අනුරාධපුර පෑතිස්වෙහෙර භූමියේ නීති විරෝධී ඉදිකිරීමක්: හිමිනමක් අත්අඩංගුවට!
LSN Sri Lanka ·

අනුරාධපුර සංඝමිත්තා මාවතේ පිහිටි පුරාවිද්යා දැඩි රක්ෂිත භූමියට අයත් පෑතිස්වෙහෙර සඟසතු දානශාලා මධ්යස්ථානයේ අනවසර නව ඉදිකිරීම් කටයුත්තක් සිදුකිරීමට අදාළව ලැබුණු පැමිණිල්ලකට අනුව හිමිනමක සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
</p>
<p>
පුරාවිද්යා දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (30) පස්වරු 3.15 ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
</p>
<p>
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එකී දානශාලා මධ්යස්ථානය පිහිටි භූමියේ වැඩවසන 65 හැවිරිදි හිමිනමකි.
</p>
<p>
පුරාවිද්යා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් හිමිනම පසුව අනුරාධපුර පොලීසිය වෙත භාරදී ඇත. උන්වහන්සේ අද (31) අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.