එළඹෙන අයවැයෙන් තවත් බදු අඩු කරනවා! – ජනපති අනුර ජාතික විද්වත් සංවිධානයේ සමුළුවේදී කියයි!
රජය බදු ආදායම ඉහළ නංවා ඇත්තේ අලුත් බදු පැනවීමෙන් නොව ආර්ථිකයේ වර්ධනය සහ ආදායම් රැස්කිරීමේ ක්රියාවලිය තුළින් බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ඔහු අවධාරණය කළේ එළඹෙන අයවැයෙන් බදු අඩු කිරීමට අපේක්ෂා කරන්නේ ද රාජ්ය ආදායම් ඉලක්කවලට තර්ජනයක් නොවන ආකාරයෙන් බවය.
LSN Sri Lanka ·

එළඹෙන අයවැයෙන් බදු කිහිපයක් අඩු කිරීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රකාශ කළේය. ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු අලුතින් කිසිදු බද්දක් පනවා නැති බවත්, කලින් පනවා තිබූ බදු කිහිපයක් සැලකිය යුතු ප්රමාණයකින් අඩු කර ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.

රජය බදු ආදායම ඉහළ නංවා ඇත්තේ අලුත් බදු පැනවීමෙන් නොව ආර්ථිකයේ වර්ධනය සහ ආදායම් රැස්කිරීමේ ක්රියාවලිය තුළින් බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ඔහු අවධාරණය කළේ එළඹෙන අයවැයෙන් බදු අඩු කිරීමට අපේක්ෂා කරන්නේ ද රාජ්ය ආදායම් ඉලක්කවලට තර්ජනයක් නොවන ආකාරයෙන් බවය.

අතීතයේ අයවැය ලේඛනවලින් අපේක්ෂා කළ ආදායම් ඉලක්ක බොහෝවිට සපුරාගැනීමට නොහැකි වූ බවත්, රුපියල් සියයක ආදායමක් අපේක්ෂා කළ අවස්ථාවක සැබෑවටම උපයාගෙන තිබුණේ රුපියල් අනූවක් පමණ බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එහෙත් 2025 වසරේ රාජ්ය ආදායම් ඉලක්ක ඉක්මවා යෑමට හැකි වූ බව ඔහු ප්රකාශ කළේය.

ජනාධිපතිවරයා මෙම කරුණු ඉදිරිපත් කළේ අද මාළිගාවත්ත පී.ඩී.සිරිසේන ක්රීඩාංගනයේ පැවති ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව අමතමිනි. එහිදී ඔහු රටේ ආර්ථික තත්ත්වය, ඉන්ධන මිල ඉහළ යෑම, රජයේ සහනාධාර, නිෂ්පාදන ආර්ථිකය, සමාජ පරිවර්තනය සහ දේශපාලන සංස්කෘතිය පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.

ආර්ථික වර්ධනය සහ ආර්ථික පරිවර්තනය

ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ආර්ථික වර්ධනයක් ඇති කිරීම සහ ආර්ථික පරිවර්තනයක් සිදු කිරීම එකිනෙකට වෙනස් කාර්යයන් දෙකක් බවය.

ආර්ථික වර්ධන දර්ශක ඉහළ යෑමෙන් පමණක් රටක ආර්ථිකය පරිවර්තනය වී ඇතැයි කිව නොහැකි බව ඔහු පැවසීය. රටට ස්වාධීනව ආර්ථික තීරණ ගැනීමට හැකිවීම, ආර්ථික ජයග්රහණවල ප්රතිලාභ සමාජයේ පහළ ස්ථර දක්වා සාධාරණව බෙදී යෑම සහ ගම් නගර භේදයකින් තොරව ජනතාව ආර්ථික ක්රියාවලියට සම්බන්ධ කරගැනීම සැබෑ ආර්ථික පරිවර්තනයක මූලික ලක්ෂණ බව ඔහු විස්තර කළේය.

එවැනි පරිවර්තනයකට අවශ්ය ආර්ථික පදනම සකස් කිරීම රජයේ පළමු වසර දෙකේ ප්රධාන අභියෝගය වූ බව ජනාධිපතිවරයා පැවසීය.

2025 වසරේ මෑත ඉතිහාසයේ අඩුම අයවැය හිඟයක් වාර්තා කිරීමට හැකි වූ බවත්, එම වසරේ ජංගම ගිණුමේ ධන ශේෂය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,800ක් වූ බවත් ඔහු සඳහන් කළේය.

රජයේ ප්රාථමික ගිණුමේ ධන ශේෂය ඉහළ නංවාගැනීම ද ණය බර අඩු කිරීමට අත්යවශ්ය බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. රාජ්ය මූල්ය කළමනාකරණයට අදාළ නීතිමය සීමාවන් නිසා රජයට අසීමිතව වියදම් කළ නොහැකි බවත්, එම සීමාවන් ආරක්ෂා කරමින් ආර්ථිකය මෙහෙයවිය යුතු බවත් ඔහු පැවසීය.

ඉන්ධන මිල සහ ජනතාවට දරන්නට සිදුවන බර

මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් ශ්රී ලංකාවේ ආර්ථිකයට බරපතළ බලපෑමක් ඇති වී තිබෙන බව ජනාධිපතිවරයා පැවසීය.

විශේෂයෙන් ඉන්ධන, ගෑස් සහ මාර්ග ඉදිකිරීම් සඳහා අවශ්ය තාර ඇතුළු භාණ්ඩවල සැපයුම් මාර්ගවලට එම තත්ත්වය බලපා තිබේ. නාවික ප්රවාහන ගාස්තු, රක්ෂණ ගාස්තු සහ භාණ්ඩ ප්රවාහනයට ගතවන කාලය ඉහළ යෑමෙන් ආනයන වියදම් වැඩි වී ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.

ශ්රී ලංකාවේ ඉන්ධන අවශ්යතාවයෙන් ආසන්න වශයෙන් තුනෙන් එකක් දේශීයව බොරතෙල් පිරිපහදු කිරීමෙන් සපුරාගන්නා අතර ඉතිරි කොටස පිරිපහදු කළ ඉන්ධන ලෙස ආනයනය කරන බව ජනාධිපතිවරයා පැවසීය.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑම සම්පූර්ණයෙන්ම දේශීය පාරිභෝගිකයා වෙත පැවරුවහොත් ආර්ථික වර්ධනය අඩාල වීමේ අවදානමක් පවතින බව ඔහු සඳහන් කළේය.

එම නිසා අඛණ්ඩ ඉන්ධන සැපයුම සහතික කිරීමත්, ජාත්යන්තර මිල ඉහළ යෑමේ සම්පූර්ණ බර ජනතාව මත නොපැටවීමත් රජයේ ප්රතිපත්තිය වූ බව ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා කීවේ මුල් මාස පහක කාලය තුළ ඩීසල් ලීටරයකට රුපියල් 100ක සහ පෙට්රල් ලීටරයකට රුපියල් 20ක සහනාධාරයක් ලබා දුන් බවය. ඔක්තෝබර් මාසයේදී ද ඩීසල් ලීටරයකට රුපියල් 70ක සහනාධාරයක් ලබා දෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඉන්ධන මිල ඉහළ යෑමෙන් ජනතාවට ඇතිවන පීඩනය තමන් පිළිගන්නා බව පැවසූ ජනාධිපතිවරයා, එම බර වෙනත් ක්ෂේත්ර හරහා අඩු කිරීම සඳහා යෝජනා කිහිපයක් එළඹෙන අයවැයෙන් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ද ප්රකාශ කළේය.

නිෂ්පාදන ආර්ථිකයේ වෙනසක්

රටේ ආර්ථිකය සැබෑ පරිවර්තනයකට ගෙන යෑම සඳහා නිෂ්පාදන ක්ෂේත්රවල මූලික වෙනස්කම් අවශ්ය බව ජනාධිපතිවරයා පැවසීය.

ධීවර කර්මාන්තය ඊට උදාහරණයක් ලෙස දැක්වූ ඔහු, ශ්රී ලංකාව සතුව විශාල සාගර සම්පතක් තිබුණද වසර ගණනාවක් තිස්සේ වාර්ෂික මත්ස්ය අස්වැන්න මෙට්රික් ටොන් ලක්ෂ හතරක පමණ සීමාවක පවතින බව සඳහන් කළේය.

මෙම නිෂ්පාදනය ඉහළ නැංවීමට මධ්යම හා විශාල පරිමාණයේ ධීවර යාත්රා, නව තාක්ෂණය සහ කර්මාන්තය සංවර්ධනය කිරීමේ සැලසුම් අවශ්ය බව ඔහු පෙන්වා දුන්නේය.

කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා විශේෂ අවධානයක් යොමු කළේය. රටේ ශ්රම බලකායෙන් සියයට 23ත් 24ත් අතර පිරිසක් කෘෂිකර්මාන්තයේ නිරත වුවද ජාතික නිෂ්පාදනයට එම ක්ෂේත්රයෙන් ලැබෙන දායකත්වය ඊට සාපේක්ෂව අඩු බව ඔහු පැවසීය.

මෙහි ප්රධාන අභියෝගය වන්නේ කෘෂිකර්මාන්තයේ නිරත ශ්රම බලකායේ ඵලදායිතාව ඉහළ නැංවීම බව ඔහු අවධාරණය කළේය.

ගොවි ජනතාවට බාධා පමුණුවන ඇතැම් පැරණි ඉඩම් නීති සහ කෘෂිකාර්මික නීති වෙනස් කිරීමේ අවශ්යතාව ද ජනාධිපතිවරයා පැහැදිලි කළේය. සුළු හා මධ්ය පරිමාණ කර්මාන්තවලට අවශ්ය ප්රාග්ධනය, තාක්ෂණය සහ වෙළෙඳපොළ අවස්ථා සැපයීම ආර්ථික පරිවර්තනයේ තවත් ප්රධාන අංගයක් බව ඔහු සඳහන් කළේය.

එම කර්මාන්ත සඳහා ඇප රහිත ණය, පොලී රහිත ණය සහ අඩු පොලී ණය ලබාදීම ආරම්භ කර ඇති බවත්, ඒ සඳහා සැලකිය යුතු මුදලක් වෙන්කර ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.

වරාය සහ ගුවන් තොටුපොළ සංවර්ධනය

ශ්රී ලංකාවේ භූගෝලීය පිහිටීමෙන් ලැබෙන වාසිය ආර්ථික සංවර්ධනය සඳහා වඩාත් ඵලදායිව භාවිත කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

වරාය සංවර්ධනයට බාධා කරන පැරණි නීති හා සීමාවන් වෙනස් කිරීමේ අවශ්යතාව ඔහු අවධාරණය කළේය. බහාලුම් මෙහෙයුම් ප්රමාණය වැඩි කිරීමෙන් පමණක් වරාය ක්ෂේත්රයේ සැබෑ පරිවර්තනයක් ඇති නොවන බවත්, යටිතල පහසුකම්, කළමනාකරණය, කාර්යක්ෂමතාව සහ තරගකාරීත්වය එකවර දියුණු කළ යුතු බවත් ඔහු පැවසීය.

කටුනායක ගුවන් තොටුපොළේ පර්යන්ත ධාරිතාව පිළිබඳව ද ජනාධිපතිවරයා අදහස් දැක්වීය. වසරකට මගීන් මිලියන හයකට පමණ සේවා සැපයීමට සැලසුම් කළ පර්යන්තයෙන් දැනට මිලියන දහයක පමණ මගී ප්රමාණයක් හසුරුවන බව ඔහු සඳහන් කළේය.

එම ධාරිතාව මිලියන නවයක් දක්වා වැඩි කිරීම සඳහා පියවර ගෙන ඇති බවත්, ප්රමාද වී ඇති දෙවැනි පර්යන්තයේ ඉදිකිරීම් ආරම්භ කිරීමෙන් සමස්ත ධාරිතාව මිලියන පහළොවක් දක්වා වැඩි කළ හැකි බවත් ජනාධිපතිවරයා පැවසීය.

කටුනායක ගුවන් තොටුපොළ මගී ප්රවාහන මධ්යස්ථානයකට පමණක් සීමා නොකර ජාත්යන්තර භාණ්ඩ ප්රවාහන මධ්යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ අවශ්යතාව ද ඔහු පෙන්වා දුන්නේය.

නීතිය, අල්ලස සහ සමාජ පරිවර්තනය

ආර්ථික පරිවර්තනයට සමගාමීව සමාජ පරිවර්තනයක් සිදු කිරීම ජාතික ජන බලවේග ආණ්ඩුවේ තවත් ප්රධාන අරමුණක් බව ජනාධිපතිවරයා පැවසීය. නීතිය ඉදිරියේ සියලු පුරවැසියන් සමාන බව ප්රායෝගිකව තහවුරු කිරීම එහි මූලික කොන්දේසියක් බව ඔහු පෙන්වා දුන්නේය. නීතිය තෝරාගත් පුද්ගලයන්ට හෝ කණ්ඩායම්වලට පමණක් ක්රියාත්මක වන බවට සමාජයට හැඟීමක් ඇති වුවහොත් එවැනි සමාජයක් ස්ථාවර කළ නොහැකි බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එසේම ආගම, භාෂාව, සංස්කෘතිය හෝ ස්ත්රී පුරුෂ භාවය හේතුවෙන් කිසිවකුට අනාරක්ෂිත බවක් හෝ කොන්වීමක් දැනිය නොයුතු බව ඔහු පැවසීය.

අල්ලස සහ දූෂණය ආර්ථිකයට සිදුවන හානියක් පමණක් නොවන බවත්, එය රාජ්ය ආයතන කෙරෙහි පවතින මහජන විශ්වාසය බිඳ දමන සමාජ ව්යසනයක් බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

රේගුව, මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව වැනි ආයතන අල්ලසට යටත් වුවහොත් ඒවා පාලනය කරන නීතිරීතිවල ප්රායෝගික වටිනාකම අහිමි වන බව ඔහු පැවසීය.

මත්ද්රව්ය ජාවාරම පිටුපස ඇති මහා ධනය

මත්ද්රව්ය ජාවාරමට එරෙහි සටන මත්ද්රව්ය භාවිතයෙන් ජනතාව මුදාගැනීමකට පමණක් සීමා නොවන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. එම ජාවාරම හරහා උපයාගන්නා විශාල ධනස්කන්ධය රාජ්ය ආයතන සහ සමාජය දූෂණය කිරීමට යොදාගත හැකි බව ඔහු පෙන්වා දුන්නේය.

අත්අඩංගුවට ගත් මත්ද්රව්යවල ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් බිලියන 220ක් පමණ වන බව ජනාධිපතිවරයා සඳහන් කළේය. එසේම විදේශයන්ගෙන් භාණ්ඩ ආනයනය කරන බව පෙන්වා විශාල මුදල් ප්රමාණයක් රටින් පිටතට යවා ඇති නමුත් ඊට අදාළ භාණ්ඩ මෙරටට ලැබී නොමැති බවට අනාවරණය වී ඇතැයි ඔහු පැවසීය.

මෙවැනි නීතිවිරෝධී මුදල් ප්රවාහයන් ආර්ථිකයට පමණක් නොව සමස්ත සමාජයේ ස්ථාවරත්වයට ද තර්ජනයක් බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

විද්වත් ප්රජාවට කළ ආරාධනය

සිය කතාව අවසානයේ ජනාධිපතිවරයා ජාතික විද්වත් සංවිධානයේ කාර්යභාරය ඇගයීමට ලක් කළේය. 2024 දේශපාලන බල පෙරළියේදී ජාතික ජන බලවේගය පිළිබඳව ඇතැම් සමාජ කණ්ඩායම් තුළ පැවති සැකය සහ අවිශ්වාසය දුරු කිරීමට එම සංවිධානය වැදගත් කාර්යභාරයක් ඉටු කළ බව ඔහු පැවසීය.

එහෙත් බලය ලබාගැනීමෙන් පමණක් අපේක්ෂිත පරිවර්තනය සිදු නොවන බවත්, ඒ සඳහා පැහැදිලි දැක්මක්, කැපවීමක් සහ අඛණ්ඩ මැදිහත්වීමක් අවශ්ය බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ආර්ථික, සමාජීය සහ දේශපාලන පරිවර්තනය ඉදිරියට ගෙන යෑම සඳහා වෛද්යවරුන්, ඉංජිනේරුවන්, ගණකාධිකාරීවරුන්, බැංකු කළමනාකරුවන්, කෘෂි විද්යාඥයන් ඇතුළු විවිධ වෘත්තීය ක්ෂේත්ර නියෝජනය කරන විද්වත් ප්රජාවගේ දායකත්වය අත්යවශ්ය බව ඔහු පැවසීය.

එම පරිවර්තනයේ නියමුවන් සහ මඟපෙන්වන්නන් ලෙස කටයුතු කිරීමට එක්වන ලෙස ජනාධිපතිවරයා විද්වත් ප්රජාවට ආරාධනා කළේය.