2024ට සාපේක්ෂව 2026 මුල් මාස පහේ ටින්මාළු ආනයනය 99.8%කින් පහතට... මුහුදක් මැද ඉඳන් ටින් මාලු පිටරටින් ගෙනත් කෑම නවතින ලකුණු!
2024 වර්ෂයේ මුල් මාස පහ තුළ දී මෙරටට ටින්මාළු මෙට්‍රික් ටොන් 3,007.5ක් ආනයනය කර තිබුණි. 2026 වර්ෂයේ මුල් මාස පහ තුළ මෙරට ටින්මාළු ආනයනය මෙට්‍රික් ටොන් 5.4 දක්වා පහළ වැටි තිබේ.
LSN Sri Lanka ·

2024 වර්ෂයේ මුල් මාස පහට (ජනවාරි - මැයි) සාපේක්ෂව 2026 වර්ෂයේ මුල් මාස පහ තුළ මෙරට ටින්මාළු ආනයනය මෙට්‍රික් ටොන් 5.4 දක්වා සියයට 99.8ක දැවැන්ත ප්‍රමාණයකින් අඩුවී ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

2024 වර්ෂයේ මුල් මාස පහ තුළ දී මෙරටට ටින්මාළු මෙට්‍රික් ටොන් 3,007.5ක් ආනයනය කර තිබුණි.

2021 සිට 2024 දක්වා වූ පසුගිය වසර හතරක කාලය තුළ මෙරටට ආනයනය කරන ලද ටින්මාළු පිළිබඳ දත්ත විශ්ලේෂණය කිරීමේ දී එය ඉහළ අගයක පැවැති බව පෙනී යයි.
ඒ අනුව 2021 වර්ෂයේ දී ටින්මාළු මෙට්‍රික් ටොන් 8,758.1ක්,

2022 වර්ෂයේ දී මෙට්‍රික් ටොන් 3,434ක්

2023 වර්ෂයේ දී මෙට්‍රික් ටොන් 7,904.4ක් වශයෙන් ආනයනය කර ඇත.

කෙසේ වෙතත් 2024 මුළු වසර පුරාම ටින්මාළු මෙට්‍රික් ටොන් 4,476.0ක් ආනයනය කර තිබූ අතර, 2025 වර්ෂයේ දී එය මෙට්‍රික් ටොන් 601.1 දක්වා ශීඝ්‍රයෙන් පහත වැටුණි. 2025 වසරේ දී මෙන්ම 2026 වර්ෂයේ මුල් මාස පහ තුළ දී ද මෙම ආනයන ප්‍රමාණය කැපී පෙනෙන අයුරින් අඩුවී තිබීම විශේෂත්වයකි.

මේ අතර 2024 වර්ෂයේ දී ටින්මාළු ආනයනය සඳහා රුපියල් මිලියන 3,317.8ක මුදලක් වැය කර තිබූ අතර, 2025 වර්ෂයේ දී ඒ සඳහා වැය වී ඇත්තේ රුපියල් මිලියන 1,019.0ක මුදලක් පමණි.