ලබන වසරේ සිට ඊශ්රායලයේ සියලු රැකියා රජයෙන් පමණයි!
මේ වන විටත් ඊශ්රායලයේ රැකියා සඳහා නීත්යනුකූලව මුදල් ගෙවා ඇති පුද්ගලයන් මේ සම්බන්ධයෙන් අනවශ්ය බියක් ඇති කරගත යුතු නැති බවද, නව ක්රියාමාර්ග පිළිබඳ උපදෙස් ඉදිරියේ දී නිලවශයෙන් දැනුම් දෙන බවද, ශ්රී ලංකා විදේශ නියුක්ති කාර්යාලය සඳහන් කරයි.
LSN Sri Lanka ·
ඉදිකිරීම්, කාර්මික, වාණිජ හා සේවා ඇතුළු සියලුම ක්ෂේත්රයන් හි ඊශ්රායලයේ රැකියා සඳහා ශ්රී ලාංකිකයන් බඳවා ගැනීම 2027 ජනවාරි 01 වැනිදා සිට ක්රියාත්මක වන පරිදි රජයන් අතර ඇති කරගනු ලබන ගිවිසුම් යටතේ පමණක් සිදු කිරීමට ඊශ්රායල රජය තීරණය කර ඇත.

ඊශ්රායලයේ ශ්රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාලය වෙත මේ බව නිල වශයෙන් දැනුම් දෙනු ලැබ ඇති බව එම කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

ඒ අනුව, බලපත්රලාභී විදේශ රැකියා නියෝජිතායතන (පෞද්ගලික අංශය) මගින් දැනට ක්රියාත්මක වන ඊශ්රායල රැකියා සඳහා බඳවාගැනීමේ වැඩසටහන 2026 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වන බව කාර්යාලය සඳහන් කරයි.

කෙසේ වෙතත් 2027 වර්ෂය සඳහා ක්රියාත්මක කිරීමට නියමිත නව බඳවා ගැනීමේ ක්රමවේදය, බඳවා ගැනීමේ සීමාවන් සහ තෝරා ගැනීමේ ක්රියාපටිපාටිය පිළිබඳ නිල තොරතුරු මෙතෙක් ප්රකාශයට පත් කර නොමැත.

මෙම පසුබිම තුළ ඊශ්රායලයේ නව රැකියා ලබාගැනීමේ අරමුණෙන් පෞද්ගලික රැකියා නියෝජිතායතන වෙත යොමුවීම පිළිබඳව රැකියා අපේක්ෂකයන් සිතාබැලිය යුතු බව කාර්යාලය කියයි.

එමෙන්ම මේ වන විටත් ඊශ්රායලයේ රැකියා සඳහා නීත්යනුකූලව මුදල් ගෙවා ඇති පුද්ගලයන් මේ සම්බන්ධයෙන් අනවශ්ය බියක් ඇති කරගත යුතු නැති බවද, නව ක්රියාමාර්ග පිළිබඳ උපදෙස් ඉදිරියේ දී නිලවශයෙන් දැනුම් දෙන බවද, ශ්රී ලංකා විදේශ නියුක්ති කාර්යාලය සඳහන් කරයි. - වර්ෂා සමරසිංහ ( ඉරිදා ලංකාදීප )