LSN News › Sri Lanka

මහනුවර ජාතික රෝහල් අකුණු සන්නායකයේ ලක්ෂ 20ක තඹ කම්බි සොරකම් කරලා: CID විමර්ශන ඇරඹෙයි

අවසන් වරට මෙසේ තඹ කම්බි ගැලවීම සිදුකර ඇත්තේ පසුගිය මස 28 වැනිදා බව රෝහල් පාලනාධිකාරිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසියට ද පැමිණිල්ලක් කර කර තිබේ.

LSN Sri Lanka · 8 September 2026

මහනුවර ජාතික රෝහල් අකුණු සන්නායකයේ ලක්ෂ 20ක තඹ කම්බි සොරකම් කරලා: CID විමර්ශන ඇරඹෙයි

මහනුවර ජාතික රෝහලට අයත් හන්තාන තිලක් අබේසේකර වකුගුඩු ප්‍රතිකාර ඒකකයේ අකුණු සන්නායකයේ තඹ කොටස් වරින් වර ගලවාගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මෙසේ වරින් වර ගලවාගෙන ගොස් ඇත්තේ රුපියල් මිලියන දෙකක් පමණ වටිනාකමකින් යුත්, අඩි 500 ක් පමණ දිග තඹ කොටස් බව හෙළිව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මෙන්ම මහනුවර රෝහල් පොලිසිය මගින් ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව මහනුවර ජාතික රෝහලේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය නිහාල් වීරසූරිය සඳහන් කරයි.

මෙම අකුණු සන්නායකයේ තඹ කම්බි මාස ගණනාවක් තිස්සේ වරින් වර ගලවාගෙන ගොස් ඇති අතර, සොරකම සඳහා රෝහලේ සෞඛ්‍ය කාර්ය සහයකයෙකු සම්බන්ධ බවට සැක කෙරේ. අදාළ ස්ථානය දර්ශනය වන සේ සවිකර තිබෙන සී.සී.ටී.වී (CCTV) කැමරා පද්ධතියේ දර්ශන ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.

අවසන් වරට මෙසේ තඹ කම්බි ගැලවීම සිදුකර ඇත්තේ පසුගිය මස 28 වැනිදා බව රෝහල් පාලනාධිකාරිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසියට ද පැමිණිල්ලක් කර ඇති අතර, මේ වන විට අංශ ගණනාවකින් විමර්ශන ක්‍රියාත්මක බව විශේෂඥ වෛද්‍ය නිහාල් වීරසූරිය වැඩිදුරටත් පැවසීය.