LSN News › Sri Lanka

පාස්කු ප්‍රහාරයේ ඇත්ත වැරදිකාරයෝ එළියේ නිදහසේ ඉන්නවා... එකම අවස්ථාවක් හෝ ලැබෙන්නේ නම් සියලු සාක්ෂි ලබා දෙන්න සූදානම්... වසර 200ක සිරදඬුවම් ලැබූ අබු තාරික් විවෘත අධිකරණයේ දි කියයි!

සිදුවූ ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් ද යම් ආකාරයකින් මැදිහත් වී ඇති නමුදු, මෙහි ප්‍රධාන වගකිවයුත්තන් සහ වැරදිකරුවන් තවමත් නිදහසේ පසුවන බවත්, යම් හෙයකින් රට වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමට එකම හෝ අවස්ථාවක් ලැබෙන්නේ නම් ඊට අදාළ සියලු සාක්ෂි ලබා දීමට තමන් කැමැත්තෙන් පසුවන බවත් ඔහු අවධාරණය කළේය.

LSN Sri Lanka · 23 September 2026

පාස්කු ප්‍රහාරයේ ඇත්ත වැරදිකාරයෝ එළියේ නිදහසේ ඉන්නවා...  එකම අවස්ථාවක් හෝ ලැබෙන්නේ නම්  සියලු සාක්ෂි ලබා දෙන්න සූදානම්...   වසර 200ක සිරදඬුවම් ලැබූ අබු තාරික්  විවෘත අධිකරණයේ දි කියයි!

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුතු සැබෑ වගකිවයුත්තන් සමාජය හමුවේ නිදහසේ සිටින බවත්, එම සිදුවීමට අදාළ සියලු සත්‍ය තොරතුරු සහ සාක්ෂි අධිකරණය හමුවේ හෙළිදරව් කිරීමට තමන් සූදානම් බවත් පාස්කු ප්‍රහාරයේ නඩුවේදී වසර 200ක සිරදඬුවම් නියම වූ හයවැනි චූදිත මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් හෙවත් අබු තාරික් කොළඹ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ප්‍රකාශ කර සිටියේය.

කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංකගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ දීර්ඝ කාලයක් විභාග වූ පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදී ඔහු මෙම ප්‍රකාශය කළේය.

මෙම නඩු විභාගය පැවැති සමස්ත කාලසීමාව පුරාවටම අධිකරණය හමුවේ කිසිදු ප්‍රකාශයක් සිදු නොකළ රිස්කාන් නමැති මෙම චූදිතයා වෙනුවෙන් කිසිදු නීතිඥ නියෝජනයක් ද ඉදිරිපත් වී නොතිබිණි. කෙසේ වෙතත්, නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් තමන් වරදකරු බවට තීරණය කිරීමෙන් අනතුරුව, දඬුවම ලිහිල් කර ගැනීම සඳහා ලබා දෙන විත්ති වාචකය ඉදිරිපත් කරමින් ඔහු සිය අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හයවැනි චූදිත මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් හෙවත් අබු තාරික් සඳහන් කළේ මෙම ප්‍රහාරයෙන් අගතියට පත් වූ කිසිදු පාර්ශ්වයකට සිය පවුලේ කිසිවෙකුගෙන් වරදක් සිදුව නොමැති බවයි.

සිදුවූ ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් ද යම් ආකාරයකින් මැදිහත් වී ඇති නමුදු, මෙහි ප්‍රධාන වගකිවයුත්තන් සහ වැරදිකරුවන් තවමත් නිදහසේ පසුවන බවත්, යම් හෙයකින් රට වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමට එකම හෝ අවස්ථාවක් ලැබෙන්නේ නම් ඊට අදාළ සියලු සාක්ෂි ලබා දීමට තමන් කැමැත්තෙන් පසුවන බවත් ඔහු අවධාරණය කළේය.

සිය බිරිඳ පිළිකා රෝගයකින් පෙළෙන බවත්, මව 75 වැනි වියෙහි පසුවන බවත්, නැගණිය අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඇති බවත් සඳහන් කළ ඔහු, තමන් නොකළ වරදකට මෙලෙස දඬුවම් ලැබුවද සත්‍ය හෙළිදරව් කර යුක්තිය ඉටු කිරීමට තමන් සම්පූර්ණ සතුටින් හා කැමැත්තෙන් පසුවන බව ද අධිකරණය හමුවේ කියා සිටියේය.

මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු නවරත්න මාරසිංහ සඳහන් කළේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ප්‍රහාරය එල්ල කිරීමට කුමන්ත්‍රණය කිරීම, ඊට ආධාර අනුබල දීම, අන්තවාදී අදහස් ප්‍රචාරය කිරීම සහ ජාතීන් අතර අසමගිය ඇති කිරීම යන චෝදනා යටතේ චූදිතයින්ට එරෙහිව චෝදනා ගොනු කර තිබූ බවයි.

යම් කුමන්ත්‍රණයකට සම්බන්ධ වන පුද්ගලයින් එකම ස්ථානයක පේළි ගැසී සිටීම අත්‍යවශ්‍ය නොවන බවත්, ආරම්භයේදී, මැදදී හෝ අවසානයේදී සෘජුව හෝ වක්‍රව ඊට සම්බන්ධ වන සෑම අයෙකුම කුමන්ත්‍රණයේ පාර්ශ්වකරුවන් වන බවත් විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නේය.

ඒ අනුව, නඩුවේ චූදිතයින් 24 දෙනා අතුරින් 15 දෙනෙකු වරදකරුවන් බවට පත් කරමින් ඔවුන්ට වසර 200 ත් 260 ත් අතර කාලසීමාවන් සඳහා සිරදඬුවම් නියම කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව තීරණය කළ අතර, චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වීම හේතුවෙන් සෙසූ චූදිතයින් නවදෙනා නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කෙරිණි.