ලාෆ්ස් සිලින්ඩරවලට ලිට්රෝ ගෑස් දීමේ සූදානමක්!
ලාෆ්ස් සමාගම සම්පූර්ණයෙන්ම ගෑස් සැපයීම අත්හිටුවුවහොත් වෙනත් සමාගමකට අවසර දෙන්නේදැයි කළ විමසීමේදී නියෝජ්ය අමාත්යවරයා ප්රකාශ කළේ, දැනට එවැනි සාකච්ඡාවක් නොමැති බවත්, ලිට්රෝ සමාගමට එම මුළු අවශ්යතාවයම සැපිරිය හැකිදැයි පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඉදිරි තීරණ ගන්නා බවත්ය.
LSN Sri Lanka ·

ලාෆ්ස් ගෑස් සමාගම විසින් ඉදිරියටත් අඛණ්ඩව ගෑස් සැපයීම සිදු නොකරන්නේ නම් පාරිභෝගික ජනතාව අපහසුතාවට පත්වීම වැළැක්වීම සඳහා ලාෆ්ස් ගෑස් සිලින්ඩරවලට ලිට්රෝ ගෑස් ලබා දීමට අවශ්ය සැලසුම් සකස් කරමින් පවතින බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන නියෝජ්ය අමාත්ය ආර්.එම්. ජයවර්ධන උපුටා දක්වමින් ඉරිදා ලංකාදීප වාර්තා කර තිබේ.

ඊට අදාළ මූලික සාකච්ඡාවක් ලබන සතියේදී වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහගේ මූලිකත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

මෙරට ගෑස් වෙළෙඳපොළේ සියයට 20ක පංගුවකට හිමිකම් කියන ලාෆ්ස් සමාගම මාස දෙකක පමණ කාලයක සිට වෙළෙඳපොළට නිසි පරිදි ගෑස් නිකුත් නොකිරීම හේතුවෙන් වත්මන් ගෑස් හිඟය නිර්මාණය වී ඇති බවත්, එම සමාගම ආරම්භයේ සිටම වරින් වර මෙලෙස ගෑස් ගෙන්වීම ප්රමාද කර ඇති බව දත්ත විශ්ලේෂණයේදී තහවුරු වන බවත් නියෝජ්ය අමාත්යවරයා පෙන්වා දී තිබේ.

ලිට්රෝ සමාගම සිය දෛනික බෙදාහැරීම් සාමාන්ය පරිදි සිදු කළද, ලාෆ්ස් සමාගමේ මෙම අක්රමවත් සැපයුම නිසා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මාර්ගයෙන් ගෑස් සැපයීම යාවත්කාලීන කිරීමට පියවර ගන්නා ලෙස දැනුම් දී ඇති අතර, එසේ නොකරන්නේ නම් නීතිමය පියවර ගන්නා ලෙසද උපදෙස් දී ඇත.

ඊට අමතරව ලාෆ්ස් සිලින්ඩර සඳහා ලිට්රෝ ගෑස් ලබා දීමට හැකි වන පරිදි තීරණයකට පැමිණ දැනුම් දෙන ලෙස ලාෆ්ස් සමාගමෙන් ඉල්ලා සිටියද, ඔවුන් මෙතෙක් ඊට නිශ්චිත පිළිතුරක් ලබා දී නොමැත.

ලාෆ්ස් සමාගම මෙරටට සියයට 20ක් සහ අපනයනය සඳහා සියයට 80ක් ලෙස ගිවිසුම්ගතව ව්යාපාර ආරම්භ කළද, දැනට එම අංශ දෙකම නිසි පරිදි ඉටු නොකරමින් මෙරට වෙළෙඳපොළ පංගුව පමණක් වැඩි කර ගැනීමට උත්සාහ කරන බවත්, ලිට්රෝ සමාගම අඛණ්ඩව සියයට 80ක සැපයුමක් ලබා දෙන බැවින් ලාෆ්ස් සමාගමේ එම ඉල්ලීමට අවසර දිය නොහැකි බවත් නියෝජ්ය අමාත්යවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

ලාෆ්ස් සමාගම සම්පූර්ණයෙන්ම ගෑස් සැපයීම අත්හිටුවුවහොත් වෙනත් සමාගමකට අවසර දෙන්නේදැයි කළ විමසීමේදී නියෝජ්ය අමාත්යවරයා ප්රකාශ කළේ, දැනට එවැනි සාකච්ඡාවක් නොමැති බවත්, ලිට්රෝ සමාගමට එම මුළු අවශ්යතාවයම සැපිරිය හැකිදැයි පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඉදිරි තීරණ ගන්නා බවත්ය.