ශ්‍රීලංකන් එයාර්ලයින්ස් 2024/2025 වසරේදී රුපියල් බිලියන 7.6ක ශුද්ධ අලාභයක් වාර්තා කරයි!
විවිධ ගෝලීය හා මෙහෙයුම් අභියෝග රැසක් මැද වුවද, මෙම මුදල් වර්ෂය තුළදී රුපියල් බිලියන 296.5ක ආදායමක් උපයා ගැනීමට ශ්‍රීලංකන් එයාර්ලයින්ස් ගුවන් සේවය සමත්ව ඇත.
LSN Sri Lanka ·
ශ්‍රීලංකන් එයාර්ලයින්ස් ගුවන් සමාගම 2024/2025 මුදල් වර්ෂය තුළදී රුපියල් බිලියන 7.6ක ශුද්ධ අලාභයක් වාර්තා කර තිබේ. ඒ බව තහවුරු කර ඇත්තේ ශ්‍රීලංකන් එයාර්ලයින්ස් ගුවන් සේවය සම්බන්ධයෙන් 2024/2025 වර්ෂයට අදාළව නිකුත් කර ඇති නවතම වාර්ෂික කාර්යසාධන වාර්තාව මගිනි.
</p>
<p>
විවිධ ගෝලීය හා මෙහෙයුම් අභියෝග රැසක් මැද වුවද, මෙම මුදල් වර්ෂය තුළදී රුපියල් බිලියන 296.5ක ආදායමක් උපයා ගැනීමට ශ්‍රීලංකන් එයාර්ලයින්ස් ගුවන් සේවය සමත්ව ඇත.
</p>
<p>
ගුවන් සේවා කර්මාන්තයට නිරන්තරයෙන් බලපාන අවදානම් සහිත ගෝලීය අභියෝග, භූ-දේශපාලනික තත්ත්වයන් හේතුවෙන් ඉන්ධන පරිභෝජන වියදම් ඉහළ යාම, එයාර්බස් ගුවන් යානාවල එන්ජින්වල මතුවූ තාක්ෂණික ගැටලු හේතුවෙන් ලොව පුරා පියාසැරි අකර්මන්‍ය වීම මෙන්ම අමතර කොටස් හිඟය නිසා අනිවාර්ය නඩත්තු කටයුතු ප්‍රමාද වීම ආදී කරුණු රැසක් ගුවන් සේවයේ ආදායම් මාර්ග කෙරෙහි සෘජුවම බලපා තිබේ.
</p>
<p>
මීට අමතරව, විදේශ විනිමය අනුපාතිකවල වෙනස්වීම්, ධාරිතා සීමාසහිත බව සහ ගෝලීය වශයෙන් ගුවන් ගමන් ආදායම පහත වැටීම හේතුවෙන් 2023/2024 මුදල් වර්ෂයට සාපේක්ෂව 2024/2025 මුදල් වර්ෂයේදී මගී ආදායම සියයට 15කින් පහත වැටී ඇති බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
</p>
<p>
සැලසුම් නොකළ එන්ජින් අලුත්වැඩියා කටයුතු සඳහා වැයවූ රුපියල් බිලියන 2.2ක මුදල සහ රුපියල් බිලියන 31.6ක ශුද්ධ මුදල් ගාස්තු ගණනය කිරීමෙන් අනතුරුව, ගුවන් සමාගම මෙලෙස රුපියල් බිලියන 7.6ක ශුද්ධ අලාභයක් සටහන් කර ඇත.