අධිකරණ නියෝග කඩකරමින් අනුරාධපුරයේ සිදුකරන සත්‍යග්‍රහය - බලංගොඩ කස්සප භික්ෂුව ඇතුළු භික්ෂූන් පස් නමකට නොවැම්බර් 20 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග!
අධිකරණය අතුරු නියෝගය විසිරුවා හරින ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර, බලංගොඩ කස්සප, කහටගස්දිගිලියේ විජිත, බලංගොඩ අනුරුද්ධ, පිලිමතලාවේ රේවත සහ දෙණියායේ සෝරත යන භික්ෂූන් පස් නමට නොවැම්බර් 20 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කළේය. පෙර නිකුත් කළ අතුරු නියෝගය දිගටම බලපැවැත්වෙන බව ද අධිකරණය පැහැදිලි කළේය. අධිකරණයේ නියෝගය දෙවැනි වරටත් ප්‍රතික්ෂේප කරමින් පිරිස අදත් අඛණ්ඩව පස්වන දිනටත් සත්‍යග්‍රහයේ යෙදී සිටිති. ඉදිරි අධිකරණ කටයුතු සිදුකරන බව බලංගොඩ කස්ස භික්ෂුව පාර්ශවයේ නීතිඥවරු පවසති.
LSN Sri Lanka ·

අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල දන්සල් භූමියේ සත්‍යග්‍රහයේ නිරතව සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා පස් නමකට ලබන නොවැම්බර් 20 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් පසිඳු වික්‍රමරත්න අද (නොවැම්බර් 09) නියෝග කළේය.

මෙම නියෝගය නිකුත් වූයේ, බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිසට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දන්වමින් පසුගිය නොවැම්බර් 07 වැනිදා නිකුත් කර තිබූ අතුරු නියෝගය (තහනම් ආඥාව) විසිරුවා හරින ලෙස උන්වහන්සේලා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුවය.

යෝජිත අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්මට අදාළ ගැසට් පත්‍රය හකුළා ගන්නා ලෙස රජයට බල කරමින් බලංගොඩ කස්සප භික්ෂුව ඇතුළු භික්ෂූන් වහන්සේලා සහ ගිහි පිරිසක් පසුගිය නොවැම්බර් 07 වැනිදා පෙරවරුවේ රුවන්වැලි මහා සෑය අසල දන්සල් භූමියේ සත්‍යග්‍රහය ආරම්භ කළහ.

එහිදී එතැන සිටි පුද්ගලයෙක් එම භූමියේ වෙළෙඳාම් කරමින් සිට අයිස්ක්‍රීම් වෙළෙන්දෙක් සමග ගැටුමක් ඇති කරගැනීමත් සමග තත්ත්වය උණුසුම් විය. පසුව අනුරාධපුර මූලස්ථාන පොලිසිය වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණය 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106(1) වගන්තිය යටතේ අතුරු නියෝගයක් නිකුත් කළේය. එමගින් රුවන්වැලි සෑය හා ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු පූජා භූමි ප්‍රදේශයෙන් ඉවත් වීම, තාවකාලික කුඩාරම් ඉවත් කිරීම සහ පුරාවිද්‍යා ස්මාරකවලට හානි නොකිරීම නියෝග කර තිබිණි. මෙම ආඥාව දින 14ක් බලපැවැත්වෙන ලෙස නියම කරන ලදී.

එසේ වුවද, සත්‍යග්‍රහය අධිකරණ නියෝගය නොතකා දෙවැනි හා තෙවැනි දිනටත් අඛණ්ඩව පැවතුණි. පොලිසිය නොවැම්බර් 08 වැනිදා රාත්‍රියේ බලංගොඩ කස්සප හිමියන්ගෙන් ප්‍රකාශයක් ද සටහන් කරගත්තේය. උන්වහන්සේ පවසා ඇත්තේ අදාළ ගැසට් පත්‍රය හකුළා ගන්නා තුරු සත්‍යග්‍රහය අඛණ්ඩව පවත්වන බවයි.

අද අධිකරණ කටයුතු

අද දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී නීතිඥ සමන් ගලප්පත්ති සහ රවින්ද්‍ර කාලිංග බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටියහ. ඔවුන් තර්ක කළේ අතුරු නියෝගය පොලිසිය විසින් අධිකරණය නොමඟ යවා ලබාගත් බවත්, සත්‍යග්‍රහය රුවන්වැලි මළුවේ නොව දන්සල් භූමියේ පවත්වන බවත්, එමගින් මහජනයාට බාධාවක් නොවන බවත්ය. එසේම ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ද චෝදනා කරමින් ආඥාව විසිරුවා හරින ලෙස ඉල්ලා සිටියහ.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්මල් රත්නායක අධිකරණයට දැනුම් දුන්නේ සත්‍යග්‍රහය මගින් මහජනයාට පීඩාවක් ඇති වන බව විමර්ශනවලින් තහවුරු වූ බවත්, නොවැම්බර් 07 වැනිදා මෙම පිරිසෙන් පිරිසක් පොලිසියේ නියෝගයට අවනත නොවී කලහකාරී ලෙස හැසිරුණ බවත්ය. එමෙන්ම සත්යග්රහ ස්ථානයේ අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු මත්ද්‍රව්‍ය භාවිතය (හෙරොයින් සහ කංසා) සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයෙන් තහවුරු වූ බව ද දැනුම් දුන්නේය.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ අධිකරණය අතුරු නියෝගය විසිරුවා හරින ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර, බලංගොඩ කස්සප, කහටගස්දිගිලියේ විජිත, බලංගොඩ අනුරුද්ධ, පිලිමතලාවේ රේවත සහ දෙණියායේ සෝරත යන භික්ෂූන් පස් නමට නොවැම්බර් 20 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කළේය. පෙර නිකුත් කළ අතුරු නියෝගය දිගටම බලපැවැත්වෙන බව ද අධිකරණය පැහැදිලි කළේය.
මේ වන විට සත්‍යග්‍රහය තෙවැනි දිනටත් අඛණ්ඩව පැවැත්වෙමින් ඇත. නීතිඥවරුන් ප්‍රකාශ කර ඇත්තේ මෙම නියෝගයට එරෙහිව මහාධිකරණයට පෙත්සමක් ගොනු කිරීමට කටයුතු කරන බවය.