LSN News › Sri Lanka

2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද අන්තර්ජාලයට නිකුත් කෙරේ!

2026 වර්ෂයට අදාළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (සැප්තැම්බර් 02) මාර්ගගතව (Online) නිකුත් කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ

LSN Sri Lanka · 2 September 2026

2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද අන්තර්ජාලයට නිකුත් කෙරේ!

2026 වර්ෂයට අදාළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (සැප්තැම්බර් 02) මාර්ගගතව (Online) නිකුත් කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව, විභාගයට පෙනී සිටි සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස, තමන්ගේ විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලබාගැනීමේ පහසුකම සලසා ඇත.

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය අගෝස්තු මස 09 වැනිදා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,723කදී සාර්ථකව පවත්වන ලදී. මෙම විභාගයේ දී , දෙවන ප්‍රශ්න පත්‍රය පෙරවරු 9.30 සිට 10.45 දක්වාත්, පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 11.15 සිට පස්වරු 12.15 දක්වාත් පැවැත්විණි.

ඒ සඳහා සිංහල මාධ්‍යයෙන් සිසුන් 220,366ක් සහ දෙමළ මාධ්‍යයෙන් සිසුන් 73,723ක් වශයෙන් මුළු සිසුන් 294,089ක් පෙනී සිටි බව විභාග දෙපාර්තමේන්තු වාර්තා ස සඳහන් කරයි.

විභාග ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු අගෝස්තු 20 වැනිදා සිට 25 වැනිදා දක්වා කාලය තුළ සිදුකර අවසන් කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවසුවාය. විභාගය පැවැත්වී මාසයක් ගතවීමටත් පෙර ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවීම විභාග දෙපාර්තමේන්තුව ලැබූ විශාල ජයග්‍රහණයක් බව ඇය කීවාය.

මේ අතර, යම් හෙයකින් ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් විමසීමක් කිරීමට අවශ්‍ය වන්නේ නම්, ඒ සඳහා විභාග දෙපාර්තමේන්තුවේ 1911 ක්ෂණික ඇමතුම් අංකය හෝ 011-2784208, 011-2784537 යන දුරකථන අංක භාවිතා කරන ලෙස සිසුන්ට සහ දෙමාපියන්ට දැනුම් දෙයි.

නිල වෙබ් අඩවි හැර වෙනත් බාහිර හෝ ව්‍යාජ මාර්ග ඔස්සේ ප්‍රතිඵල ලබාගැනීමට උත්සාහ නොකරන ලෙසද බලධාරීහු වැඩිදුරටත් ඉල්ලා සිටිති.

පසුගිය වසරේ තත්ත්වය

පසුගිය 2025 වසරට සාපේක්ෂව මෙවර විභාගයට පෙනී සිටි අපේක්ෂක සංඛ්‍යාවේ යම් අඩුවීමක් දක්නට ලැබේ.

2025 වසරේදී සිසුන් 303,671ක් විභාගයට පෙනී සිටි අතර, ඉන් කඩඉම් ලකුණු ඉක්මවා යාමට සමත් වූයේ සිසුන් 51,969ක් පමණි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 17.11කි. එම වසරේ සිංහල මාධ්‍ය කඩඉම් ලකුණ 140ක් ලෙසත්, දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණ 134ක් ලෙසත් සටහන් වූ අතර, වාර්තා වූ ඉහළම ලකුණු මට්ටම් වූයේ සිංහල මාධ්‍යයෙන් ලකුණු 198ක් (ගාල්ල) සහ දෙමළ මාධ්‍යයෙන් ලකුණු 194කි (යාපනය).

කෙසේ වෙතත්, 2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබුණද, මෙවර දිස්ත්‍රික් මට්ටමේ කඩඉම් ලකුණු, කඩඉම් ලකුණු ඉක්මවා ගිය මුළු සිසුන් සංඛ්‍යාව සහ මෙවර ලබාගත් ඉහළම ලකුණු සම්බන්ධ විස්තරාත්මක සංඛ්‍යාලේඛන වාර්තාව මෙතෙක් නිකුත් කර නොමැත. සාමාන්‍යයෙන් ප්‍රතිඵල නිකුත් කිරීමෙන් දින කිහිපයකට පසුව විභාග දෙපාර්තමේන්තුව මගින් මෙම සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත් කරනු ලබයි.

විභාග දෙපාර්තමේන්තුව මගින් කඩඉම් ලකුණු ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අදාළ පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරනු ඇත. පසුගිය වසරවලදී මෙන්ම මෙවරද ඊට අදාළ අයදුම්පත් කැඳවීම සහ අභියාචනා භාරගැනීම මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ සිදුකිරීමට නියමිතය.