රූමස්සල ජන්ගල් බීච් ප්රදේශයේ දි ප්රංශ සංචාරක කාන්තාවකට අතවර කළ බවට චෝදනා – රාගම පදිංචි තරුණයෙක් අත්අඩංගුවට !
ප්රංශ සංචාරකයාගේ ආරක්ෂාව සහතික කිරීමෙන් අනතුරුව සැකකරුව වැඩිදුර නීතිමය ක්රියාමාර්ග සඳහා හබරාදූව පොලිසිය වෙත භාර දී තිබේ. ඔහු අද (නොවැම්බර් 1) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.
LSN Sri Lanka ·
ගාල්ල රූමස්සල ජන්ගල් බීච් ප්රදේශයේදී වයස අවුරුදු 20ක ප්රංශ ජාතික සංචාරක තරුණියකට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබූ වයස අවුරුදු 21ක තරුණයෙක් උණවටුන සංචාරක පොලිස් අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
</p>
<p>
පොලිසිය පවසන පරිදි, සැකකරු රාගම ප්රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු අදාළ සිද්ධිය සිදු වූ අවස්ථාවේ එම ප්රදේශයට පැමිණ සිට ඇත.
</p>
<p>
සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත උණවටුන සංචාරක පොලිස් නිලධාරීන් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.ප්රංශ සංචාරකයාගේ ආරක්ෂාව සහතික කිරීමෙන් අනතුරුව සැකකරුව වැඩිදුර නීතිමය ක්රියාමාර්ග සඳහා හබරාදූව පොලිසිය වෙත භාර දී තිබේ. ඔහු අද (නොවැම්බර් 1) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.
</p>
<p>
වැඩිදුර පරීක්ෂණ හබරාදූව පොලිසිය මගින් සිදු කරනු ඇත.