LSN News › Sri Lanka

2026 සිව්වන කාර්තුවේ විදුලි ගාස්තු වැඩි වෙයි... 2.88%ක් මිල වැඩිකිමිමේ NSO යෝජනාව 1.46% දක්වා අඩු කිරීමට PUSL තීරණය කරයි...

PUCSL මූලික සමාලෝචනයේදී ගල් අඟුරු බලාගාර ධාරිතා පිරිවැය ඉහළ යාමට අදාළ යෝජිත පිරිවැය ඉවත් කිරීමට පියවර ගෙන ඇත. ඊට අමතරව 2026 දෙවන කාර්තුවේ ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු භාවිතය හේතුවෙන් ඇති වූ අමතර පිරිවැය නැවත සලකා බැලීමටත්, Electricity Distribution Lanka (EDL) සමාගම ඉදිරිපත් කළ ඇතැම් අතිරේක වියදම් (විදුලි සැපයුම් විශ්වසනීයතා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක ණය ගෙවීම් සම්බන්ධ රුපියල් බිලියන 1.1ක් ඇතුළුව) ප්‍රතික්ෂේප කිරීමටත් කොමිෂන් සභාව තීරණය කර තිබේ.

LSN Sri Lanka · 4 November 2026

2026 සිව්වන කාර්තුවේ විදුලි ගාස්තු වැඩි වෙයි...    2.88%ක් මිල වැඩිකිමිමේ NSO යෝජනාව 1.46% දක්වා අඩු කිරීමට PUSL තීරණය  කරයි...

2026 වසරේ අවසන් කාර්තුව (ඔක්තෝබර්–දෙසැම්බර්) සඳහා විදුලි ගාස්තු සංශෝධනයේදී සියයට 1.46ක වැඩිවීමක් සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) මූලික වශයෙන් යෝජනා කර තිබේ. ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) විසින් ඉදිරිපත් කළ මුල් යෝජනාව සියයට 2.88ක් වූ අතර, කොමිෂන් සභාවේ මූලික සමාලෝචනයෙන් පසු එම අගය මෙසේ අඩු කර ඇත.

ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) යෝජනාවට අනුව, සිව්වන කාර්තුවේ විදුලි සැපයුම් පිරිවැය රුපියල් බිලියන 157.3ක් ලෙස ඇස්තමේන්තු කර තිබිණි. වත්මන් ගාස්තු මට්ටමින් අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 154ක් පමණ වේ. ඒ අනුව රුපියල් බිලියන 4.4ක පමණ ආදායම් හිඟයක් පියවා ගැනීම සඳහා සියයට 2.88ක ගාස්තු වැඩිවීමක් අවශ්‍ය බව NSO පෙන්වා දී තිබුණි.

කෙසේ වෙතත්, PUCSL මූලික සමාලෝචනයේදී ගල් අඟුරු බලාගාර ධාරිතා පිරිවැය ඉහළ යාමට අදාළ යෝජිත පිරිවැය ඉවත් කිරීමට පියවර ගෙන ඇත. ඊට අමතරව 2026 දෙවන කාර්තුවේ ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු භාවිතය හේතුවෙන් ඇති වූ අමතර පිරිවැය නැවත සලකා බැලීමටත්, Electricity Distribution Lanka (EDL) සමාගම ඉදිරිපත් කළ ඇතැම් අතිරේක වියදම් (විදුලි සැපයුම් විශ්වසනීයතා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක ණය ගෙවීම් සම්බන්ධ රුපියල් බිලියන 1.1ක් ඇතුළුව) ප්‍රතික්ෂේප කිරීමටත් කොමිෂන් සභාව තීරණය කර තිබේ. මෙම ගැලපීම්වලින් පසුව යෝජිත ගාස්තු වැඩිවීම සියයට 1.46 දක්වා අඩු වී ඇති අතර, අවසන් තීරණය මහජන උපදේශන ක්‍රියාවලිය අවසන් වීමෙන් පසුව ගැනීමට නියමිතය.

මෙම සමාලෝචනය සඳහා විදුලි උත්පාදන පුරෝකථන, ඉන්ධන මිල, ජල විදුලි උත්පාදනය, පුනර්ජනනීය බලශක්ති දායකත්වය, බැටරි බලශක්ති ගබඩා පද්ධතිවල (BESS) පිරිවැය සහ විදුලි බෙදාහැරීමේ සමාගම්වල අතිරේක වියදම් ඇතුළත් කර ඇත. NSO විසින් සිව්වන කාර්තුව සඳහා ගිගාවොට් පැය 4,796ක විදුලි ඉල්ලුමක් පුරෝකථනය කර ඇති අතර, එම උත්පාදනයෙන් 32.34%ක් ප්‍රධාන ජල විදුලියෙන්ද, 25.68%ක් ගල් අඟුරුවලින්ද, 28.81%ක් වෙනත් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන්ද ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.

උපදේශන ලේඛනයට අනුව, පෙර කාර්තුවට සාපේක්ෂව ගල් අඟුරු මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. ජල විදුලි හා පුනර්ජනනීය බලශක්ති දායකත්වය අඩු වීම හේතුවෙන් දෙසැම්බර් මාසයේ ජනන පිරිවැය ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලට වඩා 34%කින් පමණ ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇත.

යෝජිත ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් පාර්ශ්වකරුවන්ගේ අදහස් ලබා ගැනීම සඳහා PUCSL මේ වන විට මහජන උපදේශන ක්‍රියාවලියක් ආරම්භ කර ඇති අතර, ලිඛිත අදහස් නොවැම්බර් 5 වනදා දක්වා ඉදිරිපත් කළ හැක. මුඛ උපදේශනය 2026 නොවැම්බර් 5 වනදා උදෑසන 9.00 සිට කොළඹ BMICH හිදී පැවැත්වේ. සහභාගී වීමට කැමති මහජනතාවට 0770399119 දුරකථන අංකය ඇමතීමෙන් ලියාපදිංචි විය හැක.