2017 දී සීගිරි පර්වතය විදීමෙන් සිදු වූ හානිය පිළිබඳ විමර්ශනයක් පවත්වන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව නියෝග කරයි!
2017 වසරේදී සීගිරි පර්වතය විදීමෙන් සහ බර උපකරණ සවිකිරීමෙන් සිදු වූ හානිය පිළිබඳව කඩිනම් විමර්ශනයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අදාළ බලධාරීන්ට නියෝග කරයි.
LSN Sri Lanka ·
2017 වසරේදී සීගිරි පර්වතය විදීම සහ බර උපකරණ සවිකිරීම හේතුවෙන් පර්වතයට සිදු වූ බව කියන හානිය පිළිබඳව විමර්ශනයක් පවත්වා කඩිනම් පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) නියෝග කර තිබේ.

පසුගිය ඔක්තෝබර් 20 වැනිදා දිනැති පෙත්සමකට අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොමිෂන් සභාව විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල (CCF), සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරිය ව්‍යාපෘතිය වෙත මෙම විමර්ශනය සිදු කර කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස නියම කර ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තා කර තිබේ.

ජාතික වැදගත්කමකින් යුත් කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, සංස්කෘතික ත්‍රිකෝණය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) යන ආයතනවල සාමූහික අධීක්ෂණය යටතේ නිසි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ යුතු බව ද කොමිෂන් සභාව අවධාරණය කර තිබේ.

2017 වසරේදී මෙම ලෝක උරුම පරිශ්‍රයේ සිදු කළ සංරක්ෂණ සහ සංවර්ධන කටයුතු හේතුවෙන් පුරාවිද්‍යාත්මක සාක්ෂි විනාශ වෙමින් පවතින බවට පෙත්සම්කරුවෙකු වන දීමන් ආනන්ද චෝදනා කර තිබුණි. පර්වතයට සිදුරු විද ඇති බවත්, ඊට යන්ත්‍රෝපකරණ සවි කර ඇති බවත්, සිංහපාදය වෙනස් කර ඇති බවත්, පැරණි සෙල්ලිපි ඉවත් කර ඇති බවත් ඔහු සිය පෙත්සමෙන් කියා සිටියේය.

පෙත්සම්කරුගේ පැමිණිලි සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් මගින් කරුණු සොයා බැලූ බව පවසන මානව හිමිකම් කොමිෂන් සභාව, පර්වතය පාමුල සිට මුදුන දක්වා භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා කේබල් පද්ධතියක් සවි කර ඇති බවත්, ඊට අදාළ උපකරණ පර්වතයට සවි කර ඇති බවත් නිරීක්ෂණය කර ඇත. එමෙන්ම විදුලි උපකරණ භාවිතයෙන් පර්වතය විද ඇති බවත්, පැරණි බදාම සංරක්ෂණය කිරීමේදී නවීන බදාම සහ සිමෙන්ති භාවිත කර ඇති බවත් කොමිෂන් සභාව විසින් අනාවරණය කරගෙන තිබේ.

මෙම ඉදිකිරීම් සිදු කිරීමේදී නිසි අනුමැතියකින් හෝ නිසි ක්‍රියාපටිපාටියකට අනුව කටයුතු කළ බව තහවුරු කිරීමට වගඋත්තරකරුවන් අපොහොසත් වී ඇති බව කොමිෂන් සභාව නිගමනය කර ඇත.

සීගිරියේ වැදගත්ම ස්වභාවික හා සංස්කෘතික අංගය වන සීගිරි පර්වතයට ඉන් හානි සිදුව ඇති බව ද කොමිෂන් සභාව පෙන්වා දෙයි. තවද, නිසි ක්‍රියාපටිපාටියකින් තොරව සිදු කරන සංවර්ධන කටයුතු මගින් සංස්කෘතික හා පාරිසරික උරුමයන් සම්බන්ධයෙන් පවතින අයිතිවාසිකම් උල්ලංඝනය විය හැකි බව ද කොමිෂන් සභාව සඳහන් කර තිබේ.

කෙසේ වෙතත්, පැරණි සෙල්ලිපි ඉවත් කළ බවට පෙත්සම්කරු කළ අනෙකුත් චෝදනා තහවුරු කිරීමට ඔහු අපොහොසත් වී ඇති බව තීන්දුවේ සඳහන් වන අතර, සීගිරිය ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇත්තේ ශිලා ලේඛන හතක් පමණක් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කොමිෂන් සභාව වෙත දැනුම් දී ඇත.

පුරාවිද්‍යාත්මක ස්ථානවල ඇති වැදගත්කම අවධාරණය කරමින්, අදාළ බලධාරීන් හරහා මෙම ගැටලුවට විසඳුම් ලබා දීමටත්, පුරාවිද්‍යාත්මක ස්ථාන සහ ඒවායේ ඓතිහාසික වටිනාකම ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගැනීමටත් කොමිෂන් සභාව නිර්දේශ ඉදිරිපත් කර තිබේ.