LSN News › Sri Lanka

ලංකාව ආසන්නයේ නැංගුරම් ලා ඇති ඉරාන නැව් 20ට ලංකාවේ බැඳීමක් නැහැ - විදේශ කටයුතු අමාත්‍යාංශය!

මාස කිහිපයක සිට මෙරට සුවිශේෂී ආර්ථික කලාපයට පිටතින් ඇති මෙම නෞකා සම්බන්ධයෙන් ක්‍රියාත්මක ජාත්‍යාන්තර සම්බාධක හේතුවෙන් ශ්‍රී ලංකා රජයට ඇමෙරිකාවෙන් හෝ වෙනත් පාර්ශවයකින් කිසිදු බලපෑමක් එල්ල වී ඇත්දැයි කළ විමසීමකදී විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ එවැනි කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බවය.

LSN Sri Lanka · 2 October 2026

ලංකාව ආසන්නයේ නැංගුරම් ලා ඇති ඉරාන නැව් 20ට ලංකාවේ බැඳීමක් නැහැ - විදේශ කටයුතු අමාත්‍යාංශය!

ශ්‍රී ලංකාව ආසන්න මුහුදු සීමාවේ නැංගුරම් ලා ඇති ඉරාන නෞකා 20කට ආසන්න ප්‍රමාණය ස්ථානගත වී ඇත්තේ මෙරට සුවිශේෂී ආර්ථික කලාපයට (EEZ) පිටතින් බවත්, එම නෞකා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට කිසිදු නීතිමය හෝ වෙනත් බැඳීමක් නොමැති බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කරයි.

</p>

<p>

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණේ ශ්‍රී ලංකාව ආසන්නයේ නැංගුරම් ලා ඇති මෙම ප්‍රවාහන නෞකා බහුතරයක් ඇමෙරිකාව, කැනඩාව සහ එක්සත් රාජධානිය විසින් ජාත්‍යන්තර සම්බාධක පනවා ඇති යාත්‍රාවලට අයත් වන බවය.

</p>

<p>

මාස කිහිපයක සිට මෙරට සුවිශේෂී ආර්ථික කලාපයට පිටතින් ඇති මෙම නෞකා සම්බන්ධයෙන් ක්‍රියාත්මක ජාත්‍යාන්තර සම්බාධක හේතුවෙන් ශ්‍රී ලංකා රජයට ඇමෙරිකාවෙන් හෝ වෙනත් පාර්ශවයකින් කිසිදු බලපෑමක් එල්ල වී ඇත්දැයි කළ විමසීමකදී විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ එවැනි කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බවය.

</p>

<p>

එමෙන්ම අදාළ නෞකාවලට අවශ්‍ය ආහාර සහ අනෙකුත් සැපයුම් සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා රජය විසින් නොව පෞද්ගලික සමාගම් හරහා බවත්, එම සමාගම් අදාළ ජාත්‍යන්තර සම්බාධක පිළිබඳව පූර්ණ අවබෝධයකින් කටයුතු කරන බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.

</p>

<p>

මේ අතර ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කළේ මෙම නෞකාවලට සේවා සපයන පෞද්ගලික සමාගම් වෙත පවතින සම්බාධකවල ස්වභාවය පිළිබඳව දැනුවත් කර ඇති බවය. විශේෂයෙන්ම යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය පනවා ඇති සම්බාධක පවතින නෞකාවලට සේවා සැපයීම මගින් එම සමාගම්වලට දෙවැනි මට්ටමේ ජාත්‍යන්තර සම්බාධකවලට (Secondary Sanctions) ලක්වීමට ඇති අවදානම පිළිබඳවද අදාළ පෞද්ගලික සමාගම් දැනුවත් කර තිබේ.