LSN News › Sri Lanka

2027 අයවැය වැටුප් විෂමතාවලට එරෙහිව රජයේ විධායක නිලධාරීන් අද දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක!

2027 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරු 6.00ට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබියදී මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වීම විශේෂත්වයකි.

LSN Sri Lanka · 20 November 2026

2027 අයවැය වැටුප් විෂමතාවලට එරෙහිව රජයේ විධායක නිලධාරීන් අද දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක!

2027 අයවැය මගින් තම වැටුප් විෂමතා සඳහා විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වීමට විරෝධය පළ කරමින්, සේවා 20ක් නියෝජනය කරන රජයේ විධායක නිලධාරීන් අද (20) දීපව්‍යාප්ත එක්දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර තිබේ.

ඉංජිනේරු, ආයුර්වේද වෛද්‍ය, මිනින්දෝරු, අධ්‍යාපන පරිපාලන, ගුරු අධ්‍යාපනඥ,  තොරතුරු තාක්ෂණ සහ කෘෂිකර්ම යන ක්ෂේත්‍ර ඇතුළු අංශ කිහිපයක වෘත්තිකයන් මෙම වැඩවර්ජනයට එක්ව ඇති බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව සඳහන් කරයි.

ඊට අමතරව දුම්රිය දෙපාර්තමේන්තුව, කම්කරු දෙපාර්තමේන්තුව, විද්‍යාත්මක සේවය, තාක්ෂණික අධ්‍යාපන සේවය සහ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුයුක්ත විධායක නිලධාරීන් ද මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්ව ඇත.

තෝරාගත් අංශ කිහිපයක දීමනා ඉහළ නංවමින් තවත් විධායක සේවා 20කට වැඩි ප්‍රමාණයක් රජය විසින් නොසලකා හැර ඇති බවට එම කමිටුවේ සභාපති එච්.ඒ.එල්. උදයසිරි චෝදනා කර තිබේ.

මෙම ගැටලුවලට විසඳුම් ලබා දෙන බවට වත්මන් පාලනය විසින් සහතික වී තිබියදීත්, පසුගිය වසර කිහිපය පුරා රජයේ විධායක නිලධාරීන් දැඩි වැටුප් විෂමතාවලට මුහුණ දුන් බව ඔහු පෙන්වා දෙයි.

පෙර සිදු කළ වැටුප් සංශෝධනවලින් දැනටමත් ප්‍රතිලාභ ලබා ඇති අංශ සඳහා 2027 අයවැයෙන් තවදුරටත් වැටුප් වැඩිවීම් ලබා දීමට පියවර ගෙන ඇති බවත්, ඒ හරහා පවතින වැටුප් විෂමතා තවදුරටත් පුළුල් වී ඇති බවත් උදයසිරි ප්‍රකාශ කර ඇත.

මෙම පියවර බරපතළ වරදක් ලෙස හඳුන්වා දී ඇති ඔහු, අයවැය කාරක සභා අවස්ථාවේදී හෝ ඊට නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග හඳුන්වා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටී.

අයවැය යෝජනා සඳහා සංශෝධන ගෙන එමින් මෙම ගැටලුවලට විසඳුම් ලබා දීමට රජයට බලපෑම් කිරීම මෙම දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයේ අරමුණ බව එම කමිටුව අවධාරණය කරයි.

2027 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරු 6.00ට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබියදී මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වීම විශේෂත්වයකි.