ජලාශ ධාරිතාව ඝන මීටර් මිලියන 20කින් ඉහළට: වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අලුත් සැලසුමක්!
මෙරට ප්‍රධාන වාරිමාර්ග ජලාශවල සමස්ත ධාරිතාව 2027 වසර වන විට ඝන මීටර් මිලියන 20කින් ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
LSN Sri Lanka ·

මෙරට ප්‍රධාන වාරිමාර්ග ජලාශවල සමස්ත ධාරිතාව 2027 වසර වන විට ඝන මීටර් මිලියන 20කින් ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඊට අමතරව, ඉදිරි මහ කන්නයේ සිට වාරිමාර්ග ජලය වඩාත් කළමනාකරණයෙන් යුතුව භාවිත කිරීමට ද පියවර ගෙන ඇත. ඒ අනුව ප්‍රධාන වාරිමාර්ග යටතේ කුඹුරු අක්කරයක් වගා කිරීම සඳහා වැය වන ජල ප්‍රමාණය මහ කන්නයේ දී අක්කර අඩි 3.5 සිට 3.3 දක්වාත්, යල කන්නයේ දී අක්කර අඩි 4.8 සිට 4.6 දක්වාත් අඩු කිරීමට ඉලක්ක කර තිබේ.

මෙම ජල කළමනාකරණ ක්‍රමවේද හරහා වාරි ව්‍යාපාරවල වගා තීව්‍රතාව ඉහළ නැංවීමට ද අපේක්ෂිතය. ඒ අනුව 2027 වන විට යල කන්නයේ වගා තීව්‍රතාව සියයට 85 දක්වාත්, මහ කන්නයේ වගා තීව්‍රතාව සියයට 96 දක්වාත් වැඩි කිරීමට නියමිතය.

එමෙන්ම 2029 වසර වන විට අලුතින් කුඹුරු හෙක්ටයාර් 5,000ක් සඳහා වාරි ජල පහසුකම් සැපයීමට ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දීර්ඝකාලීන සැලසුම් සකස් කර ඇත.

ගංවතුර ආපදා අවම කරගැනීම සඳහා ක්‍රියාත්මක පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිය වඩාත් කාර්යක්ෂම කිරීමට ද පියවර ගෙන තිබේ. ඒ සඳහා අවශ්‍ය දත්ත රැස්කරගන්නා ස්ථාන සංඛ්‍යාවට ලබන වසර වන විට තවත් මධ්‍යස්ථාන 100ක් දක්වා එකතු කිරීමට නියමිත බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.