LSN News › Sri Lanka

2020- 25 පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්: වසර පහක ලංකාවේ රටාව, ‘ආයුධ පෙන්වීමේ’ නාටකය සහ ජාත්‍යන්තර යථාර්ථය!

අපට පෙනෙන ආකාරයට පවතින්නේ පුනරුත්ථාපනය කළ යුතු පොලිසියකි. එහි මූලික ප්‍රවේශය ඇත්තේ පොලිස් ක්ෂේත්‍රයේ ස්වාධීනත්වය, විද්‍යාත්මක විමර්ශන ක්‍රමවේද ස්ථාපිත කිරීම සහ වගවීම තහවුරු කෙරෙන ආයතනික සංශෝධන තුළ පමණය.

LSN Sri Lanka · 31 October 2026

2020- 25 පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්: වසර පහක ලංකාවේ රටාව, ‘ආයුධ පෙන්වීමේ’ නාටකය සහ ජාත්‍යන්තර යථාර්ථය!

ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් පිළිබඳ සංවාදයේදී වඩාත්ම ආන්දෝලනාත්මක සහ බරපතලම මාතෘකාවක් බවට පත්ව ඇත්තේ පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් මියයාමේ සිදුවීම්ය. එය නැවත කරලියට පැමිණ ඇත්තේ හෝමාගම පොලිසියේ අත් අඩංගුවේ සිටි තරුණයෙක් බන්ධනාගාර මැදිරිය තුළ මිය යෑමය. මිය යෑමට පෙර පහර කෑමකට ලක්ව ඇති බව අනාවරණය වීමය.

තවත් සැලකිය යුතු කාරණාවක් තිබේ. හෝමාගම පොලිසියේ දී තරුණයා මැරෙන්නේ මේ මාසයේදීම කෝබෙයිගනේ පොලිස් බලප්‍රදේශයෙන් පොලිස් අත් අඩංගුවේ සිටිය දි සිදුවන මරණයක් පදනම් කරගනිමින් දැවැන්ත ආන්දෝලනයක් ඇති වී තිබියදීය. එවැනි මුග්ධ මරණ වළක්වා ගැනීමට අදාලව මාර්ගෝපදේශ නිකුත් කර තිබියදීය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) විසින් නිකුත් කරන ලද General Guidelines and Recommendations No. 1 of 2025 නිල වාර්තාවේ දත්ත යළිත් මතකයට නැගෙන්නේ එම වටපිටාවේදී ය. 2020 ජනවාරි සිට 2025 මාර්තු 31 දක්වා වූ වසර පහකට ආසන්න කාලය තුළ පමණක් මෙරට පොලිස් අත්අඩංගුවේදී හෝ පොලිස් මෙහෙයුම් අතරතුර මියගිය සංඛ්‍යාව 79කි.

මෙම සංඛ්‍යාලේඛන හුදෙක් ඉලක්කම් සමුච්චයක් පමණක් නොව, ගතවූ වකවානුවේ රටේ සමස්ත නීති ක්ෂේත්‍රයම සහ මහජන ආරක්ෂාව පිළිබඳ පද්ධතියම හමුවේ එල්ල වුන ප්‍රබල ප්‍රශ්නාර්ථයකි. සිරබන්ධනාගාර රැඳවුම් යටතේ සිදුවන මරණ මෙයට ඇතුළත් නොවන අතර, කොමිෂන් සභාවට ලැබුණු පැමිණිලි සහ විමර්ශන පදනම් කරගනිමින් පමණක් මෙම දත්ත සකස් කර තිබීම සැලකිය යුතුව ඇත්තේය.

මානව හිමිකම් කොමිෂන් සභා වාර්තාවට අනුව වාර්තා වී ඇති මරණ 79 ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්විය හැක:

1. පොලිස් අත්අඩංගුවේ සිටියදී සිදුවූ මරණ (49ක්):  සැකකරුවන් අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථාන තුළ හෝ රැඳවුම් භාරයේ සිටියදී සිදුවූ මරණ වේ.

2. පොලිස් මෙහෙයුම්/ගැටුම් අතරතුර මරණ - Encounter Deaths (30ක්): අත්අඩංගුවට ගැනීමෙන් පසු සඟවන ලද ආයුධ හෝ මත්ද්‍රව්‍ය පෙන්වීමට කැඳවාගෙන යාමේදී සිදුවූ ගැටුම් හෝ ආත්මාරක්ෂාව සඳහා වෙඩි තැබූ බවට කෙරෙන චෝදනා මත සිදුවූ මරණ වේ.

මෙම සිදුවීම් විශ්ලේෂණය කිරීමේදී පැහැදිලි රටාවන් කිහිපයක් හඳුනාගත හැක. බොහෝ අත්අඩංගුවේ මරණ වාර්තා වන්නේ කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල පිහිටි පොලිස් ස්ථාන හා කොට්ඨාස ආශ්‍රිතවය. ඊට අමතරව, Encounter deaths හෙවත් මෙහෙයුම් අතරතුර සිදුවන මරණ වැඩි වශයෙන් කොළඹ, ගම්පහ සහ ගාල්ල ප්‍රදේශවලින් වාර්තා වී ඇති අතර, ඒවායින් ඇතැම් සිදුවීම් සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) දායකත්වයද ඇතුළත් වේ.

වඩාත් නරකම තත්ත්වය වන්නේ, මෙම වින්දිතයන්ගෙන් බහුතරයක් අත්අඩංගුවට ගෙන පැය 24ක් වැනි කෙටි කාලයක් ඇතුළත මියගොස් තිබීමය. මෙම මරණ සඳහා ප්‍රධාන හේතු ලෙස දැක්වෙන්නේ ආයුධ හෝ මත්ද්‍රව්‍ය සොයාගැනීමේ ක්‍රියාවලියේදී සිදුවන ගැටුම්, සැකකරුවන්ට කෙරෙන කුරිරු හෝ අමානුෂික සැලකිලි, සහ නිලධාරීන්ගේ නොසැලකිල්ල හෝ අකර්මන්‍යතාවයයි.

"ආයුධ පෙන්වීමේ" ඒකාකාරී ආඛ්‍යානය

ශ්‍රී ලංකාවේ පොලිස් අත්අඩංගුවේ සිදුවන මරණවල ඇති විශේෂම සහ භයානකම ලක්ෂණය වන්නේ "සඟවන ලද ආයුධ පෙන්වීමට යාමේදී පොලිසියට පහරදීමට තැත් කිරීම නිසා වෙඩි තැබීම" යන ඒකාකාරී කථාන්දරය ය. වසර ගණනාවක් පුරා විවිධ සැකකරුවන් සම්බන්ධයෙන් එකම ආකාරයේ සිදුවීම් පෙළගැස්මක් ඉදිරිපත් වීම ජාත්‍යන්තර වශයෙන් පවා දැඩි ප්‍රශ්න කිරීමට ලක්ව ඇත.

මෙවැනි ඒකාකාරී ආඛ්‍යාන ජාත්‍යන්තර නීතියට අනුව නීති විරෝධී ඝාතන (Extrajudicial Killings) ලෙස වර්ගීකරණය වීමේ අවදානමක් පවතින අතර, එමගින් මෙරට අධිකරණ පද්ධතිය සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන කෙරෙහි පවතින විශ්වාසනීයත්වය පළුදු වූයේය.

ජාත්‍යන්තර තත්ත්වය හා ශ්‍රී ලංකාව සැසඳීම

ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 22ක් පමණ වේ. වසර 5ක් තුළ මරණ 79ක් යනු වසරකට සාමාන්‍යයෙන් මරණ 15කට ආසන්න සංඛ්‍යාවකි. එනම් මසකට එක් අයෙකුට වඩා පොලිස් අත්අඩංගුවේදී හෝ මෙහෙයුම්වලදී මියයයි. ජනගහනයේ ප්‍රමාණයට සාපේක්ෂව බලන කල මෙය ඉතා ඉහළ අනුපාතයකි.

ඉන්දියාව: මිලියන 1,400කට අධික ජනගහනයක් වෙසෙන ඉන්දියාවේ ජාතික අපරාධ වාර්තා කාර්යාංශයේ (NCRB) දත්තවලට අනුව, වසරකට වාර්තා වන පොලිස් අත්අඩංගුවේ මරණ සංඛ්‍යාව 70–90 අතර වේ. ජනගහනයට සාපේක්ෂව මෙම අනුපාතය අඩු වුවද, නිරපේක්ෂ සංඛ්‍යාව ඉහළය. එහෙත් ඉන්දියාවේද වගවීම සහ වගකිවයුත්තන්ට දඬුවම් පැමිණවීම ඉතා මන්දගාමීී තත්ත්වයක පවතී.

එංගලන්තය සහ වේල්සය: මිලියන 60ක ජනගහනයක් සහිත එංගලන්තයේ සහ වේල්සයේ Independent Office for Police Conduct (IOPC) දත්තවලට අනුව, පොලිස් අත්අඩංගුවේ හෝ ඊට ආසන්නව සිදුවන වාර්ෂික මරණ සංඛ්‍යාව 15–25 අතර වේ. එහෙත් එහි පවතින විනිවිදභාවය, ස්වාධීන විමර්ශන පද්ධතිය සහ ක්ෂණික වාර්තාකරණය නිසා වගවීම ඉහළ මට්ටමක පවතී.

යුරෝපීය රටවල්:2020–2022 කාලසීමාවේදී යුරෝපීය රටවල් 13ක දත්තයන්ට අනුව අවම වශයෙන් මරණ 488ක් වාර්තා වී ඇත. එහෙත් බොහෝ රටවල් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ Minnesota Protocol (සංකේතාත්මක හා නීති විරෝධී ඝාතන පිළිබඳ ස්වාධීන විමර්ශන මාර්ගෝපදේශ) නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් චෝදනාවලට ලක්වේ.

විසඳුම සහ ඉදිරි මග

අත්අඩංගුවේ පසුවන යම් පුද්ගලයෙකු යම් අපරාධයකට සම්බන්ධ වූවෙකු වුවද, ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ සහ දඬුවම් පැමිණවීමේ බලය ඇත්තේ අධිකරණයට මිස පොලිසියට නොවේ. පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවෙකුගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ පූර්ණ වගකීම ඇත්තේ රජයට සහ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ටය.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් විශේෂ මාර්ගෝපදේශ සහ නිර්දේශ මාලාවක් නිකුත් කර ඇති අතර, පොලිස්පතිවරයා හරහා ඒවා සියලුම පොලිස් ස්ථාන වෙත චක්‍රලේඛයක් ලෙස බෙදා හැරීමට පියවර ගෙන ඇත. එහෙත් කඩදාසියට සීමා නොවී ඒවා බිම් මට්ටමින් ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය වේ.

විශේෂයෙන්ම:

1. සියලුම පොලිස් ස්ථාන සහ ප්‍රශ්න කිරීම් සිදුකරන කාමර තුළ CCTV කැමරා පද්ධති සක්‍රීයව පවත්වාගෙන යාම.

2. අත්අඩංගුවේදී සිදුවන මරණ පිළිබඳව ස්වාධීන සහ විනිවිදභාවයෙන් යුතු විමර්ශන පැවැත්වීම.

3. මානව හිමිකම් සහ අත්අඩංගුවට ගැනීමේ සම්මත ක්‍රියාපටිපාටීන් පිළිබඳව පොලිස් නිලධාරීන්ට නිරන්තර පුහුණුව ලබාදීම.

4. නීතියට පිටින් සිදුවන ඕනෑම ක්‍රියාවකට එරෙහිව වගවීම සහ නීතිමය පියවර දැඩිව ක්‍රියාත්මක කිරීම.

පොලිස් අත්අඩංගුවේ සිදුවන මරණ යනු හුදෙක් සංඛ්‍යාලේඛනයක් නොව, රටක ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය මැන බලන මිණුම්දණ්ඩකි. මහජන ආරක්ෂාව තහවුරු කරන අතරම පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය ගොඩනැගීමට නම් මෙම රටාව වහාම වෙනස් විය යුතුය.

මෙහි බරපතලකම අවබෝධ කරගත හැකි තවත් මානයක් තිබේ. නව රජයක් බලයට පත්වීමත් සමඟ අතීතයේ පැවැති "සඟවන ලද ආයුධ පෙන්වීමට යෑමේදී සිදු වූ" ජුගුප්සාජනක සහ සැක සහිත මරණ නතර වීමේ යහපත් ප්‍රවණතාවක් සමාජය අත් විඳිමින් ඇත. නමුත් පොලිස් සෙල් මැදිරි තුළ සිදුවන මරණ තවදුරටත් වාර්තා වීමෙන් පැහැදිලි වන්නේ ගැටලුවේ ව්‍යුහාත්මක බරපතලකමය. දේශපාලන අධිකාරිය හෝ ආණ්ඩු මාරු වූ පමණින් වසර ගණනාවක් පුරා පොලිස් පද්ධතිය තුළ මුල්බැසගෙන තිබෙන බලය අවභාවිත කිරීම, අත්අඩංගුවේ පසුවන්නන්ට අමානුෂික ලෙස සැලකීම සහ විමර්ශන සඳහා නීති විරෝධී බලපෑම් එල්ල කිරීමේ පැරණි භාවිතයන් අහෝසි වී නොමැත.

අත්අඩංගුවේ සිටින පුද්ගලයෙකුගේ සම්පූර්ණ ජීවිත ආරක්ෂාව පිළිබඳ වගකීම රජය සහ පොලිස් දෙපාර්තමේන්තුව සතුව පවතින පසුබිමක, මෙවැනි මරණ සිදු වීම නීතියේ ආධිපත්‍යයට මෙන්ම සමස්ත රාජ්‍ය පද්ධතිය කෙරෙහි පවතින මහජන විශ්වාසයට එල්ල වන ප්‍රබල අභියෝගයක් ලෙස දැන් සමාජය ඉදිරියේ කථිකාවට ලක් වෙමින් ඇත. අපට පෙනෙන ආකාරයට පවතින්නේ පුනරුත්ථාපනය කළ යුතු පොලිසියකි. එහි මූලික ප්‍රවේශය ඇත්තේ පොලිස් ක්ෂේත්‍රයේ ස්වාධීනත්වය, විද්‍යාත්මක විමර්ශන ක්‍රමවේද ස්ථාපිත කිරීම සහ වගවීම තහවුරු කෙරෙන ආයතනික සංශෝධන තුළ පමණය.