Business · Sri Lanka Bureau
2026 යල කන්නයේ වී මිලදී ගැනීමට රු. මිලියන 7500 ක පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේදී සම්මතයි!
2026 යල කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු සඳහා අවශ්‍ය කෙරෙන රුපියල් මිලියන 7500 ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාලව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුව අද (21) පාර්ලිමේන්තුවේ දී කිසිදු විරෝධතාවයකින් තොරව ඒකමතිකව සම්මත විය.
LSN Sri Lanka ·
2026 යල කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු සඳහා අවශ්‍ය කෙරෙන රුපියල් මිලියන 7500 ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාලව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුව අද (21) පාර්ලිමේන්තුවේ දී කිසිදු විරෝධතාවයකින් තොරව ඒකමතිකව සම්මත විය.

මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කළේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ව්‍යාපෘති සහ වැඩසටහන් සඳහා 2026 වර්ෂයට වෙන් කරන ලද ප්‍රතිපාදන අතුරින්, මෙම වසර තුළ උපයෝජනය නොවනු ඇතැයි අපේක්ෂිත රුපියල් මිලියන 7500 ක මුදලක් අදාළ වී මිලදී ගැනීමේ ගෙවීම් සඳහා යොදාගැනීමේ අරමුණිනි.

සුළු හා මධ්‍ය පාරිමාණ වී මෝල් හිමියන් සමග ජනාධිපතිවරයාත් හමුවී කළ සාකච්ඡාවකින් අනතුරුව බැංකු මගින් ණයක් ලබා ගැනීමේ දී ඔවුන්ට ඇති වී තිබෙන දුෂ්කරතා පිළිබඳ සාකච්ඡා කර ඔවුන්ගේ ඉල්ලීම මත රජය මැදිහත් වී පොලී රහිත ණය මුදලක් ලෙස උපරිමය මිලියන 25කට යටත් වී මෙම ණය මුදල ලබා දීමට කටයුතු කරනු ලබයි. මෙම ණය මුදල ලබා ගන්නා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් රජයේ සහතික මිලට වී මිල දී ගැනීම අනිවාර්ය බවත් වී සහල් කර විකුණා ඒ ලබා ගන්නා මුදලින් ඔවුන් ණය පියවිය යුතු බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය. දිසාපතිවරයා සහ ප්‍රාදේශීය ලේකම්වරු මාර්ගයෙන් මෙම ණය මුදල් සුළු හා මධ්‍යපරිමාණ වී මෝල් හිමියන් වෙත නිකුත් කරනු ලබයි.

එමන්ම රජයේ සහතික මිලට ක්‍රම තුනක් ඔස්සේ දැනට වී මිලදී ගන්නා බව ඇමතිවරයා පැවසුවේය. කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් මගින් සහ වී අලෙවි මණ්ඩලය හරහා එම මිලදී ගැනීම මූලිකවම සිදුකරනු ලබන වැඩසටහන ක්‍රියාත්මක වී ඇත. එමෙන්ම වී අලෙවි මණ්ඩලයේ ප්‍රමිතියට අනුව ලබා දෙන වී තොග රජයේ සහිතක මිලට සිය වී ගබඩා වෙත ගෙනත් දෙන ගොවීන්ගේ වී රජයේ සහිතක මිලට මිලදී ගැනීමට මහා පරිමාණ මෝල් හිමියන් ද එකඟ වී එම වැඩ සටහනත් ක්‍රියාත්මක කරන බව ඇමතිවරයා පැවසුවේය.

එමෙන්ම රජයේ සහතික මිලට වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය තුළ අස්වැන්න අඩු වීම නිසා නිශ්පාදන වියදම ඉහළ යන ගොවීන්ගේ අස්වනු වැඩි කිරීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක බව ඇමතිවරයා පාර්ලිමේන්තුවට කීවේය. තවද ගොවීන්ට අවශ්‍ය ගබඩා පහසුකම් සපයා ගැනීම, ප්‍රමිතිගත ලෙස වී වියලා ගැනීම වෙනුවෙන් වියලන යන්ත්‍ර සපයා දීම වෙනුවෙන් ද විශේෂ වැඩසටහනක් සකස් කර එම යෝජනා අය - වැය සඳහා ද ඉදිරිපත්කර ඇතිබව ඇමතිවරයා පැවසුවේය.