LSN News › Sri Lanka

නඩු කටයුතු විසඳීමෙන් බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාව 2000ක් අඩු වෙයි...

කෙසේ වෙතත්, මෙරට බන්ධනාගාර පද්ධතිය තුළ නිල වශයෙන් රඳවා තැබිය හැකි උපරිම රැඳවියන් සංඛ්‍යාව 11,000ත් 13,200ත් අතර ප්‍රමාණයක් බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.

LSN Sri Lanka · 12 October 2026

නඩු කටයුතු විසඳීමෙන් බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාව 2000ක් අඩු වෙයි...

පසුගිය මාස කිහිපය තුළ බන්ධනාගාර ගත කර සිටි රැඳවියන්ගේ සංඛ්‍යාව 2,000කින් පමණ පහළ ගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

</p>

<p>

ඇතැම් සැකකරුවන්ගේ අධිකරණ පරීක්ෂණ වාර්තා ලබාදීම කඩිනම් කිරීම හේතුවෙන් බන්ධනාගාරවල පවතින අධික තදබදය මේ වන විට ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

</p>

<p>

මීට මාස කිහිපයකට පෙර දිවයින පුරා පිහිටි සියලුම බන්ධනාගාරවල රැඳවියන් 40,000ක් පමණ රඳවා සිටි අතර, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව මේ වන විට එම සංඛ්‍යාව 38,000 දක්වා අඩුවී තිබේ.

</p>

<p>

කෙසේ වෙතත්, මෙරට බන්ධනාගාර පද්ධතිය තුළ නිල වශයෙන් රඳවා තැබිය හැකි උපරිම රැඳවියන් සංඛ්‍යාව 11,000ත් 13,200ත් අතර ප්‍රමාණයක් බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.