LSN News › Sri Lanka

2025 අවසන් වෙද්දී අභියාචනාධිකරණයේ විසඳුම් නැති අධිකරණයට අපහාස කිරීමේ නඩු 63ක්!

2025 වසරේ ජනවාරි 01 වැනිදා වන විට අභියාචනාධිකරණය හමුවේ විසඳීමට තිබූ අධිකරණයට අපහාස කිරීමේ නඩු සංඛ්‍යාව 68කි. එම වසර තුළ අලුතින් ලියාපදිංචි වූ නඩු සංඛ්‍යාව 40කි.

LSN Sri Lanka · 27 September 2026

2025 අවසන් වෙද්දී අභියාචනාධිකරණයේ විසඳුම් නැති අධිකරණයට අපහාස කිරීමේ නඩු 63ක්!

අධිකරණයට අපහාස කිරීමේ නඩු 63ක් පසුගිය 2025 වසර අවසන් වන විටත් විසඳීමට නොහැකිව අභියාචනාධිකරණය තුළ ඉතිරිව තිබූ බව ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලය නිකුත් කළ 2025 කාර්යසාධන වාර්තාවේ සඳහන් වේ.

</p>

<p>

එම වාර්තාවට අනුව 2025 වසරේ ජනවාරි 01 වැනිදා වන විට අභියාචනාධිකරණය හමුවේ විසඳීමට තිබූ අධිකරණයට අපහාස කිරීමේ නඩු සංඛ්‍යාව 68කි. එම වසර තුළ අලුතින් ලියාපදිංචි වූ නඩු සංඛ්‍යාව 40කි.

</p>

<p>

ඒ අනුව 2025 වසර තුළ විසඳීම සඳහා අභියාචනාධිකරණය හමුවේ තිබූ මුළු අධිකරණයට අපහාස කිරීමේ නඩු සංඛ්‍යාව 108කි.

</p>

<p>

ඉන් නඩු 45ක් පසුගිය වසර තුළ විසඳා අවසන් කිරීමට අභියාචනාධිකරණය සමත්ව ඇති බව ද එකී වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.