LSN News › Sri Lanka

පුවර්ටෝ රිකෝ හි පැවැත්වෙන 2026 විශ්ව රූ රැජින තරගාවලිය: තරගාවලිය දෙකඩ කරන දරුණු ගැටුම පිළිබඳ අප්‍රසන්න කථාව!

පසුගිය වසරේ (2025) තරගාවලියේදීද විශාල ආන්දෝලනාත්මක සිදුවීම් ඇති විය. ජයග්‍රාහිකාව වූ මෙක්සිකෝ රූ රැජින ෆාතිමා බොෂ්ට (Fátima Bosch) වාසි වන ලෙස ඡන්ද ගණන් කිරීමේදී වංචා සිදු වූ බවට චෝදනා එල්ල වූ අතර විනිසුරුවන් කිහිප දෙනෙකුද ඉල්ලා අස්විය. ප්‍රධාන ඡායාරූපයේ දැක්වෙන්නේ ඇය කිරුළ පැළඳි අවස්ථාවය.

LSN Sri Lanka · 24 November 2026

පුවර්ටෝ රිකෝ හි පැවැත්වෙන 2026 විශ්ව රූ රැජින තරගාවලිය: තරගාවලිය දෙකඩ කරන දරුණු ගැටුම පිළිබඳ අප්‍රසන්න කථාව!

විශ්ව රූ රැජින (Miss Universe) යනු ලොව විශාලතම සහ පැරණිතම රූ රැජින තරගාවලියකි. සෑම වසරකම රටවල් 100කට අධික සංඛ්‍යාවක තරුණියන් මෙම කිරුළ වෙනුවෙන් තරග වදිති.

මෙවර පැවැත්වෙන්නේ මෙම තරගාවලියේ 75 වැනි අදියරය. එය ඇමරිකා එක්සත් ජනපදයට අයත් ප්‍රදේශයක් වන පුවර්ටෝ රිකෝ හි සැන් ජුවාන් (San Juan) නුවරදී පැවැත්වේ. අවසන් මහා තරගය අද ( 2026 නොවැම්බර් 24 ) දින පැවැත්වීමට නියමිතය. ඒ සඳහා තරගකාරියන් 116 දෙනෙකු පමණ පැමිණ සිටිති. ශ්‍රී ලංකාව නියෝජනය කරන්නී 25 හැවිරිදි රූමතියකි. ඇය නිම්හාරා සසින්දි (Nimhara Sasindi) ය. නිම්හාරා රංගන ශිල්පිනියක, නිරූපිකාවක සහ සමාජ මාධ්‍ය නිර්මාණකාරිනියක (Content Creator) ලෙස කටයුතු කරන තරුණියකි. මේ ඇයගේ රූපණයකි.

රටක් ලෙස අප අපේ තරගකාරිණිය ගැන බලාපොරොත්තු සහිතවය. එහෙත් ලෝක අවධානය යොමු වී ඇති ඉසව් ඊට වඩා වෙනස් සහ සංකීර්ණ ස්වරූපයක් උසුලන ආකාරය නිව්යොක් ටයිම්ස් වාර්තාවක් අනාවරණය කරන්නේය.

ලෝකයේ ප්‍රකට මාධ්‍ය පෙන්වා දෙන ආකාරයට මෙවර තරගාවලිය වටා උද්යෝගය වෙනුවට දක්නට ලැබෙන්නේ එහි හිමිකරුවන් අතර පවතින දරුණු සහ ප්‍රසිද්ධ ගැටුමකි. බොහෝ දෙනා මෙය සංවිධානය ඇතුළත ඇති වූ "සිවිල් යුද්ධයක්" ලෙස හඳුන්වති.

හිමිකාරිත්වය බෙදී ගිය ආකාරය

2022 වසරේදී තායිලන්ත ව්‍යාපාරික කාන්තාවක වන ජක්කපොං "ඈන්" ජක්‍රජුටාටිප් (ඇගේ JKN Global Group සමාගම හරහා) විශ්ව රූ රැජින සංවිධානය මිලදී ගත්තාය. ඇය තායිලන්තයේ ප්‍රසිද්ධ සංක්‍රාන්ති ලිංගික ව්‍යවසායිකාවක් සහ ක්‍රියාකාරිනියකි.

2024 මුල් භාගයේදී ඇය සමාගමේ කොටස්වලින් සියයට 50ක් මෙක්සිකානු ව්‍යාපාරිකයෙකු වන රාවුල් රෝචා කැන්ටුට (ඔහුගේ Legacy Holding සමාගම හරහා) විකුණා දැමුවාය. එතැන් පටන් සංවිධානය සමාන පාර්ශ්ව දෙකකට බෙදී ගියේය:

MU West (රෝචා විසින් පාලනය කරන බටහිර පාර්ශ්වය)

MU East (ඈන් සහ ඇගේ සමාගමට සම්බන්ධ නැගෙනහිර පාර්ශ්වය)

එදා සිට මෙම දෙපාර්ශ්වය විවෘත ගැටුමක පැටලී සිටිති. සැබෑ බලය ඇත්තේ කාටද, වලංගු ගිවිසුම් මොනවාද සහ තරගාවලිය පැවැත්විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව ඔවුන් අතර එකඟතාවක් නොමැත. දෙපාර්ශ්වයම එකිනෙකාට චෝදනා කරමින් නිවේදන නිකුත් කරති.

දෙපාර්ශ්වයටම එරෙහි බරපතල නීතිමය ගැටලු

මෙම ප්‍රධාන පුද්ගලයින් දෙදෙනාටම එරෙහිව අධිකරණය ඉදිරියේ ඇති නඩු හේතුවෙන් ගැටුම තවත් උග්‍ර වී තිබේ.

රාවුල් රෝචා කැන්ටුට මෙක්සිකෝවේදී බරපතල චෝදනා එල්ල වී ඇත. සංවිධානාත්මක අපරාධ, මුදල් විශුද්ධිකරණය සහ ඉන්ධන සම්බන්ධ නීතිවිරෝධී ක්‍රියාකාරකම් පිළිබඳ චෝදනා මත බලධාරීන් ඔහුට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර තිබේ. ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කරන නමුත් මෙක්සිකානු බලධාරීන් පසුගිය කාලයේ ඔහුගේ ඇතැම් බැංකු ගිණුම් අත්හිටුවීමටද පියවර ගත්තේය.

ඈන් ජක්‍රජුටාටිප්ටද තායිලන්තයේදී නීතිමය ගැටලු රැසකට මුහුණ දීමට සිදුව ඇත. බාත් මිලියන 30ක් පමණ වූ සමාගම් බැඳුම්කර ආයෝජනයකට අදාළ වංචාවක් සම්බන්ධයෙන් ඇය වරදකාරිය වී තිබේ. ඇය අධිකරණය හමුවේ පෙනී නොසිටි බැවින් නීතියෙන් පලා යන්නියක ලෙස සැලකේ. ඇගේ JKN සමාගමද මූල්‍ය දුෂ්කරතාවලට මුහුණ දී ඇති අතර එය අධිකරණ අධීක්ෂණය යටතට පත් කර ඇත.

හිමිකරුවන් දෙදෙනාටම මෙවැනි ගැටලු පවතින නිසා විශ්ව රූ රැජින සන්නාමයේ විශ්වසනීයත්වය සහ අනාගතය පිළිබඳව බොහෝ දෙනා ප්‍රශ්න කරති.

අග්නිදිග ආසියානු රටවලට පැනවූ තහනම

මෙම ගැටුමේ විශාලතම ප්‍රතිඵලයක් ලෙස මෙවර අග්නිදිග ආසියානු රටවල් හයක් තරගාවලියට සහභාගී නොවේ. ඒ තායිලන්තය, ඉන්දුනීසියාව, වියට්නාමය, මැලේසියාව, සිංගප්පූරුව සහ ලාඕසය යන රටවල්ය.

මෙම රටවල් සාම්ප්‍රදායිකව රූ රැජින තරගවලදී ඉතා ප්‍රබල ස්ථානයක සිටිති. මෙම රටවල ජාතික මට්ටමේ තරග සංවිධානය කරනු ලැබුවේ Miss Grand International තරගාවලියද පවත්වාගෙන යන බලවත් තායි සංවිධායකයෙකු වන නවාට් ඉට්සරග්‍රිසිල්ගේ (Nawat Itsaragrisil) මැදිහත්වීමෙනි. ඔහු විශ්ව රූ රැජන හිමිකාරිත්ව ගැටුමේ දී නැගෙනහිර (තායි) පාර්ශ්වයට ඉතා සමීපව කටයුතු කරන්නෙකි.

2026 සැප්තැම්බර් මාසයේදී, මැක්සිකෝ සම හිමිකරුවන රාවුල් රෝචා කැන්ටු විසින් වැඩිපුර පාලනය කරන විශ්ව රූ රැජින සංවිධානය නිවේදනය කළේ නවාට් ඉට්සරග්‍රිසිල් සම්බන්ධ වී ඇති බැවින් මෙම රටවල් හයේ බලපත්‍ර ගිවිසුම් "නීත්‍යානුකූල නොවන" බවය. ඒ අනුව එම රටවල් හයේ තරගකාරියන්ට පුවර්ටෝ රිකෝ හි තරග කිරීමට සුදුසුකම් නොමැති බව ඔවුහු ප්‍රකාශ කළහ.

නවාට් ඉට්සරග්‍රිසිල් සහ ඔහුගේ පාර්ශ්වය මෙය ප්‍රතික්ෂේප කළහ. එම ගිවිසුම් වලංගු බවත්, තරගකාරියන්ට සහභාගී වීමට අයිතියක් ඇති බවත් ඔවුහු පැවසූහ. පසුව නවාට්ගේ පාර්ශ්වය නිල වශයෙන් නිවේදනය කළේ පවතින වාතාවරණය යටතේ මෙම රටවල් හය පුවර්ටෝ රිකෝ වෙත නොයන බවය. තම අයිතිවාසිකම් අත්හැරීමක් ලෙස නොව, මෙම ආරවුලෙන් තරගකාරියන් ආරක්ෂා කර ගැනීමේ පියවරක් ලෙස ඔවුහු එය හඳුන්වා දුන්හ.

මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙවර තරගාවලියට අග්නිදිග ආසියාවෙන් අඩක්ම අහිමි වී තිබේ.

පුවර්ටෝ රිකෝ හි මැදිහත්වීම සහ මුදල් ආරවුල

මෙම තරගාවලිය පැවැත්වීම සඳහා පුවර්ටෝ රිකෝ රජය මහජන මුදල් ආයෝජනය කර ඇත. වාර්තාවල සඳහන් වන පරිදි එම මුදල ඩොලර් මිලියන 8.7ක් පමණ වේ. සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සහ පුවර්ටෝ රිකෝව ලෝක සිතියමේ ඉහළට ඔසවා තැබීම මෙහි අරමුණ විය.

මෙම මුදල් පරිහරණය කරන ආකාරය පිළිබඳව නවාට් ඉට්සරග්‍රිසිල් ප්‍රසිද්ධියේ ප්‍රශ්න කළේය. ගිවිසුම් සහ ගෙවීම් සම්බන්ධයෙන් සැක පළ කළ ඔහු ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස පුවර්ටෝ රිකෝ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

ඊට ප්‍රතිචාර වශයෙන් පුවර්ටෝ රිකෝ සංචාරක සමාගම ඔහුට නීතිමය අනතුරු ඇඟවීමේ ලිපියක් (Cease-and-desist letter) යවමින් කියා සිටියේ මහජන මුදල් සහ ගිවිසුම් ක්‍රියාවලීන් පිළිබඳව ඔහු අසත්‍ය හා නොමඟ යවන සුළු තොරතුරු පතුරුවන බවය.

මේ අතර, මෙම වියදම් පිළිබඳ වාර්තා ඉදිරිපත් කරන ලෙස එරට නීති සම්පාදකයින් විසින් පුවර්ටෝ රිකෝ බලධාරීන්ගෙන් ඉල්ලා ඇත. ප්‍රාදේශීය රජයට මෙම උත්සවය සාර්ථක කර ගැනීමට අවශ්‍ය වුවද, තරගාවලිය ඇතුළත පවතින මෙම ගැටුම අමතර පීඩනයක් සහ විවේචන ඇති කර තිබේ.

අවුල් වියවුල් තවත් වැඩි කළ වෙනත් ගැටලු

හිමිකාරිත්ව ගැටුමට අමතරව තවත් ගැටලු රැසක් මතු වී තිබේ.

• වීසා ලබා ගැනීමට නොහැකි වීම නිසා කොංගෝ සහ සැම්බියාව ඇතුළු අප්‍රිකානු රටවල් කිහිපයක තරගකාරියන්ට පැමිණීමට නොහැකි විය. පුවර්ටෝ රිකෝව ඇමරිකානු පාලන ප්‍රදේශයක් බැවින් එහිදී ඇමරිකානු වීසා නීති ක්‍රියාත්මක වේ. මේ නිසා ඇතැම් රටවලට තම නියෝජනය අහිමි විය.

• එමෙන්ම "Beauty on the Beach" නමින් පැවති පූර්ව නාන ඇඳුම් විලාසිතා දැක්මකදී වැල්ල මත අස්ථාවර ලෙස බුමුතුරුණු (Carpets) එළා තිබීම නිසා අඩි උස පාවහන් පැළඳ සිටි තරගකාරියන් කිහිප දෙනෙකුම ඇද වැටීමට යන අයුරු දැක්වෙන වීඩියෝ පට සමාජ මාධ්‍යවල පැතිර ගියේය. ප්‍රධාන විශ්ව රූ රැජින සංවිධානය වහාම නිවේදනය කළේ තමන් එම උත්සවය සංවිධානය නොකළ බවයි. ප්‍රාදේශීය සංවිධායකවරයා ඒ පිළිබඳව සමාව අයැද සිටියේය.

• පසුගිය වසරේ (2025) තරගාවලියේදීද විශාල ආන්දෝලනාත්මක සිදුවීම් ඇති විය. ජයග්‍රාහිකාව වූ මෙක්සිකෝ රූ රැජින ෆාතිමා බොෂ්ට (Fátima Bosch) වාසි වන ලෙස ඡන්ද ගණන් කිරීමේදී වංචා සිදු වූ බවට චෝදනා එල්ල වූ අතර විනිසුරුවන් කිහිප දෙනෙකුද ඉල්ලා අස්විය.

• නවාට් ඉට්සරග්‍රිසිල් සම්බන්ධ වූ බහින්බස් වීමකින් පසු තරගකාරියන් පිරිසක් තරගයෙන් ඉවත්ව ගියහ.

• වේදිකාවේ විවරයකින් ඇද වැටීම නිසා බරපතල තුවාල ලැබූ ජැමෙයිකා රූ රැජින තවමත් සුවය ලබමින් සිටින අතර ඇය සංවිධානයට එරෙහිව නඩු පවරා ඇත.

මෙම ගැටලු බොහොමයක් නැවත සිහිපත් කරමින් Crown of Deceit (වංචාවේ කිරුළ) නමින් වාර්තා චිත්‍රපටයක්ද මෑතකදී රූපවාහිනියේ විකාශය විය.

මෙයින් අදහස් වන්නේ කුමක්ද?

සාමාන්‍ය ප්‍රේක්ෂකයින්ට පෙනෙන පරිදි, ජාතික ඇඳුම් තරග, මූලික වට සහ අද දින පැවැත්වෙන අවසන් මහා තරගය සමඟ තරගාවලිය තවමත් ඉදිරියට යයි. පසුගිය වසරේ රූ රැජන වූ ෆාතිමා බොෂ් විසින් මීළඟ රූ රැජිනට කිරුළ පළඳවනු ඇත. අවසන් තරගයේ ප්‍රවේශපත්‍රද ඉතා ඉක්මනින් විකිණී අවසන් වී හමාරය.

නමුත් මේ සියලු දිදුලන දේ පිටුපස සංවිධානය දැඩි ලෙස දෙකඩ වී ඇත. සම-හිමිකරුවන් දෙදෙනා ගැටුමක පැටලී සිටින අතර, දෙදෙනාම තම මව් රටවල නීතිමය ගැටලුවලට මුහුණ දී සිටිති.

ප්‍රධාන රටවල් කිහිපයක්ම තරගයෙන් ඉවත්ව සිටින අතර, නැවත නැවතත් ඇති වන ආන්දෝලනාත්මක සිදුවීම් නිසා මහජන විශ්වාසයද පළුදු වී තිබේ. ඒ පිටුපස ඇති සංවිධානය පෙනෙන්නේ ඉතා අස්ථාවර තත්ත්වයකය.

කෙසේ වෙතත් අවසන් මහා තරගයෙන් කිරුළ දිනාගන්නේ කවුරුන්ද යන්න තීරණය වනු ඇත. විශ්ව රූ රැජන ද අද කෙසේ හෝ කිරුළ පළඳිනු ඇත. අභිමුව ඇති ගැටලුව වන්නේ තම හිමිකරුවන්ගේම යුද්ධයෙන් බේරී විශ්ව රූ රැජින සංවිධානයට ඉදිරියට පැවතිය හැකිද යන්නය.

පහත දැක්වෙන්නේ විශ්ව රූ රැජන කිරුළය.

( නිව්යෝක් ටයිම්ස් ඇසුරිනි.)