වරුණි බෝගහවත්ත ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු නොවැම්බර් 20 දක්වා යළි රිමාන්ඩ් !
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ, අදාළ විමර්ශන අවසන් කර නොවැම්බර් 20 වැනිදා කරුණු වාර්තාවක් ඉදිරිපත් කරන බවය. මෙම නියෝගය නිකුත් වූයේ සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
LSN Sri Lanka ·

කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂිකා වරුණි බෝගහවත්ත ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු ලබන නොවැම්බර් 20 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක අද (06) නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ, අදාළ විමර්ශන අවසන් කර නොවැම්බර් 20 වැනිදා කරුණු වාර්තාවක් ඉදිරිපත් කරන බවය. මෙම නියෝගය නිකුත් වූයේ සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

අත්අඩංගුවට ගැනීමට හේතුව

ප්‍රධාන පොලිස් පරීක්ෂිකා වරුණි බෝගහවත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ, නවීන මෝටර් රථයක් මිලදී ගැනීමට සහ එහි කල්බදු වාරික ගෙවීමට අවශ්‍ය මුදල් ලැබුණු ආකාරය තහවුරු කිරීමට නොහැකි වීම හේතුවෙනි.

ඇය සතුව තිබූ හොන්ඩා වෙසල් වර්ගයේ මෝටර් රථය ද පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය භාරයට ගෙන තිබුණි.

මාතර සමුපකාර වංචාව සමඟ ඇති සම්බන්ධය

මෙම විමර්ශන ආරම්භ වූයේ මාතර සමුපකාර සමිතියෙන් රුපියල් බිලියනයකට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයෙකු විසින් අරුණි බෝගහවත්ත සතුව තිබූ අදාළ මෝටර් රථයේ කල්බදු වාරික ගෙවා ඇති බවට අනාවරණය වීමෙන් පසුවය.

විමර්ශන නිලධාරීන් පෙන්වා දී ඇත්තේ, සැකකාරියගේ මාසික වැටුප රුපියල් 140,000ක් පමණ වන අතර, මෝටර් රථයේ මාසික කල්බදු වාරිකය රුපියල් 132,000ක් පමණ වන බවය. එසේම ඇයගේ බැංකු ගිණුම්වලට විශාල මුදල් තැන්පතු වී ඇති බවට ද කරුණු අනාවරණ වී තිබිණි.

මෙම සිද්ධිය මාතර දිස්ත්‍රික්කයේ සමුපකාර සමිති ගණනාවකට අදාළ විශාල මූල්‍ය වංචා විමර්ශනයේ කොටසක් ලෙස සැලකේ. විමර්ශන තවමත් අවසන් නොවී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.