අපි ඔවුන්ට වඩා ගවු ගණනක් පසුපසින්... එංගලන්ත - ශ්‍රි ලකා දෙවැනි විස්සයි 20 පරාජයෙන් පසු සංගාගෙන් තේරීම් සහ යෝග්‍යතාව ගැන දැඩි ප්‍රශ්න කිරීමක්!
රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාව සහ ශක්තිය වර්ධනය කිරීමේ ක්ෂණික අවශ්‍යතාව පෙන්වා දුන් ඔහු, තාක්ෂණික පිතිකරණ ශිල්පයට හානියක් නොවන පරිදි වේගයෙන් ලකුණු රැස්කිරීමේ හැකියාව, පන්දු යැවීමේ බුද්ධිය, තරගයේ තත්ත්වය හඳුනාගැනීම සහ පිටිය සැකසීමේ උපක්‍රම දියුණු කරගත යුතු බව පැවසීය.
LSN Sri Lanka ·

එංගලන්තයට එරෙහිව පැවැත්වෙන විස්සයි-විස්ස තරගාවලියේ දෙවැනි තරගයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායම දැවැන්ත පරාජයක් ලැබීමත් සමඟ, ජාතික කණ්ඩායමේ තේරීම් තීරණ, තීරණවල අඛණ්ඩතාව සහ ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර ඊයේ ප්‍රශ්න කළේය. සි ශ්‍රී ලංකාව අපේක්ෂිත මට්ටමේ විස්සයි-විස්ස කණ්ඩායමක් බවට පත්වීමට තවමත් බොහෝ දුර ගමන් කළ යුතුව ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

ඊයේ ( සැප්තැම්බර් 17 වන දා) වේල්සයේ සොෆියා ගාර්ඩන්ස් ක්‍රීඩාංගණයේ පැවති දෙවැනි විස්සයි 20 තරගයෙන් ද එංගලන්තය කඩුලු 6ක ජයක් හිමිකර ගත්තේ තරග 3කින් සමන්විත තරගාවලියේ ජය තවත් තරගයක් ඉතිරිව තිබියදීම තහවුරු කරගනිමිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ඕවර 20 අවසානයේ කඩුලු 9කට ලකුණු 145ක් රැස් කළ අතර, එංගලන්ත කණ්ඩායම ඕවර 12.1කදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 146ක් ලබාගනිමින් ඉතා පහසුවෙන් ජයග්‍රාහී ඉලක්කය පසු කරනු ලැබුවේය. එංගලන්තය වෙනුවෙන් ටොම් බැන්ටන් පන්දු 24කදී නොදැවී ලකුණු 52ක් රැස් කළ අතර, ලියම් ඩෝසන් ලකුණු 32කට කඩුලු 3ක් දවාගනිමින් තරගයේ වීරයා බවට පත්විය.

ජෝස් බට්ලර් විස්සයි-විස්ස තරග රටාව තුළ ලකුණු 15,000 සීමාව පසුකළ පළමු පිතිකරුවා ලෙසද මෙම තරගයේදී වාර්තා අතරට එක්විය. මෙය ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තය ලැබූ අඛණ්ඩ 14 වැනි විස්සයි-විස්ස ජයග්‍රහණය වීමද විශේෂත්වයකි.

"ඔවුන් ඉන්නේ සැතපුම් ගණනක් ඈතින්"

තරගය පිළිබඳ අදහස් දැක්වූ සංගක්කාර සහ එංගලන්ත හිටපු නායක නාසර් හුසේන්, කණ්ඩායම් දෙක අතර පවතින පරතරය මැනවින් පැහැදිලි කළහ. හුසේන්ගේ අදහස අනුමත කරමින් සංගක්කාර සඳහන් කළේ ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට වඩා සැතපුම් ගණනක් පිටුපසින් සිටින බවය. විශේෂයෙන්ම පිතිකරණය, ශාරීරික යෝග්‍යතාව සහ තරගකාරී උපායමාර්ගික අවබෝධය අතින් මෙම වෙනස පැහැදිලිව කැපී පෙනෙන බව ඔහු පෙන්වා දුන්නේය.

මෙහිදී ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ තීරණ ප්‍රශ්න කළ සංගක්කාර, කමිල් මිෂාරාව අංක තුන ස්ථානයට කැඳවීම මෙන්ම කණ්ඩායමේ ප්‍රධානතම දඟ පන්දු යවන්නා වන මහීෂ් තීක්ෂණ සහ දුනිත් වෙල්ලාලගේ ඉවත් කර දිල්ෂාන් මදුෂංක හා තරිඳු රත්නායක කණ්ඩායමට ඇතුළත් කිරීම ප්‍රශ්න කළේය.

"කණ්ඩායම් තේරීමේදී අඛණ්ඩතාවක් තියෙන්න ඕනේ. අපේ හොඳම ක්‍රීඩකයින් මත තබන විශ්වාසය වෙනස් කරන්න හොඳ නැහැ. නිවැරදි ක්‍රීඩකයින් හඳුනාගෙන ඔවුන්ට විශ්වාසය ලබාදී, ඔවුන්ගේ දක්ෂතා වර්ධනය කරගත යුතු තැන් තේරුම් ගත යුතුයි," සංගක්කාර අවධාරණය කළේය.

එසේම, ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාව සහ ශක්තිය වර්ධනය කිරීමේ ක්ෂණික අවශ්‍යතාව පෙන්වා දුන් ඔහු, තාක්ෂණික පිතිකරණ ශිල්පයට හානියක් නොවන පරිදි වේගයෙන් ලකුණු රැස්කිරීමේ හැකියාව, පන්දු යැවීමේ බුද්ධිය, තරගයේ තත්ත්වය හඳුනාගැනීම සහ පිටිය සැකසීමේ උපක්‍රම දියුණු කරගත යුතු බව පැවසීය.

ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සතුව සහජ දක්ෂතාව තිබුණද, ඒවා ජයග්‍රාහී හැකියාවන් බවට ඉක්මනින් පරිවර්තනය කරගත යුතු බවද ඔහු වැඩිදුරටත් කීවේය.

පැරණි ප්‍රමිතියෙන් පහළට වැටුණු වර්තමාන පිතිකරණය

ශ්‍රී ලංකා පිතිකරණය සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කළ නාසර් හුසේන්, අරවින්ද ද සිල්වා සහ සංගක්කාර වැනි පැරණි පරම්පරාවේ ප්‍රබලයින් නිවැරදි කාලවේලාව (timing) සහ පන්දුවට පහරදෙන ස්ථානගත කිරීම් (placement) මගින් සීමා මායිම් කරා පන්දු යොමු කළ ආකාරය මතක් කර දුන්නේය. නමුත් වර්තමාන පිතිකරුවන් සෑම පන්දුවකටම අනවශ්‍ය ලෙස තදින් පහරදීමට උත්සාහ කරමින් වේග පන්දු හමුවේ රිද්මය අහිමි කරගන්නා බව ඔහු පැවසීය.

ශ්‍රී ලංකා ඉනිමේ පන්දු 50ක්ම ලකුණු රහිත පන්දු (dot balls) ලෙස සටහන් වීම තරගයේ පරාජයට ප්‍රධාන හේතුවක් වූ අතර, එංගලන්තය සෑම අංශයකින්ම ශ්‍රී ලංකාව අභිබවා ගිය බව හුසේන් සඳහන් කළේය.

තමන් තවමත් අපේක්ෂිත මට්ටමේ විස්සයි-විස්ස කණ්ඩායමක් බවට පත්වී නොමැති බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක ද පිළිගත්තේය. "පවර්ප්ලේ එක ආරම්භයේදී අපි තරගයේ හිටියා. නමුත් පසුව දිගින් දිගටම කඩුලු අහිමි වුණා. එංගලන්තය ඉතා හොඳ මට්ටමක ඉන්නවා. අපි තව බොහෝ දේ හදාගන්න තියෙනවා, අපි තවම ඒ මට්ටමට ඇවිත් නැහැ," යැයි අසලංක පැවසීය. ශ්‍රී ලංකාව දැනට විස්සයි-විස්ස ශ්‍රේණිගත කිරීම්හි 9 වැනි ස්ථානයේ පසුවෙයි.

තරගයේ ගමන්මග

කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ඇරයුමෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව, පවර්ප්ලේ ඕවර 6 තුළ කඩුල්ලක් නොදැවී ලකුණු 56ක් ලබා යහපත් ආරම්භයක් ලබාගත්තද, ලියම් ඩෝසන් ක්‍රියාත්මක වී ලහිරු උදාර සහ කමිල් මිෂාරා එක ලඟ පන්දුවලින් දවාගනිමින් තරගයේ දිශාව එංගලන්තයට ලබා දුන්නේය. පැතුම් නිස්සංක පන්දු 21කින් ලකුණු 37ක්, චරිත් අසලංක ලකුණු 31ක් සහ වනිඳු හසරංග ලකුණු 27ක් රැස් කළහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය වෙනුවෙන් ජෝස් බට්ලර් (30) සහ ඇනියුරින් ඩොනල්ඩ් (21) සාර්ථක ආරම්භයක් ලබාදුන් අතර, හැරි බෲක් පන්දු 8කදී හයේ පහර 3ක් සමඟින් ලකුණු 23ක් ලබාගත්තේය. බැන්ටන්ගේ වේගවත් ඉනිම හමුවේ එංගලන්තය තරගය පහසුවෙන්ම නිමා කළේය.

ආබාධයට ලක්වීම හේතුවෙන් කුසල් මෙන්ඩිස් සහ බිනුර ප්‍රනාන්දු මෙම තරගාවලියට එක් නොවූහ. දෙරට අතර පැවැත්වෙන අවසන් විස්සයි-විස්ස තරගය සැප්තැම්බර් 19 වනදා මැන්චෙස්ටර්හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර ,ඊට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම තේරීම්වල ස්ථාවරත්වය, යෝග්‍යතාව සහ තරග බුද්ධිය වහා යථා තත්ත්වයට පත්කරගත යුතු බව හිටපු නායකයාගේ අදහසයි.