මාලිමාවට බලය හිමි තණමල්විල ප්‍රාදේශීය සභාවේ 2027 අයවැය පරාජයට පත්වෙයි!
සම්පූර්ණ මන්ත්‍රී ආසන 34කින් සමන්විත මෙම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයට මන්ත්‍රී ආසන 16ක් හිමිව ඇති අතර, ඒකාබද්ධ විපක්ෂයට හිමි ආසන සංඛ්‍යාව 18කි. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් සමගි ජන බලවේගයට මන්ත්‍රී ආසන 08ක් ද, පොදුජන එක්සත් පෙරමුණට ආසන 04ක් ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසන 03ක් ද, එක්සත් ජාතික පක්ෂයට ආසන 02ක් ද හිමිව තිබේ.
LSN Sri Lanka ·
ජාතික ජන බලවේගයට බලය හිමි තණමල්විල ප්‍රාදේශීය සභාවේ 2027 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැය අද (04) පැවැති විවෘත ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 03කින් පරාජයට පත්ව තිබේ.

අයවැයට පක්ෂව ඡන්ද 14ක් ලැබී ඇති අතර ඊට එරෙහිව විපක්ෂව ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 17කි.

සම්පූර්ණ මන්ත්‍රී ආසන 34කින් සමන්විත මෙම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයට මන්ත්‍රී ආසන 16ක් හිමිව ඇති අතර, ඒකාබද්ධ විපක්ෂයට හිමි ආසන සංඛ්‍යාව 18කි. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් සමගි ජන බලවේගයට මන්ත්‍රී ආසන 08ක් ද, පොදුජන එක්සත් පෙරමුණට ආසන 04ක් ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසන 03ක් ද, එක්සත් ජාතික පක්ෂයට ආසන 02ක් ද හිමිව තිබේ.

අද පැවැති ඡන්ද විමසීමේදී ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අසනීප තත්ත්වය හේතුවෙන් සභාවට පැමිණ නොසිටි අතර, විපක්ෂයේ එක් මන්ත්‍රීවරයෙකු ද ඡන්ද විමසීමට සහභාගී වී නොමැත.

එමෙන්ම සමගි ජන බලවේගයේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇති මන්ත්‍රීවරියක ද අද සභාවට පැමිණ නොසිටි අතර ඇයගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් ද විභාග වෙමින් පවතී.

අයවැය සම්බන්ධයෙන් සභාවේ අදහස් ප්‍රකාශ කිරීමේදී දෙපාර්ශ්වය අතර උණුසුම් තත්ත්වයක් හටගත් අතර, පළමු වරට ඉදිරිපත් කළ අයවැය මෙසේ පරාජයට පත්වීමත් සමඟ එය දෙවන වරටත් සභාවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.