LSN News › Sri Lanka

ක්‍රිකට් හයි පර්ෆෝමන්ස් සෙන්ටර් එක හොර ගුහාවක්! පුහුණුකරුවන්ගේ ජාවාරම් රැසක් එළියට!

ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ පුහුණුකරුවන්ට පෞද්ගලික පුහුණු පන්ති පැවැත්වීම දැඩි ලෙස තහනම් කර තිබියදීත්, ඔවුන්ගෙන් වැඩි පිරිසක් සති අන්ත දිනවල පෞද්ගලික ඇකඩමි පවත්වාගෙන යන බව වාර්තා වේ. නැතහොත් ගෘහස්ථ ක්‍රීඩාගාර වෙන් කරගනිමින් පැයට ඉහළ ගාස්තුවක් අය කරමින් පෞද්ගලික පුහුණු පන්ති පවත්වන බවද අනාවරණය වී තිබේ.

LSN Sri Lanka · 2 November 2026

ක්‍රිකට් හයි පර්ෆෝමන්ස් සෙන්ටර් එක හොර ගුහාවක්!  පුහුණුකරුවන්ගේ ජාවාරම් රැසක් එළියට!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අයත් ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානය (High Performance Centre) යනු අක්‍රමිකතා රැසක් සිදුවන ස්ථානයක් බවට පත්ව තිබුණද, ක්‍රිකට් පරිවර්තන කමිටුව මේ වන තෙක් ඒ පිළිබඳව කිසිදු අවධානයක් යොමු කර නොමැති බව වාර්තා වේ.

එම මධ්‍යස්ථානය වෙත දිනපතා පුහුණුවීම් සඳහා පැමිණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ උදෑසන සහ දහවල් ආහාර වෙනුවෙන් මාසිකව රුපියල් මිලියන ගණනක මුදලක් වැය කෙරේ. එහෙත් එම ආහාර ඇණවුම් කිරීමේදී කිසිදු විධිමත් ක්‍රමවේදයක් අනුගමනය නොකරන අතර, අවශ්‍යතාවට වඩා අධික ලෙස ආහාර ඇණවුම් කිරීම හේතුවෙන් දිනපතා විශාල ආහාර ප්‍රමාණයක් අපතේ යන බව අනාවරණය වේ.

මෙලෙස වැඩිපුර ඇණවුම් කර ඉතිරි වන ආහාර පාර්සල් එහි පුහුණුකරුවන් විසින් පරිභෝජනය කරන අතර, ඉතිරි පාර්සල් ඔවුන් සවස ගෙදර යන විට රැගෙන යාමට පුරුදුව සිටින බවද දැනගන්නට ඇත.

ඊට අමතරව, ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ පුහුණුකරුවන්ට පෞද්ගලික පුහුණු පන්ති පැවැත්වීම දැඩි ලෙස තහනම් කර තිබියදීත්, ඔවුන්ගෙන් වැඩි පිරිසක් සති අන්ත දිනවල පෞද්ගලික ඇකඩමි පවත්වාගෙන යන බව වාර්තා වේ. නැතහොත් ගෘහස්ථ ක්‍රීඩාගාර වෙන් කරගනිමින් පැයට ඉහළ ගාස්තුවක් අය කරමින් පෞද්ගලික පුහුණු පන්ති පවත්වන බවද අනාවරණය වී තිබේ.

මෙම අක්‍රමිකතා අතර, එම මධ්‍යස්ථානයේ සේවය කරන මාසිකව රුපියල් ලක්ෂ 19 ක වැඩිම වැටුපක් ලබන එක්තරා වේග පන්දු පුහුණුකරුවකු පසුගිය ඉරිදා දිනයේ ෆින්ගාරා ගෘහස්ථ ක්‍රීඩාගාරය මුළු දවස පුරාම වෙන් කරගනිමින් පෞද්ගලික පුහුණුවීම්වල නිරත වී ඇත.

මෙම සියලුම අයථා කටයුතු සිදුවන්නේ මධ්‍යස්ථානයේ ප්‍රධානීගේ පූර්ණ දැනුවත්භාවය මත බව වාර්තා වේ.

කෙසේ වෙතත්, ක්‍රිකට් පරිවර්තන කමිටුව මෙහි සිදුවන කිසිදු මූල්‍ය හෝ පාලන අක්‍රමිකතාවක් පිළිබඳව මෙතෙක් සොයා බැලීමට පියවර ගෙන නොමැති බව අනාවරණය වේ.