LSN News › Sri Lanka

2027 අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්ද 97කින් පාර්ලිමේන්තුවේදී සම්මත වූ හැටි!

දින හතක් පුරා පැවති දෙවනවර කියවීමේ විවාදය අවසන් වීමෙන් අනතුරුව පස්වරු 6.50ට පමණ ඡන්ද විමසීම ආරම්භ කෙරුණු අතර, එහිදී අයවැයට පක්ෂව ඡන්ද 157ක් සහ විපක්ෂව ඡන්ද 60ක් ලැබී තිබේ. ඡන්දය දීමෙන් කිසිදු මන්ත්‍රීවරයෙකු වැළකී නොසිටි අතර, සමස්ත මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 217 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කර තිබුණි. ඡන්දය ප්‍රකාශ කිරිමට නොපැමිණි පිරිස අතර මාලිමා මන්ත්‍රීවරයෙක් ද වේ.

LSN Sri Lanka · 20 November 2026

2027 අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්ද 97කින් පාර්ලිමේන්තුවේදී සම්මත වූ හැටි!

2027 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය දෙවනවර කියවීම අද (නොවැම්බර් 20) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 97කින් සම්මත විය.

දින හතක් පුරා පැවති දෙවනවර කියවීමේ විවාදය අවසන් වීමෙන් අනතුරුව පස්වරු 6.50ට පමණ ඡන්ද විමසීම ආරම්භ කෙරුණු අතර, එහිදී අයවැයට පක්ෂව ඡන්ද 157ක් සහ විපක්ෂව ඡන්ද 60ක් ලැබී තිබේ. ඡන්දය දීමෙන් කිසිදු මන්ත්‍රීවරයෙකු වැළකී නොසිටි අතර, සමස්ත මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 217 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කර තිබුණි.

පෙනෙන සංඛ්‍යාත්මක දත්ත අනුව මාලිමාවේ මන්ත්‍රිවරයෙක් අය - වැය ඡන්දයට පැමිණ නැති බව වාර්තා වේ. දිලිත් ජයවීර, නයන වාසලතිලක, කාදර් මස්තාන් සහ ජීවන් තොණ්ඩමන් ඇතුළු මන්ත්‍රීවරුන් 8 දෙනෙකු ඡන්ද විමසීමේ අවස්ථාවට සභාගර්භයේ සිටියේ නැත. පාර්ලිමේන්තුවේ ආසන 159ක බහුතර බලයක් හිමි ජාතික ජන බලවේගය (NPP) රජයට මෙම ප්‍රතිඵලය හරහා සිය ප්‍රබල පාර්ලිමේන්තු සහයෝගය යළිත් තහවුරු කර ගැනීමට හැකි විය.

මෙය ජාතික ජන බලවේගය රජය ඉදිරිපත් කළ තෙවන අයවැය වන අතර නිදහස් ශ්‍රී ලංකා ඉතිහාසයේ 81 වන අයවැය ලෙස සටහන් වේ. 2026 ඔක්තෝබර් 7 වන දින පළමුවර කියවීම සඳහා ඉදිරිපත් කෙරුණු මෙම විසර්ජන පනත් කෙටුම්පතෙහි දෙවනවර කියවීමේ අයවැය කතාව, මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගිය නොවැම්බර් 12 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

2027 අයවැයේ ප්‍රධාන ආර්ථික දත්ත සාරාංශය:

මුළු රාජ්‍ය වියදම:  රුපියල් ට්‍රිලියන 7.933 (2026 සංශෝධිත ඇස්තමේන්තුවට වඩා ඉහළ අගයකි)

රාජ්‍ය ආදායම් හා දායකත්ව: රුපියල් ට්‍රිලියන 6.18 පමණ (වෙන් කළ අතිරේක ඇස්තමේන්තුව ද මීට ඇතුළත්ය)

පොදු ආයෝජන (ප්‍රාග්ධන වියදම්): රුපියල් ට්‍රිලියන 2 පමණ

ප්‍රාථමික අතිරික්තය:  රුපියල් බිලියන 890 පමණ (දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3%)

හුදු ආර්ථික ස්ථායීකරණයෙන් ඔබ්බට ගොස්, ආයෝජන ප්‍රවර්ධනය සහ පරිවර්තනීය ආර්ථික සංවර්ධනයක් ඉලක්ක කරගනිමින් මෙම අයවැය සකස් කර ඇති බව රජය අවධාරණය කරයි.

දෙවනවර කියවීම සම්මත වීමත් සමඟ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙට (නොවැම්බර් 21) සිට දෙසැම්බර් 14 වන දින දක්වා දින 19ක් පුරා පැවැත්වීමට නියමිතය. එම කාලය තුළ අමාත්‍යාංශ වැය ශීර්ෂ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරෙන අතර අවශ්‍ය සංශෝධන ද සිදු කෙරෙනු ඇත.

2027 අයවැය තුන්වනවර කියවීමේ අවසන් ඡන්ද විමසීම 2026 දෙසැම්බර් 14 වන දින පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතය.