“ඔවුන් විසින්ම ඔවුන් විනාශය කැඳවා ගනියි: ඒත් ඊලඟ දවසේ මොන පිස්සුවක් නටයිද දන්නේ නැති නිසා අවධියෙන් සිටීම වැදගත්“ – බලි අඹන, හූනියම් කරන, නයි පෙන්නන සෙට් එකට ජනාධිපති කී කතාව!
“විධිමත්, සංවිධානාත්මක, දැක්මක් සහිත දේශපාලන ව්යාපාර රටකට හානි කරන්නේ නෑ. ආණ්ඩුවක් ගන්නා තීරණ සමාජයට අහිතකර නම් ඒකට බලපෑම් කරලා නතර කරන්න සටන් කිරීමෙන් සමාජයේ ස්ථාවරත්වය හදනවා. ඒ නිසා විධිමත් සටන් දේශපාලනය රටටත් ආණ්ඩුවටත් හිතකරයි. අපි ප්රතිපාර්ශව කණ්ඩායම්වලට කියන්නේ ඔබේ සටන් විධිමත් කරන්න, දැක්මක් සහිත කරන්න කියලයි.“ - ජනපති
LSN Sri Lanka ·

අවිධිමත්, අරාජික සහ දැක්මක් නැති සටනක් තුළම එහි විනාශය ගැබ්ව ඇති බැවින් ඒ සඳහා විශේෂ ක්රියාමාර්ග ගැනීම අනවශ්ය වුවද, මේ වන විට අසිහියෙන් මෙන් හැසිරෙමින් සිටින කුඩා කල්ලිය ඊළඟ මොහොතේ මොන පිස්සුවක් කෙළී දැයි නොදන්නා බැවින් සැමදෙනාම අවධියෙන් සහ ප්රවේශමෙන් සිටීම වැදගත් බව ජනාධිපතිවරයා අද (31) ප්රකාශ කළේය.

මැටි රූපයකට කටු ගසන විට තමන්ට රිදෙන බව සිතන ගෝත්රික පිරිසකගේ විකල් හැසිරීම මේ වන විට මුළු මහත් සමාජයටම හාස්යයක් එක් කරමින් සිටින බව ජනාධිපතිවරයා සිනාසෙමින් පෙන්වා දුන්නේය.

අද මාලිගාවත්ත පී.ඩී.සිරිසේන ක්රීඩාංගනයේ පැවති ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් මෙසේ ද පැවසීය:

" මම දැක්කා එක් පුද්ගලයෙක් කිව්වා රුවන්වැලිසෑය චෛත්ය මහා රාජයාණන් වහන්සේ ගිලා බස්සන්න මාළිමා රජය සැලසුම් කරනවා කියලා. හරි නම් එයා පොළොව පලාගෙන යන්න ඕනේ කියපු බොරුවලට.“

“මේ සිදුවන පරිවර්තනයට ඔරොත්තු දෙන්නේ නැති වුණාම මනස වියවුල් වෙනවා. හිතාගන්න බෑ මොකෙන්ද මනින්නේ, මොකක්ද කරන්නේ, මොකක්ද කියන්නේ කියලා. දැන් සැලකිය යුතු ප්රමාණයකින් වියවුල් සහගත, බියකරු මනසකට ඔවුන් තල්ලු වෙලා. ඔවුන්ගේ ප්රකාශ වෛරීය සහ ප්රබන්ධ ප්රකාශ බවට පත්වෙලා. හැසිරීම් සහ ක්රියාකාරකම් විගඩම් බවට පත්වෙලා.“

“මේ පරිවර්තනය ඒගොල්ලන්ගේ මනසට, ඇඟට, දේශපාලනයට සූදානම් නෑ, ජීරණය වෙන්නේ නෑ. පරිවර්තනයට එරෙහි වන්නන්ගේ හැසිරීම් දිහා බලන්න. මැටි රූපයකට කටු ගහන්න පොළඹවන්නේ මොන මනසද? ( සිනාසෙමින් ) මැටි රූපෙට කටු ගහනකොට හිතනවා මට කටු වෙනෙනවා කියලා. මේ වියවුල දරාගන්න බැරුවයි ඉන්නේ.

විධිමත්, සංවිධානාත්මක, දැක්මක් සහිත දේශපාලන ව්යාපාර රටකට හානි කරන්නේ නෑ. ආණ්ඩුවක් ගන්නා තීරණ සමාජයට අහිතකර නම් ඒකට බලපෑම් කරලා නතර කරන්න සටන් කිරීමෙන් සමාජයේ ස්ථාවරත්වය හදනවා. ඒ නිසා විධිමත් සටන් දේශපාලනය රටටත් ආණ්ඩුවටත් හිතකරයි. අපි ප්රතිපාර්ශව කණ්ඩායම්වලට කියන්නේ ඔබේ සටන් විධිමත් කරන්න, දැක්මක් සහිත කරන්න කියලයි.

හැබැයි මෙවැනි අවිධිමත්, දැක්මක් නැති, මනස නොසන්සුන් කණ්ඩායම් කොයි මොහොතක මොන වර්ගයේ අවදානම් සහිත ක්රියාවක් කරයිද කියන සැකය සහ අරාජිකත්වය නිර්මාණය වෙනවා. මෙතන තියෙන එකම අභියෝගය මේ අයගෙන් එන ප්රකාශ සහ ක්රියාමාර්ගවල තියෙන අවදානම විතරයි.“

කෙටියෙන් කිව්වොත් මොන පිස්සුවක් නටයිද දන්නේ නෑ. ඕක තමයි තියෙන අනතුර.

සමාජයෙන් විතැන් වුණු ඉතා කුඩා කල්ලියක් බවට පත් වෙද්දී ඕක ඒක විසින්ම විනාශයට පත් කරනවා. අවිධිමත්, අරාජික සටනක් ඇතුලෙමයි එහි විනාශකාරීත්වයේ පදනම හදලා තියෙන්නේ. ඒ නිසා ඒකට අලුත් නියෝග හෝ ක්රියාමාර්ග අවශ්ය නෑ, ඒක විසින්ම ඒක විනාශයට ගෙනියනවා. හැබැයි අපි කලබල නොවී ප්රවේශම් වෙන්න ඕනේ.“

“නැවතත් කියන්නේ අපි ප්රවේශම් වෙන්න ඕනේ, හෙට මොන පිස්සුවක් නටයිද දන්නේ නෑ."