අතර, ඉතිරි පාසල් 850ට කඩිනමින් එම පහසුකම් ලබා දීමටත්, ලබන වසරේ සිට ප්‍රාථමික පාසල් 4,000ක් සඳහා ද විශ්වාසනීය අන්තර්ජාල සබඳතා ලබා දීමටත් සැලසුම් කර තිබේ.

පරිගණක, ස්මාර්ට් පුවරු (Smart Boards) ඇතුළු උපකරණ ලබා දීම, ආබාධිත සිසුන් සඳහා ප්‍රවේශ විය හැකි ඩිජිටල් ඉගෙනුම් පහසුකම් සැපයීම සහ ගුරුවරුන්ගේ ඩිජිටල් සාක්ෂරතාව ඉහළ නැංවීම ඇතුළු වසර පහක ඩිජිටල් පරිවර්තන වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 96,500ක ඇස්තමේන්තුවක් සකස් කර ඇත. ඒ වෙනුවෙන් මේ වසරේ වෙන් කර තිබූ රුපියල් මිලියන 4,000ට අමතරව තවත් රුපියල් මිලියන 3,000ක් වෙන් කරමින් සමස්ත ප්රතිපාදනය රුපියල් මිලියන 7,000ක් දක්වා ඉහළ නංවා තිබේ.

2027 වසරේ ඩිජිටල්කරණය, ගුරු ධාරිතා සංවර්ධනය, ගුරු විද්‍යාල, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ, පාසල් ගොඩනැගිලි, විද්‍යාගාර සහ ගුරු නේවාසිකාගාර නවීකරණය ඇතුළු පාසල් අධ්‍යාපන යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 35,000ක් වෙන් කර ඇත.