LSN News › Sri Lanka

Business · Sri Lanka Bureau

නියෝජ්‍ය මුදල් ඇමැති අනිල් ජයන්තගෙන් රනිල්ට පිළිතුරු: "2028 ආර්ථිකය කඩාවැටෙන කතාව නොමඟ යවන සුළු එකක්"!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ශ්‍රී ලංකා ආර්ථිකය 2028 වනවිට බිඳවැටෙන ආකාරය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශය මුලුමනින්ම විකෘති කරන ලද දත්ත මත පදනම් වූ නොමඟ යවන සුළු එකක් බව නියෝජ්‍ය මුදල් ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රකාශ කළේය.

LSN Sri Lanka · 19 August 2026

නියෝජ්‍ය මුදල් ඇමැති අනිල් ජයන්තගෙන් රනිල්ට පිළිතුරු: "2028 ආර්ථිකය කඩාවැටෙන කතාව නොමඟ යවන සුළු එකක්"!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ශ්‍රී ලංකා ආර්ථිකය 2028 වනවිට බිඳවැටෙන ආකාරය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශය මුලුමනින්ම විකෘති කරන ලද දත්ත මත පදනම් වූ නොමඟ යවන සුළු එකක් බව නියෝජ්‍ය මුදල් ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රකාශ කළේය. හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට රජයේ පාර්ශ්වයෙන් කරුණු පැහැදිලි කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙම ඉදිරිපත් කිරීම් හරහා සිදුව ඇත්තේ කරුණු විකෘති කිරීමක් බවත්, දේශපාලන ප්‍රහාරයක් ලෙස ඕනෑම අයකුට විවේචන ඉදිරිපත් කළ හැකි වුවද, දත්ත විකෘති කරමින් ජනතාව නොමඟ යැවීම වැරදි බවත් නියෝජ්‍ය ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

විදේශීය සංචිත යනු ස්වාරක්ෂකයකි (Buffer)

රජය ආණ්ඩු බලය ලබාගත් මොහොතේ සිට ස්ථායිකරණය කරමින් නිසියාකාරව ඉදිරියට එන ගමන පිළිබඳ පැහැදිලි කළ ආචාර්ය අනිල් ජයන්ත, විදේශීය සංචිත යනු ණය ගෙවීමට පමණක් නොව ආනයනය ඇතුළු සමස්ත ආර්ථික ක්‍රියාවලිය පවත්වාගෙන යාමට ඇති ස්වාරක්ෂකයක් (Buffer) බව පැහැදිලි කළේය.

"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහන සකස් කරන අවස්ථාවේ පැවැති තත්ත්වය මත පුරෝකථන ගණනාවක් සිදුකළා. එහිදී කිසිදු වාහන ආනයනයක් සිදුනොවන බවටත්, ණය නොගෙවන තත්ත්වයක් පවතින බවටත් ගණනය කර තිබුණා. නමුත් අපේ රජය යටතේ වාහන ආනයනයට ඉඩකඩ ලබාදී, ණය ගෙවීම් ආරම්භ කර ඉදිරියට යන විට ඒ සංචිත පවත්වා ගතයුතු ප්‍රමාණවල යම් වෙනස්කම් සහ සංශෝධන IMF එක පවා සිදුකරනවා," යැයි නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය.

2024 අගභාගයේ ගත් තීරණ මත 2025 සිට මේ දක්වා ඩොලර් බිලියන 3.5 කට ආසන්න ප්‍රමාණයකට වාහන ආනයනය සඳහා ණයවර ලිපි (LC) විවෘත වී ඇති බවත්, වාහන ආනයනය නොකළේ නම් ජූනි මාසය අග වනවිට පැවැති ඩොලර් බිලියන 6.5 ක සංචිතයට තවත් ඩොලර් බිලියන 3.5 ක් එකතු වී අදාළ ඉලක්ක ඉක්මවා යන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

2026 දී ඩොලර් බිලියන 8 ක ඉලක්කයට

ගෙවුම් ශේෂයේ ප්‍රධාන කොටස වන ජංගම ගිණුමේ ඉදිරි මාස 6 ඇතුළත තවත් ඩොලර් මිලියන 900 ක අතිරික්තයක් එකතු කරගත හැකි වනු ඇතැයි පුරෝකථනය කර ඇති බව නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.

ඊට අමතරව:

සංවර්ධන හවුල්කරුවන් විසින් අයවැය මූල්‍යකරණය සඳහා ලබාදෙන ප්‍රතිපදාන, IMF දෙසැම්බර් වාරිකය (ඩොලර් මිලියන 350) ඇතුළුව ඩොලර් බිලියනයකට වැඩි ප්‍රමාණයක් ලැබීමට නියමිතය.

ආයෝජන මණ්ඩලය (BOI) සහ කොළඹ වරාය නගරය (Port City) ඔස්සේ ඉදිරි මාස 6 තුළ තවත් ඩොලර් බිලියනයක පමණ විදේශීය ආයෝජන ලැබීමට නියමිතය.

මේ අනුව 2026 වර්ෂයේදී ඩොලර් බිලියන 8 ක සංචිත ඉලක්කය ඉතා පහසුවෙන් ළඟා කරගත හැකි බවත්, 2027, 2028, 2029 සහ 2030 වසරවලදී ද අපනයන වර්ධනය ඇතුළු සාධක මත ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යන බවත් ඔහු අවධාරණය කළේය.

ශුද්ධ විදේශීය වත්කම් ධන අගයකට

වත්මන් රජය බලයට පත්වන විට සමස්ත බැංකු පද්ධතියේ ශුද්ධ විදේශීය වත්කම් තිබුණේ ඍණ අගයක බව මතක් කළ ආචාර්ය අනිල් ජයන්ත, ජූනි මාසය වනවිට බැංකු පද්ධතිය සතු ශුද්ධ විදේශීය වත්කම්වල රුපියල් වටිනාකම රුපියල් බිලියන 1265 ක් (ඩොලර් බිලියන 3.8 ක්) දක්වා ධන අගයකට ගෙන ඒමට හැකිවූ බව ප්‍රකාශ කළේය. S&P වැනි ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන හමුවේද ආයෝජකයන්ගේ සුරක්ෂිතභාවය තහවුරු වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

විපක්ෂයේ බියවැද්දීමේ උත්සාහය

වත්මන් රජය මහජනතාව වෙනුවෙන් දූරදර්ශීව සහ වංචා දූෂණවලට එරෙහිව කටයුතු කරන විට ජනතාව වේගයෙන් රජය වටා රොක්වන බවත්, ඒ හේතුවෙන් විපක්ෂයට දේශපාලනික වශයෙන් ජයග්‍රහණයක් ලැබීමට නොහැකි වීම නිසා මෙලෙස දේශීය ප්‍රජාව බියගැන්වීමට තාක්ෂණික දත්ත විකෘති කරමින් සිටින බවත් නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය.

මෙම විකෘති කරන ලද දත්ත ජාත්‍යන්තර ප්‍රජාව, S&P ආයතනය හෝ ආයෝජකයන් හමුවේ තැබුවහොත් ඔවුන් උසුළු විසුළු කරන බවත්, මෙය දේශීය ජනතාව නොමඟ යැවීම සඳහා පමණක් ඉතා සූක්ෂම ලෙස සිදුකරන ප්‍රචාරයක් බවත් පෙන්වා දුන් නියෝජ්‍ය ඇමැතිවරයා, කිසිදු ලෙසකින් අනියත බියක් ඇති කරගත යුතු නැති බවට සහතික විය.