LSN News › Sri Lanka

ගෑස් සඟවන සහ වැඩි මිලට විකුණන නියෝජිතයන්ගේ නියෝජිතධුර අහෝසි කිරීමට ලිට්රෝ සමාගමෙන් දැඩි තීරණයක්!

උපදෙස් නොසලකා හරින හෝ උල්ලංඝනය කරන නියෝජිතයන්ට එරෙහිව තදින්ම නීතිය හා විනය ක්‍රියාමාර්ග ගන්නා අතර, අවශ්‍ය වුවහොත් ඔවුන්ගේ නියෝජිතභාවය පවා අහෝසි කිරීමට කටයුතු කරන බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම අවධාරණය කරයි.

LSN Sri Lanka · 2 November 2026

ගෑස් සඟවන සහ වැඩි මිලට විකුණන නියෝජිතයන්ගේ නියෝජිතධුර අහෝසි කිරීමට ලිට්රෝ සමාගමෙන් දැඩි තීරණයක්!

ගෑස් හිඟයක් නිර්මාණය කරමින් ගෑස් සඟවා තබා ගැනීම, අලෙවිය සීමා කිරීම හෝ නියමිත අනුමත සිල්ලර මිලට වඩා වැඩි මිලකට ගෑස් අලෙවි කරන වෙළෙඳුන්ට සහ ඒජන්තවරුන්ට එරෙහිව නියෝජිතධුර අහෝසි කිරීම ඇතුළු දැඩි විනය මාර්ග ගැනීමට කටයුතු කරන බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම නිවේදනය කරයි.

</p>

<p>

විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කරන්නේ, ගෑස් සඟවා තැබීමෙන් වැළකී සිටීම, අලෙවිය සීමා නොකිරීම, නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි නොකිරීම සහ අනවසරයෙන් අමතර ගාස්තු අය නොකිරීමට සියලුම ලිට්රෝ ගෑස් නියෝජිතයන්ට තදින්ම උපදෙස් දී ඇති බවය.

</p>

<p>

මෙම උපදෙස් නොසලකා හරින හෝ උල්ලංඝනය කරන නියෝජිතයන්ට එරෙහිව තදින්ම නීතිය හා විනය ක්‍රියාමාර්ග ගන්නා අතර, අවශ්‍ය වුවහොත් ඔවුන්ගේ නියෝජිතභාවය පවා අහෝසි කිරීමට කටයුතු කරන බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම අවධාරණය කරයි.

</p>

<p>

පාරිභෝගිකයන්ට අනුමත සිල්ලර මිල ගණන් යටතේ කිසිදු බාධාවකින් තොරව ලිට්රෝ ගෑස් ලබා ගැනීමට ඇති අයිතිය තහවුරු කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බව ද එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.