LSN News › Sri Lanka

Business · Sri Lanka Bureau

2027 අයවැයෙන් රජයේ මූල්‍ය විනය සහ ණය අඩු කිරීමේ ඉලක්ක ආරක්ෂා වෙලා.. ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය (Fitch Ratings) පවසයි!

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කර ඇත්තේ, ශක්තිමත් මූල්‍ය කාර්යසාධනය සහ ණය අඩු කිරීම කෙරෙහි රජය අවධානය යොමු කිරීම, පසුගිය සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම ‘CCC+’ මට්ටමේ සිට ස්ථාවර ඉදිරි දැක්මක් සහිත ‘B-’ මට්ටම දක්වා ඉහළ නැංවීමට ප්‍රධාන හේතු වූ බවය. 2026 වසරේදී ද ශ්‍රී ලංකාව සිය මූල්‍ය ඉලක්ක අභිබවා යාමට සමත්ව ඇති බව එම සමාගම පවසයි.

LSN Sri Lanka · 18 November 2026

2027 අයවැයෙන් රජයේ මූල්‍ය විනය සහ ණය අඩු කිරීමේ ඉලක්ක ආරක්ෂා වෙලා.. ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය (Fitch Ratings) පවසයි!

‘දිට්වා’ (Ditwah) සුළි කුණාටුවෙන් පසු රට යළි ගොඩනැගීම සහ ආයෝජන සඳහා වැඩි වියදමක් දැරීමට ඉඩ සලසන අතරම, මූල්‍ය විනය පවත්වා ගැනීමට සහ ණය බර අඩු කිරීමට රජය දක්වන අඛණ්ඩ කැපවීම 2027 වසර සඳහා වන අයවැය මගින් පෙන්නුම් කරන බව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් (Fitch Ratings) පවසයි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කර ඇත්තේ, ශක්තිමත් මූල්‍ය කාර්යසාධනය සහ ණය අඩු කිරීම කෙරෙහි රජය අවධානය යොමු කිරීම, පසුගිය සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම ‘CCC+’ මට්ටමේ සිට ස්ථාවර ඉදිරි දැක්මක් සහිත ‘B-’ මට්ටම දක්වා ඉහළ නැංවීමට ප්‍රධාන හේතු වූ බවය. 2026 වසරේදී ද ශ්‍රී ලංකාව සිය මූල්‍ය ඉලක්ක අභිබවා යාමට සමත්ව තිබේ.

ෆිච් රේටින්ග්ස් වාර්තාවේ මෙසේ දැක්වේ.

2026 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 3.6% ක් ලෙස ඇස්තමේන්තු කර තිබූ ප්‍රාථමික අයවැය අතිරික්තය (Primary Surplus), 2027 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3% ක මට්ටමක පවත්වා ගැනීමට මෙම අයවැයෙන් ඉලක්ක කර ඇත. පසුගිය වසරේ අයවැයෙන් නියම කර තිබූ 2.5% ක ඉලක්කය සහ ෆිච් ආයතනය මීට පෙර පුරෝකථනය කර තිබූ 2.6% ක මට්ටම අභිබවා 2026 වසරේ අතිරික්තය ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ රජයේ ආදායම් ශක්තිමත් වීමය. 2027 වසරේදී අතිරික්තය යම් ප්‍රමාණයකින් අඩුවීම මගින් ආදායම් පහළ යාමක් සහ ප්‍රාග්ධන වියදම් ඉහළ යාමක් පිළිබිඹු වුවද, එය ණය අඩු කිරීමේ ගමන් මගට අනුකූලව පවතී. මේ අනුව, 2026 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.7% ක් වූ සමස්ත අයවැය හිඟය, 2027 වසරේදී 4.5% ක් දක්වා පුළුල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අයවැය උපකල්පන විශ්වසනීය මට්ටමක පවතින බවත්, සැප්තැම්බර් මාසයේ සිදු කළ සමාලෝචනයේදී තමන් ඉදිරිපත් කළ පුරෝකථන සමඟ ඒවා බොහෝ දුරට ගැළපෙන බවත් ෆිච් ආයතනය පවසයි. සැලසුම් කළ වියදම් ඉහළ යාම හේතුවෙන් 2027 ප්‍රාථමික අතිරික්ත ඉලක්කය ෆිච් ආයතනයේ 2.8% ක පුරෝකථනයට වඩා මඳක් අඩු අගයක් ගනී. කෙසේ වෙතත්, ප්‍රාග්ධන වියදම් මෙවරත් සැලසුම් කළ මට්ටමට වඩා අඩු විය හැකි බවත්, ඒ හරහා තරමක් ඉහළ අතිරික්තයක් නිර්මාණය වීමට ඉඩ ඇති බවත් එම ආයතනය විශ්වාස කරයි.

2024 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත යටතේ පනවා ඇති දළ දේශීය නිෂ්පාදිතයෙන් 13% ක ව්‍යවස්ථාපිත සීමාව ඉක්මවා යමින්, 2027 වසරේ ප්‍රාථමික වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් 13.6% ක් ලෙස අයවැයගත කර ඇත. මෙම තාවකාලික සීමාව ඉක්මවා යාමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු යළි ගොඩනැගීමේ කටයුතු සඳහා වන ප්‍රාග්ධන වියදම් සහ ඉහළ රාජ්‍ය ආයෝජන සැලසුම් ය.

2025 දෙසැම්බර් මාසයේදී සම්මත කර ගත් සුළි කුණාටු ප්‍රතිසංස්කරණ පරිපූරක ඇස්තමේන්තුවෙන් වෙන් කළ නමුත්, නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා 2026 වසරේදී වැය කිරීමට නොහැකි වූ රුපියල් බිලියන 260 ක මුදල ඉදිරියට ගෙන ඒම ද මීට ඇතුළත් වේ. රජය මෙම පනතේ සීමාවෙන් බැහැර වීමට අවසර පැතූ දෙවන වසර මෙය වුවද, වියදම් සිදු කිරීම අඩු මට්ටමක පැවතීම නිසා 2026 වසරේදී එම නීතිමය සීමාව සැබවින්ම උල්ලංඝනය වූයේ නැත.

මෑත කාලීනව ලබා ගත් ආදායම් වර්ධනයන් අඛණ්ඩව පවත්වා ගැනීම ශක්තිමත් ප්‍රාථමික අතිරික්තයන් සඳහා උපකාරී වනු ඇත. 2025 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 16.7% ක් සහ 2026 වසරේදී 16.6% ක් වූ රාජ්‍ය ආදායම, 2027 වසරේදී 15.8% ක් දක්වා මඳක් පහළ යනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. වාහන ආනයනය සඳහා පැවති දැඩි ඉල්ලුම හේතුවෙන් ආනයන බදු එකතු කිරීම්වලට ලැබුණු තාවකාලික තල්ලුව, ආනයන සාමාන්‍ය මට්ටමට පැමිණීමත් සමඟ අඩු වී යාම මෙම ආදායම් පහළ යාමට හේතු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, බදු පදනම පුළුල් කිරීමට සහ බදු අනුකූලතාව ඉහළ නැංවීමට ගන්නා උත්සාහයන් මගින් වඩාත් පුළුල් ආදායම් වර්ධනයකට සහාය ලැබෙමින් පවතී.

මෙම අයවැය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහන් පරාමිතීන් සමඟ බොහෝ දුරට අනුකූල වන අතර, එය ශ්‍රී ලංකාවේ විස්තීරණ ණය පහසුකමේ (EFF) හත්වන සමාලෝචනය සාර්ථක කර ගැනීමට සහාය වනු ඇත. වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන 2027 මාර්තු මාසයේදී අවසන් වීමට නියමිත අතර, ඉන් පසුව ඇති කර ගත හැකි නව වැඩපිළිවෙළක් පිළිබඳව ඇගයීම සඳහා රජය විසින් කමිටුවක් ද පත් කර තිබේ. එය ඉදිරි ප්‍රතිපත්ති ස්ථාවරත්වයට තවදුරටත් ශක්තියක් වනු ඇත.

ආදායම් වර්ධනයන් තහවුරු කර ගැනීමට සහ වියදම් පාලනය කර ගැනීමට ගන්නා අඛණ්ඩ උත්සාහයන්, තවදුරටත් ණය අඩු කිරීමට සහ ඉදිරි ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම්වල ගමන් මග තීරණය කිරීමට කේන්ද්‍රීය වනු ඇත. මධ්‍ය කාලීනව දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.0% ක ප්‍රාථමික අතිරික්තයක් පවත්වා ගැනීමට රජය අපේක්ෂා කරයි. රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත යටතේ ඇති 13% ක වියදම් සීමාව සපුරාලීම සඳහා දේශපාලනික වශයෙන් දුෂ්කර තීරණ ගැනීමට සිදුවනු ඇත. ඉහළ ආයෝජන වියදම් මගින් රටේ විභව ආර්ථික වර්ධන වේගය ඉහළ නැංවීමට (ෆිච් ආයතනය එය 4.2% ක් ලෙස පුරෝකථනය කරයි) සහ ස්ථාවර මූල්‍ය ප්‍රතිඵල ලබා ගැනීමට උපකාරී විය හැකිය. නමුත් එහි සාර්ථකත්වය රඳා පවතිනුයේ සැබෑ ප්‍රාග්ධන වියදම් සිදු කිරීම, ඵලදායී ලෙස ඉලක්කගත කිරීම සහ පුළුල් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය මත ය.

මෑත වසරවලදී සැලකිය යුතු මූල්‍ය ගැලපීම් සිදු කර තිබුණද, ශ්‍රී ලංකාවේ මූල්‍ය අවදානම් තවමත් ඉහළ මට්ටමක පවන ෆිච් රේටින්ස් අවධාරණය කරයි.

2022 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 115% ක් වූ රාජ්‍ය ණය ප්‍රමාණය 2026 වසරේදී 92% ක් පමණ දක්වා පහළ යනු ඇතැයි ෆිච් ආයතනය පුරෝකථනය කළද, එය ‘B’ ශ්‍රේණියේ රටවල මධ්‍යන්‍ය අගය වන 55% ට වඩා බෙහෙවින් ඉහළ අගයකි. එමෙන්ම, 2023 වසරේදී රාජ්‍ය ආදායමෙන් 80% කට ආසන්න වූ ණය පොලී ගෙවීම්, 2026 වසරේදී 41% ක් පමණ දක්වා අඩු වනු ඇතැයි අපේක්ෂා කළද, එය තවමත් ‘B’ ශ්‍රේණියේ රටවල මධ්‍යන්‍ය අගය වන 12.7% මෙන් තුන් ගුණයකටත් වඩා වැඩි අගයකි.

ණය තිරසාරභාවය සහතික කිරීමට සහ ණය ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් ඉදිරි දියුණුවක් ඇති කර ගැනීමට නම්, විශ්වසනීය මූල්‍ය ප්‍රතිපත්ති සහ ශක්තිමත් ප්‍රාථමික අතිරික්තයන් දිගු කාලයක් පුරා පවත්වා ගැනීම අතිශයින් තීරණාත්මක වනු ඇත.