LSN News › Sri Lanka

Sport · Sri Lanka Bureau

2026 ලෝක කුසලාන අවසන් සටනින් පසු ඇති වූ ගැටුම්වලට FIFA වෙතින් ආර්ජන්ටිනාවට දැඩි විනය පියවර - පැරෙඩෙස්ට තරග 10 ක තහනමක්!

2026 FIFA ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේදී ස්පාඤ්ඤය හමුවේ ගෝල 1-0 ක පරාජයක් ලැබීමෙන් අනතුරුව, පිටිය තුළ සහ පිටියෙන් පිටත සිදු වූ පසු තරග ගැටුම් සම්බන්ධයෙන් විමර්ශනය කළ FIFA විනය කමිටුව ආර්ජන්ටිනා ක්‍රීඩකයන්ට, සහායක කාර්ය මණ්ඩලයට මෙන්ම ආර්ජන්ටිනා පාපන්දු සංගමයටද (AFA) දැඩි විනය ශික්ෂණ දඬුවම් සහ විශාල දඩ මුදල් පැනවීමට තීරණය කර ඇත.

LSN Sri Lanka · 22 August 2026

2026 ලෝක කුසලාන අවසන් සටනින් පසු ඇති වූ ගැටුම්වලට FIFA වෙතින් ආර්ජන්ටිනාවට දැඩි විනය පියවර - පැරෙඩෙස්ට තරග 10 ක තහනමක්!

2026 FIFA ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේදී ස්පාඤ්ඤය හමුවේ ගෝල 1-0 ක පරාජයක් ලැබීමෙන් අනතුරුව, පිටිය තුළ සහ පිටියෙන් පිටත සිදු වූ පසු තරග ගැටුම් සම්බන්ධයෙන් විමර්ශනය කළ FIFA විනය කමිටුව ආර්ජන්ටිනා ක්‍රීඩකයන්ට, සහායක කාර්ය මණ්ඩලයට මෙන්ම ආර්ජන්ටිනා පාපන්දු සංගමයටද (AFA) දැඩි විනය ශික්ෂණ දඬුවම් සහ විශාල දඩ මුදල් පැනවීමට තීරණය කර ඇත.

ජූලි 19 වැනිදා නිව් යෝර්ක් නිව් ජර්සි ක්‍රීඩාංගණයේ පැවැති මෙම අවසන් මහා තරගයේ අමතර කාලයේදී (Extra Time) ස්පාඤ්ඤය ලබාගත් තීරණාත්මක ගෝලයෙන් ජයග්‍රහණය තහවුරු කරගත් අතර, තරගය අවසන් වීමත් සමග ක්‍රීඩකයන් අතර උණුසුම් තත්ත්වයක් හටගත්තේය. මෙම සිදුවීම් පිළිබඳව FIFA විනය හා ආචාර ධර්ම පරීක්ෂකවරයා ලබා දුන් නිල වාර්තාව පදනම් කරගනිමින් මෙම විනය පියවර ගෙන තිබේ.

මෙම සිදුවීමේදී වඩාත්ම බරපතල දඬුවම හිමිවූයේ ආර්ජන්ටිනා මැදපෙළ ක්‍රීඩක (Midfielder) ලියන්ඩ්‍රෝ පැරෙඩෙස්ට ය. FIFA විනය කමිටුව විසින් ඔහුට ජාත්‍යන්තර තරග 10 ක පූර්ණ තරග තහනමක් සහ ඇමරිකානු ඩොලර් 90,000 ක දඩයක් නියම කරන ලදී. ස්පාඤ්ඤයේ එරික් ගාර්සියාගේ ගෙල ප්‍රදේශයෙන් අල්ලා තද කිරීම සහ ගාවිව බිමට ඇද දමා ප්‍රහාරයක් එල්ල කිරීම ඇතුළු චෝදනා තුනක් ඔහුට එරෙහිව තහවුරු වී ඇත.පැරෙඩෙස්ට පැනවූ තරග 10 ක තහනම ලෝක කුසලාන ඉතිහාසයේ ක්‍රීඩකයෙකුට පනවන ලද දරුණුතම දඬුවම් අතරින් එකක් ලෙස සටහන් වේ.

එසේම, පසුපෙළ ආරක්ෂක ක්‍රීඩක (Defender) නහුවෙල් මොලිනාට තරග 7 ක තහනමක් සහ ඩොලර් 90,000 ක දඩයක් නියම වී ඇත්තේ ස්පාඤ්ඤයේ රොඩ්‍රිට උදර ප්‍රදේශයට පහරදීමේ චෝදනාවට ය. මීට අමතරව තියාගෝ අල්මාදාට එක් තරගයක තහනමක් සහ ඩොලර් 30,000 ක දඩයක්ද, සහායක පුහුණුකරු රොබර්ටෝ අයාලාට තරග 3 ක තහනමක් සහ ඩොලර් 30,000 ක දඩයක්ද පනවා තිබේ. ස්පාඤ්ඤ මැදපෙළ ක්‍රීඩක ගාවිටද (පැබ්ලෝ මාර්ටින් පායෙස් ගාවිරා) ගැටුමට අනුබල දීමේ චෝදනා මත එක් තරග තහනමක් සහ ඩොලර් 30,000 ක දඩයක් පනවා ඇත.

මෙම තරග තහනම් සියල්ල ජාත්‍යන්තර පාපන්දු තරග සඳහා පමණක් අදාළ වන අතර, ක්‍රීඩකයන් නියෝජනය කරන ක්‍රීඩා සමාජ මට්ටමේ තරග (Club Football) සඳහා බලපාන්නේ නැත. FIFA විනය සංග්‍රහයේ 69 වන වගන්තියට අනුව මෙම තහනම් අදාළ ජාතික කණ්ඩායම් ඉදිරියේදී මුහුණ දෙන නිල තරග සඳහා අනුක්‍රමිකව ක්‍රියාත්මක වේ.

මේ අතර, ආර්ජන්ටිනා පාපන්දු සංගමයට (AFA) ඇමරිකානු ඩොලර් 321,000 ක විශාල දඩයක් පැනවීමටද FIFA පියවර ගෙන ඇත. සමස්ත තරගාවලිය පුරා සිදු වූ විනය උල්ලංඝනය කිරීම්, එනම් එංගලන්තයට එරෙහි අර්ධ අවසන් මහා තරගයෙන් පසු "ලාස් මල්විනාස් සොන් ආර්ජන්ටිනාස්" (ෆෝක්ලන්ඩ් දූපත් ආර්ජන්ටිනාවට අයත් බව දක්වන) දේශපාලනික බැනරය ප්‍රදර්ශනය කිරීම, කණ්ඩායමේ නොමනා හැසිරීම්, ප්‍රේක්ෂකයන්ගේ ඉලක්කගත ජාතිවාදී හා නින්දාසහගත ගෝෂා කිරීම් මෙන්ම ආරක්ෂක පියවරයන් පැහැර හැරීම මෙයට හේතු වී ඇත.

තවද, ආර්ජන්ටිනාව ඉදිරියේදී සූදානම් වන ඊළඟ ගෘහස්ථ තරග (Home Matches) දෙකේදී ක්‍රීඩාංගණ ධාරිතාව 50% දක්වා සීමා කිරීමට නියෝග කර තිබේ. ඉන් එක් තරග තහනමක් සහ ඩොලර් 100,000 ක දඩයක් නිරීක්ෂණ කාලසීමාවකට යටත්ව අත්හිටුවා ඇති අතර, පනවන ලද දඩ මුදලින් ඩොලර් 100,000 ක් විවිධත්වයට ගරු කිරීම සහ වෙනස්කම් විරෝධී වැඩසටහන් (Anti-discrimination programs) සඳහා යෙදවිය යුතුය.

AFA නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ මෙම තීරණවල සම්පූර්ණ නීතිමය පදනම FIFA වෙතින් ඉල්ලා සිටින අතර, FIFA අභියාචනා කමිටුව හමුවේ අභියාචනයක් ඉදිරිපත් කිරීමට සූදානම් බවයි. අවශ්‍ය වුවහොත් ක්‍රීඩා පිළිබඳ මධ්‍යස්ථ අධිකරණය (CAS) වෙත යාමටද ඔවුන් සූදානමින් සිටී. FIFA විසින් සියලු පාර්ශවයන්ට හේතු දැක්වූ දැක්විම් සඳහා දින 10 ක කාලයක් ලබා දී ඇත.