LSN News › Sri Lanka

දිනකට ආර්ථික මධ්‍යස්ථානවලින් එළවළු හා පලතුරු මෙට්‍රික් ටොන් 20,000ක් ඉවතට!

ආහාරවල ගුණාත්මකභාවය එලෙසම රඳවා ගනිමින් විජලනය කරන ලද එළවළු හා පලතුරු විදේශ වෙළෙඳපොළට අපනයනය කිරීමට සුවිශේෂී හැකියාවක් පවතිද්දීත්, බලධාරීන් ඒ කෙරෙහි අවධානය යොමු නොකිරීම රටක අවාසනාවක් බව ගොවි ජන එකමුතුව පෙන්වා දෙයි

LSN Sri Lanka · 17 November 2026

දිනකට ආර්ථික මධ්‍යස්ථානවලින්  එළවළු හා පලතුරු මෙට්‍රික් ටොන් 20,000ක් ඉවතට!

ශ්‍රී ලංකාවේ ආර්ථික මධ්‍යස්ථානයන්ගෙන් දිනකට මෙට්‍රික් ටොන් 20,000ක් පමණ එළවළු හා පලතුරු ප්‍රයෝජනයට නොගෙන ඉවත දමන බව ගොවිජන එකමුතුව සඳහන් කරයි.

රට තුළ දියුණු තාක්ෂණයක් පවතිද්දී එය භාවිත කර ඉවතලන එළවළු සහ පලතුරු නිසි ප්‍රයෝජනයට ගත හැකි වැඩපිළිවෙළක් සැකසීමට වත්මන් ආණ්ඩුව අපොහොසත් ඇතැයි ද ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් පවසයි.

ආහාරවල ගුණාත්මකභාවය එලෙසම රඳවා ගනිමින් විජලනය කරන ලද එළවළු හා පලතුරු විදේශ වෙළෙඳපොළට අපනයනය කිරීමට සුවිශේෂී හැකියාවක් පවතිද්දීත්, බලධාරීන් ඒ කෙරෙහි අවධානය යොමු නොකිරීම රටක අවාසනාවක් බවද හෙතෙම පෙන්වා දෙයි.

දියුණු තාක්ෂණය සහ නවීන ආහාර කල්තබා ගැනීමේ ක්‍රමවේද භාවිත කරමින් ඉන්දියාව, ඉන්දුනීසියාව, වියට්නාමය, නෙදර්ලන්තය සහ නෝර්වේ වැනි රටවල් ගුණාත්මක තත්ත්වය එලෙසම පවත්වාගෙන විජලනය කරන ලද එළවළු හා පලතුරු අපනයනය කරමින් විශාල වශයෙන් විදේශ විනිමය උපයා ගන්නා බවද සභාපතිවරයා සඳහන් කරයි.

මෙරට බීජ නිෂ්පාදනයේ තත්ත්වයද මීට සමාන බව පෙන්වා දෙන අනුරාධ තෙන්නකෝන්, පසුගිය වසරේදී (2025) පමණක් මෙරටට ආනයනය කළ බීජ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 265ක් බවත්, ඒ සඳහා රජය වැය කළ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 14ක් බවත් අනාවරණය කර සිටියි.

රටට අවශ්‍ය විදේශ විනිමය උපයා ගැනීමට සහ අප රටේ ධනය විදේශයන් කරා ගලා යාම නතර කිරීමට අවශ්‍ය තරම් දැනුම, උපකරණ, ආයතන හා අවස්ථාවන් පවතිද්දී ඒ කෙරෙහි ආණ්ඩුව නිසි අවධානයක් යොමු නොකිරීම පිළිබඳව සිය බලවත් කනගාටුව පළ කරන බවද ගොවිජන එකමුතුවේ සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියි.