2026-27 මහ කන්නයේ වාරි භූමි 95%ක් අස්වැද්දීමට සැලසුම්: මාස 3 කෙටි කාලීන වී වගාවට උපදෙස්!
එළඹෙන ඔක්තෝබර් 31 වනදාට පෙර වගා කටයුතු සඳහා වැපිරීම් අවසන් කළ යුතු බවට ගොවීන්ට දැනුම් දී තිබේ. එමෙන්ම, ඉදිරි 2027 යල කන්නයේදී ඇති විය හැකි නියඟ අවදානම පාලනය කිරීමේ පියවරක් ලෙස මාස දෙකහමාරේ සහ මාස 3 කෙටි කාලීන වී ප්රභේද වගා කිරීමට කෘෂිකර්ම අමාත්යාංශය උපදෙස් දී ඇත.
LSN Sri Lanka ·

2026 - 2027 මහ කන්නය සඳහා දිවයින පුරා පිහිටි වාරි භූමි හෙක්ටයාර 323,821න් හෙක්ටයාර 308,638ක ප්රමාණයක්, එනම් සියයට 95ක භූමියක් අස්වැද්දීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව එක්ව සැලසුම් කර ඇත.

මෙම වගා සැලසුමට වී වගාව සඳහා හෙක්ටයාර 295,755ක් සහ අතිරේක ආහාර බෝග සඳහා හෙක්ටයාර 12,883ක් ඇතුළත් වේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තු වාර්තාවලට අනුව දැනට වාරි ජලාශවල සාමාන්ය ජල ධාරිතාව සියයට 35.3ක් ලෙසත්, මහවැලි කලාපවල ජල මට්ටම සියයට 63ක් ලෙසත් පවතී. කෙසේ වෙතත්, සුළු වැව්වලින් සියයට 50ක ජල ධාරිතාව පවතින්නේ සියයට 25කටත් වඩා අඩු මට්ටමකය.

එළඹෙන ඔක්තෝබර් 31 වනදාට පෙර වගා කටයුතු සඳහා වැපිරීම් අවසන් කළ යුතු බවට ගොවීන්ට දැනුම් දී තිබේ. එමෙන්ම, ඉදිරි 2027 යල කන්නයේදී ඇති විය හැකි නියඟ අවදානම පාලනය කිරීමේ පියවරක් ලෙස මාස දෙකහමාරේ සහ මාස 3 කෙටි කාලීන වී ප්රභේද වගා කිරීමට කෘෂිකර්ම අමාත්යාංශය උපදෙස් දී ඇත.

මීට අමතරව, ජල කළමනාකරණය කාර්යක්ෂම කිරීම සඳහා ඒකාන්තර තෙත් සහ වියළි වාරි ක්රමය (AWD) අනුගමනය කරන ලෙස ද ගොවීන්ට උපදෙස් ලබා දී තිබේ.

මේ අතර, ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ එල්නිනෝ තත්ත්වය ශක්තිමත් වීම සහ අධික වර්ෂාපතනය හේතුවෙන් ගංවතුර හා නායයාම් අවදානමක් පවතින බව ස්වභාවික සම්පත් කළමනාකරණ මධ්යස්ථානය (NRMC) අනතුරු අඟවයි.