LSN News › Sri Lanka

Sport · Sri Lanka Bureau

2026 ආසියානු පැරා ක්‍රීඩා උළෙලට යන ශ්‍රී ලංකා සංචිතය ජපානය බලා පිටත්ව යයි!

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් එක්වන බව ජාතික පැරාලිම්පික් කමිටුවේ සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් ධනංජය අලුදෙනිය සඳහන් කළේය. එම සංචිතයට ක්‍රීඩිකාවන් තිදෙනෙකු ද ඇතුළත් වේ.

LSN Sri Lanka · 12 October 2026

2026 ආසියානු පැරා ක්‍රීඩා උළෙලට යන ශ්‍රී ලංකා සංචිතය ජපානය බලා පිටත්ව යයි!

2026 ආසියානු පැරා ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහාවන ශ්‍රී ලංකා සංචිතයේ පළමු කණ්ඩායම අද අලුයම ජපානයේ නාගෝයා නුවර බලා පිටත්ව ගියේය.

මෙවර තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 24 වැනිදා දක්වා ජපානයේ නාගෝයා හිදී පැවැත්වීමට නියමිත අතර, ඉතිරි ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඉදිරි දින කිහිපය තුළ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව සිටිති.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් එක්වන බව ජාතික පැරාලිම්පික් කමිටුවේ සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් ධනංජය අලුදෙනිය සඳහන් කළේය. එම සංචිතයට ක්‍රීඩිකාවන් තිදෙනෙකු ද ඇතුළත් වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරග ඉසව් 5ක් නියෝජනය කිරීමට නියමිතය. ඒ අනුව මලල ක්‍රීඩා (Athletics), පිහිනුම් (Swimming), මේස පන්දු (Table Tennis), වීල්චෙයාර් ටෙනිස් (Wheelchair Tennis) සහ බැඩ්මින්ටන් (Badminton) යන ක්‍රීඩා ඉසව් සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තරග වදිති.

පසුගිය වසර දෙකක කාලය තුළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියලු දෙනා ඉතා විධිමත් හා දැඩි පුහුණු වැඩසටහනකට මුහුණ දුන් අතර, රටට වැඩි පදක්කම් ප්‍රමාණයක් අත්කර දෙමින් විශිෂ්ට ජයග්‍රහණ ලබාගැනීම ප්‍රධාන අරමුණ බව ද පැරාලිම්පික් කමිටු සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

කණ්ඩායම නියෝජනය කරන ප්‍රමුඛ මලල ක්‍රීඩක සමිත දුලාන් ප්‍රකාශ කළේ, තරගාවලියට මුහුණ දීම සඳහා මුළු කණ්ඩායමම ඉතා යහපත් මානසික මට්ටමකින් පසුවන බවත්, මව්බිමට වැඩි පදක්කම් ප්‍රමාණයක් දිනා දීම සියලු දෙනාගේම එකම බලාපොරොත්තුව බවත්ය.

එසේම T47 කාණ්ඩය යටතේ මීටර් 100, මීටර් 200 සහ දුර පැනීමේ ඉසව් නියෝජනය කරන ජනනි ධනංජනා වික්‍රමසිංහ සඳහන් කළේ, මෙවර තරගාවලියේදී තමාගේ පෞද්ගලික හොඳම දක්ෂතාව වාර්තා කරමින් නැවතත් පදක්කමකට යෑමට දැඩි උත්සාහයක නිරත වන බය. ඇය ප්‍රකාශ කළාය.

S9 කාණ්ඩය යටතේ මීටර් 400 නිදහස් ආර, මීටර් 100 නිදහස් ආර සහ මීටර් 100 සමන්ප්‍රනල ආර(Butterfly) ඉසව් නියෝජනය කරන පැරා පිහිනුම් ක්‍රීඩිකා ගලීනා බස්නායක මෙවර ශ්‍රි ලංකා පදක්කම් බලාපොරොත්තුවකි.

“මම පැරා ස්විමර් කෙනෙක් විදිහට S9 කාණ්ඩය යටතේ මීටර් 400 නිදහස් ආර, මීටර් 100 නිදහස් ආර සහ මීටර් 100 සමනල ආර ඉසව් සඳහා තරග කරනවා. හංජෝ හි පැවැත්වුණු පසුගිය 2023 ආසියානු ක්‍රීඩා උළෙලේදීත් මට ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි වුනා. “

“මෙවරත් තවත් පදක්කමක් ගෙන ඒමට මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මගේ රට ආඩම්බරයට පත් කරමින් අපේ පුංචි රටට කීර්තියක් අත්කර දීමට මම බලාපොරොත්තු වෙනවා.“ ඇය කීවාය.